දීකිරි පොල් ගැන දන්නවාද?

osandaja

Member
Feb 11, 2008
360
324
0
දීකිරි පොල් ගැන දන්නවාද?

දීකිරි පොල් ගැන දන්නවාද?
************************
image.jpg

image.jpg

දීකිරි දීකිරි ගෙනාව දී කිරි, මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.” ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී නාට්යයේ එම ගීත ඛණ්ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගිතයත් ඉමිහිරිය.

දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනෙකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යැයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නා දී කිරි පිළිබඳවය.

කප්රුකක් සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස් ගණනක ඉතිහාසය දක්වාම දිව යන්නකි. ඉතිහාස ග්රන්ථ මෙන්ම පුරාවිද්යාත්මක සාධකද, ඒ සඳහා සාක්ෂි හෙළි කරයි.

ශ්රි ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්රදේශයෙන් බවටද, විශ්වාසයක් පවතී වැලිගම පිහිටි “පොල්වත්ත” නමින් හඳුන්වන ප්රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්යවහාර වන්නේ එකල පොල් පැල රෝපණය කරන ලද ප්රදේශයයි.

ඉතිහාසයේ සරදමකට මෙන් අද “වැලිගම පොල් කොළ කුණුවීමේ” රෝගය නිසා පොල් ගස් සිය දහස් ගණනින් විනාශ වී යාමට පටන් ගෙන ඇත්තේද, වැලිගමින්ය. දශකයකට ආසන්න කාලයක් තිස්සේම එම පොල් රෝගය දිවයින පුරා ක්රමයෙන් ව්යාප්තවන බව හඳුනා ගෙන ඇත.

පොල් පිළිබඳ ඉතිහාසය එසේ ගොඩ නැගෙද්දී “දීකිරි පොල්” පිළිබඳව එකම සහ පළමු සටහන ද, මේ අකරට එක්වන්නේ ද, වැලිගම දෙනිපිටිෙයන්ය. එමනිසා පොල් සඳහා සුවිශේෂි බිමක් ලෙස වැලිගම හඳුනාගත හැකිය.

දෙනිපිටිය වඩාත් ප්රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්රකට දෙනිපිටියටම දිකිරි හෙවත් දීකිරි පොල්වල ද, උපන් බිමයි. දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක් හඳුනා ගැනීමටද, හැකිවී නොමැත.

දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්ය පොල්ගෙඩියකට වඩා වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.

දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම්,ගල්කණ්ඩු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමටද, බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.

දෙනිපිටියේ පදිංචි එල්.පී. විජේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්ෂයෙකි. ඒ කාලාන්තරයක් තිස්සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්රකාශ කලේ මෙලෙසින්ය.

“පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක් පමණ කඩනවා. එම පොල් වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්ට උඩු අතට හැරෙනවා. ඒවගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්ටු කරන විට බරැති ගොරෝසු හඬක් එනවා. ඇතුලේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්රදේශෙය් පොල් වල්ලක දීකිරි පොල්ගෙඩි තුනක්වත් තියෙනවා.”

එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දිකිරි පොල්වල ස්වරූපයයි.

දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්රදේශයේද, එලෙස රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත.

සිංහලයින් ආගන්තුක සත්කාරයට ළැදියන් බව ප්රකාශ කලේ රොබට් නොක්ස්ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමීණිමට නොහැකිවීම ඊට හේතු වූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයින්ට පෙරනොවූ ආහාර කිසක අද්දැකීමක් ද, සමග දීකිරිවලින් සංග්රහ කිරීමටද, අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්යවූ සංග්රහයකි.

දෙනිපිටිය පැරණි වෙළඳ පලෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්ය පොල් අතර නොවෙති. සුවිශේෂී භාණ්ඩයක් මෙන් එය අලෙවියට තබා ඇත.

දීකිරි පොල්වල මිළ ඇසූ විටනම් කෙනෙකුට එලොව පොල් පොල් පෙනෙයි. රුපියල් 200කට ආසන්න මිලකට එම එක් ගෙඩියක් අලෙවි කරති.
දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්යවූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි.

අන්තර්ජාල උපුටාගැනීමකි
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,836
    1
    58,103
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දී
    ශ්රි ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්රදේශයෙන් බවටද, විශ්වාසයක් පවතී වැලිගම පිහිටි “පොල්වත්ත” නමින් හඳුන්වන ප්රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්යවහාර වන්නේ එකල පොල් පැල රෝපණය කරන ලද ප්රදේශයයි.

    දකුණෙ උන් කියන කෙප්ප
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ

    උඹ මේ විස්තර ටික කොහෙන් ද මචං ගත්තේ....
     
    blue_in_rio

    Well-known member
  • මචන්ලා ඔය සින්දුවෙි තියෙන දී කිරියි දෙනිපිටියේ පොල් වල තියෙන දී කිරි කියන්නේ දෙකක්....

    ඔව් බන්.ඒකේ දීකිරි කියන්නේ, එළකිරි මුදවපුවට.සාමාන්‍යයෙන් දී කිරි හොයාගන්න අමාරුයි.තියෙන්නේ මීහරකුන්ගේ කිරිවලින් මුදවපු, මී කිරිනේ.හොඳට බලපන් සිංදුවේ එක පද පේළියක් තියෙනවා "පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි" කියලා.මේ ලිපිය නම් හොඳ වැදගත් ලිපියක්.හැබැයි කරුණු විකෘති කරන එක නම් වැරදියි. :yes::yes: