දුක හිතෙනවා....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    :(:(පොඩි කාලයක් වෙන්කරලා මේ කතාව කියවන්න, කියවලා හිතන දේ කියන්න...:(:(

    පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..

    ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස්සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?
    කොල්ල එලියට බැස්ස..පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක..කෙල්ලටම මැච් වෙනව..ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ..
    කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත.ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත.යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද.මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න..නෑනෙ..මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??
    කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ.කෙල්ලගෙ මූණ නම් රතු වෙලා.කොල්ල නම් ආතල් එකට හිනා වෙනව..වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින්.මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය.
    කොල්ල ගිහින් අයිස් ක්‍රීම් එකක් කෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව.පවුදෙකක් ගන්න සල්ලි නැතුව ඇති..පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව.

    ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.
    මුන්ට ලැජ්ජාවක් නැති හැටි,අම්මප..මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල.මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයංකොල්ලගෙ මූණ රතු උනා.කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව.කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව.කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව..දෙයියනේ, රෝද පුටුවක්..:O

    කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,

    මල්ලි මේ මගේ ගර්ල්,මෙයා ගොඩක් දුප්පත්.බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා.අපි හම්බ උනේ කැම්පස් එකේදි.එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුවඒයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට.ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව.මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව.ලබන මාසෙ අපි බඳිනව.පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලටමිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්,මට ඒව අදාල නෑ..අපි යනව මල්ලි
    මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා..
    -හරි,බුදු සරණයි අයියෙ
    මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව, කවුද වැරදි ?

    :(:(:(:(:(

    මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.....
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan lakawe hati thamai meh..dennekta para thote love karanne beri ai.adarei hemota horen karanna oney ai? hemotata denna deyak thamai adarei kiyanney.ara kolla thamangey kellwaney usan awe.wena ganiyek newei neh..ai munta owa uhala ganna beri.lankawe culture eka machan hedila thiyenney kawru monawath kiwwa irisaya gawagena.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    wedi denek enne sepa ganna nisa itin awankawa awa kenatath e widihata salakanawa. ekai oya wela tiyenne. gall face kochchara hoda couple 1 giyath . eliyata enakota balanne wapara ehin thama. wedi denek yanne walkamatane
     
    මොනවා උනත් දෙයක් හරියට නොදැන කියන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන... කෙනෙක් වල්කමට කරන දෙයක් වෙන්න පුළුවන් නැත්නම් බැරිකමකට අවංකව ආදරෙන් කරන දෙයක් වෙන්න පුළුවන්.. ඒ උනාට දකින දේ මේකයි කියලා එකහෙලාම තීරණය කරන්න නරකයි...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මටත් ඔහොම දෙයක් උනා බන්, ඒත් මට එයාව ලබා ගන්න බැරි උනා, දැන් එයාට ගෙදරින් එලියට වත් එන්න දෙන්නේ නැහැ, මම තවම එයා කතා කරනකන් බලන ඉන්නවා... ආබාදිතයි කියන දේ ආදරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මටත් ඔහොම දෙයක් උනා බන්, ඒත් මට එයාව ලබා ගන්න බැරි උනා, දැන් එයාට ගෙදරින් එලියට වත් එන්න දෙන්නේ නැහැ, මම තවම එයා කතා කරනකන් බලන ඉන්නවා... ආබාදිතයි කියන දේ ආදරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..
    අයියෝ යාළුවා.. ඇයි මොකද උනේ...??? :( අබාධිතකම කවදාවත් ආදරයකට ප්‍රශ්නයක් නෙමෙයි මොකද ආදරය තියෙන්නේ පුදගලයෙකුගේ බාහිර රුපයේ නෙමෙයි එයාගේ හදවතෙයි...:love::love: කාට හරි අබධිතකම ආදරයට ප්‍රශ්නයක් උනා නම් ඒක ආදරයක් නෙමෙයි...:no::no:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    අයියෝ යාළුවා.. ඇයි මොකද උනේ...??? :( අබාධිතකම කවදාවත් ආදරයකට ප්‍රශ්නයක් නෙමෙයි මොකද ආදරය තියෙන්නේ පුදගලයෙකුගේ බාහිර රුපයේ නෙමෙයි එයාගේ හදවතෙයි...:love::love: කාට හරි අබධිතකම ආදරයට ප්‍රශ්නයක් උනා නම් ඒක ආදරයක් නෙමෙයි...:no::no:

    ඒ කතාව විශ්වාස කරන එකක් නැහැ සහෝදරයා... :no: