දුක අහිමි වීම සහ සතුට හිමි කරගැනීම
මේ කියන්න හදන්නෙ ඔබට බොහෝවිට අත් විඳීමට සිදුව ඇති එහෙත් එයින්
ඔබේ ජීවිතය බිඳ වැටීමක් සිදු වූවා විනා එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි නොවූ සිදුවීමක් ගැනයි.
''මට හැම දේම නැති උනා මචන්, මට දැන් ඉඳලා වැඩක් නෑ
මං මොකටද බන් දැන් ජීවත් වෙන්නෙ"
ඉහතින් තියෙන්නෙ ඔබට අනිවාර්යයෙන්ම හොඳට හුරුපුරුදු වචන කිහිපයක්.
ඔබ හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඒ හිතපු විදිහට නොවීම නිසා
බොහෝ දෙනෙක්ගෙ මුවින් පිටවෙන්නේ ඔය වචන ටික තමයි.
මේ කියන දේ බොහෝ විට ඔබේ ජීවිතයට වගේම ඔබේ යාලුවෙකුගේ ජීවිතයක් ගොඩ දාන්නත් උපකාරි වෙයි.
අපි හිතමු දැන් මට කෙල්ල මට බූට් එක තියනවා
මගේ ගෙදරින් මාව එළවනවා
මම විභාගෙ අසමත් වෙනවා
ඔය හැම දේකින්ම කියවෙන්නෙ මට යම් යම් දේවල් නැති වෙලා.
ඔබ දුක් වෙනවා කියන්නෙ නැති උන දේ ගැන ඔබ තවමත් සිතනවා.
ඔබ සිතනවා කියන්නෙ නැති උන දේ නැවත නැවත සිතින් නැති කරගනිමින් දුක් වෙනවා.
ඔය හැමදේම අතරෙ අපිට සතුටු වෙන්න පුලුවන් කියලා කිවුවොත් ඔබ පුදුම වෙයි.
සැබැවින්ම ඔබ තුළ අති විශාල ශක්තියක් පිහිටනවා
ඒ ශක්තිය අති මහත් ශක්තියක්.
ඒ ශක්තිය වචනෙකින් කිවුවොත් "ස්වාධීන" බව කියන ශක්තියයි.
හරියටම අර නිවුටන්ගේ නියම වල කියවෙන භාහිර බල නැතිව නිශ්චලව පවතින වස්තුවක් වගේ.
නමුත් ඒ ශක්තිය ඔබ ටිකෙන් ටික ඔබ සමහර අය අතරේ බෙදනවා
ඔබ තුළ තියෙන ශක්තිය වටේ ඉන්න අයට දෙනවා.
පහත රූපයෙන් වඩාත් පැහැදිලි වේවි
දැන් ඔබට පේනවා නේද? ඔබ තුළ ඇති ශක්තිය දැන් සැබැවින්ම තියෙන්නෙ වෙනත් දේවල් මතයි.
ඒ කියන්නෙ ඔබ ඔබේ ශක්තිය එක එක්කේනාට දීලා.ඒ ශක්තිය ලබාගත්තු අය ඔබෙන් ඈත් උනොත්
ඔබ විශාල වශයෙන් කඩාගෙන වැටෙනවා.
දැන් ඔබම නේද වැඩේ වරද්ද ගත්තෙ?
ඔබේ ශක්තිය ඔබ වටේ ඉන්න අයට බෙදලා. ඊට පස්සෙ ඔබම දුක් වෙනවා.
ඒ කියන්නෙ ඔබ ඔබේ සල්ලි වෙන කෙනෙක් ළඟ තැන්පත් කරලා ඔබ ඒකට පොලියක් අරගන්නවා
වගේ වැඩක්. බැංකුව වහලා දැම්මොත් ඔබේ මුදල් ලැබීම හීන වෙනවා වගේම තැන්ලත් මුදලත් නැති
වෙනවා ඉතින් ඔබේ අවසානය එයයි.
හරි අපි දැන් ආයෙත් මුලට එමු
මට දැන් දෙයක් නැති වෙලා ඉන්නෙ. ඔබට පේනවා ඇතිනෙ මොන මොනවගේ දේවල් වලටද මගෙ
ශක්තිය දීලා තියෙන්නෙ කියලා. (මෙහි ඔබ කියන දේට ඔබේ ඇතුළාන්ත ආධ්‍යාත්මය මිසක් රූපය
අයත් වෙන්නෙ නෑ) හරි අපි හිතමු අපිට මුලින් කොම්පියුටරේ කැඩෙනවා. ඔන්න ඉතින් මුණු පොතත්
නෑ අන්තර්ජාලෙත් නෑ සිංදු අහන්නත් නෑ ගේම් ගහන්නත් නෑ දුකේ බෑ නේද?
ඔබ කොම්පියුටරේට ඔබේ ශක්තියෙන් දීලා තිබුණ කොටසත් අරන් එයා මාරු වෙලා.
දැන් වෙන එකක් ගේනකන් ඉවසිල්ලක් නෑ.
මම මෙහෙම හිතනවා
හරි මට නැති උනේ කොම්පියුටරේනෙ, මට අනිත් හැමදේම තියෙනවනෙ
කොටින්ම මට මගේ කෙල්ල ඉන්නවනෙ. ඒ ඇතිනෙ. එහෙම නැත්ත්න අම්මා ඉන්නවනෙ.
ඔය විදිහට ඔබ වටා තියෙන දේවල් වලට ඔබේ හිතේ තියෙන ආශාව එහෙමත් නැත්නම් බැඳීම
කුඩු කරලා විනාස කරලා දාන්න.
මට කොම්පියුටරේ තිබ්බා නම් හොඳයි. ගේම් එකක් ගහන්න පුලුවන්.
නැත්තන් ඒත් හොඳයි. මට වෙලාව ඉතුරු වෙනවානෙ පාඩම් කරන්න.
බලන්න කොච්චර සරලද.
මට කෙල්ල ඉන්නවා නම් හොඳයි. මගේ හැමදේටම හොඳ සහකරුවෙක් වෙයි.
නැත්නම් ඊටත් හොඳයි. දවසක මේ බැඳීම නැති වෙනවා. එදාට මට දුක්වෙන්න වෙනවා. කෙල්ල නැත්නම්
ඉතින් දැන් මට දුක් වෙන්න හේතුවකුත් නැති උනා.
ඔබෙන් ගිලිහෙන බැඳීමක් බැඳීමක් ගානෙ ඒ දෙයට දීලා තිබුණ ශක්තිය වහාම ඔබ තුළට ගන්න. ඒක අපතේ
යන්න දීලා ඔබ මානසිකව ඇද වැටෙන්න එපා. එවිට නැතිවෙන හැම දේකින්ම ඔබට ශක්තියක් ලැබේවී.
ඔබේ ජීවිතේ නැති වෙන හැම වෙලාවකම ඔබ දස ගුණයක් ශක්තිමත් වේවි.
අවසාන වශයෙන් අර සංකල්පය හොඳට හිතන්න
සැබැවින්ම ඔබට තනිව ඉන්න පුලුවන්ද?
බැහැ නේද? දහසකුත් එකක් දේවලට ඔබේ ශක්තිය පූජ කරලා.
ඔබ නිකන් අසරණ වෙනවා.
ඔබ දුක් වෙන්නෙ ඔබ නිසා නම් කමක් නෑ
නමුත් ඔබ සෑම විටම දුක් වෙන්නෙ ඔබට නැති උන භාහිර දෙයක් නිසයි.

යුතු කම් අමතක කරන්න එපා හොඳේ....

Good Post!