දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයින්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    කොවිඩ් -19 ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

    ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 706 දෙනා අතරින් අසාදිතයින් 277 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    කොළඹ දිස්ත්‍රික්කයට අයත් කඩුවෙල , මොරටුව, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුඳුවත්ත, පිටකොටුව, අවිස්සාවේල්ල, පිළියන්දල, නුගේගොඩ, හෝමාගම සහ වැල්ලවත්ත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 67,115 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

    ඊයේ දිනය වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 684 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,567 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

    කෙසේවෙතත් කොවිඩ් ආසාදිත 6,209 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

    මේ දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළගොස් තිබේ.

    ඊයේ වන ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


    කොළඹ - 277
    මහනුවර - 101
    ගම්පහ - 92
    බදුල්ල - 53
    කුරුණෑගල - 44
    කළුතර - 37
    ගාල්ල - 21
    පුත්තලම - 13
    රත්නපුර - 10
    අනුරාධපුරය - 10
    නුවරඑළිය - 10
    මාතලේ - 09
    මන්නාරම - 06
    හම්බන්තොට - 05
    කෑගල්ල - 04
    මොනරාගල - 04
    පොළොන්නරුව - 03
    මඩකලපුව - 02
    වවුනියාව - 02
    ත්‍රීකුණාමලය - 01
     
    • Like
    Reactions: NRTG