1.සෝමවංශව පැන්නුවෙ නෑ.එයා ගියා.පැන්නුව නම් ජේවීපී එක අදටත් පොරට වචනයක් නොකියන්නෙ ඇයි?
2.සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙ තියෙන්නෙ නම් එහෙම.ඔයා කියන එක තියෙන්නෙ කොහෙද?
3.වැඩ ඉවර කරේ මහින්දගෙ කාලෙ තමයි.කැබිනට් පේපර් එක දාල ලංකාවෙ සමාගම් හරහා වැඩ පටන් ගන්නෙ අනුර.මහින්ද කළා නම් දෙන්නෙ චීනෙට.
4.කිරි බෝතලයක් ගන්න ගාන නෙවෙයි කීවේ ගොවියන්ට බෝනස් එකක් දුන්නා ලාභ නිසා.අනුර යද්දි මිලියන 200ක fd එකකුත් තිබුනා.ඊට පස්සෙ අවුරුදු ගානක් පාඩු පිට දුවලා 2020 නම් ලාභ ලබල තියෙනව ස' යටතේ.
5.ඒක කරේ රතු තරුවයි වෘත්තිය සමිති ටිකයි එකතු වෙලා.චන්ද්‍රිකා කරපු මගුලක් නෑ.ගාල්ල බස්ටෑන්ඩ් එක හදන්න ලක්ෂ 41ක් ඇස්ටිමේට් කරා.රතු තරුව ඒක ලක්ෂ පහෙන් හැදුවා.
6.කෝටි දෙසීයක් භාණ්ඩාගාරෙන්.ඉතුරු ටික ජයිකා එකෙන්.ඕක ණයක්.ආයෙ ගෙවන්න ඕන.කෝටි
280න් කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකකට කෝටි 600ක් ණය ගන්න ඕනෙ ඇයි?
7.දහසක් මහවැව් ප්‍රොජෙක්ට් එක කරන්න ලැබුනෙ නෑ ආණ්ඩුවෙන් ගිය නිසා.මගක් කරල නවත්තපු නිසා වැව් සෑහෙන්න විනාශත් උනා.(ඔන්න කරනව නම් ඇත්ත විවේචනයක්)
8.අනුර කියල තියෙනව තමයි.ඒ ක්‍රමානුකූලව.ඒ වචනෙ හොඳට ඔලුවට දාගන්න."ක්‍රමානුකූලව".
ඒ කියන්නෙ එක පාරටම ආ ඊලඟ මහ කන්නෙ ඉඳන් අපි කාබනික පොහොරෙන් ගොවිතැන් කරනව කියන එක නෙවෙයි.ගෝඨාභයගෙ සෞභාග්‍යය දැක්මෙත් තියෙන්නෙ අවුරුදු දහයක් තුල ක්‍රමානුකූලව කාබනික පොහොර වලට යනව කියල.
9.ඔහොම හඬපටයක් නෑ.
මම මේ කියපුවා බොරු නම් පිලිගන්න පුලුවන් සෝසස් දාල බොරු බව ඔප්පු කරන්න.ඔප්පු කරොත් පිලිගන්නවා.