දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්, මට ඔය දාල තියෙන track එකෙයි, මහරජ ගැමුණු theme music එකෙයි බැලූ බැල්මට සමානකමක් පේන්නේ නෑ... ඊට වඩා මම Games of Thrones එකේ සමානකමක් දකිනවා...

    Game of Thrones Title Theme Song




    "Sanda Paayanne" - Theme Song | Maharaja Gemunu(2015)




    ඒ මොනවා උනත් නදීක ගුරුගේ මේ නිර්මාණය වෙනුවෙන් දුන් දායකත්වය අති විශිෂ්ටයි... මං හිතන්නේ නෑ වෙන කෙනෙක් මේ වගේ ෆිල්ම් එකකට මීට වඩා හොද track එකක් කරයි කියල...


    අයියෝ බන් උබ Games of Thrones තීම් මහරජ ගැමුණු තීම් එක සමාන කරනවානම් එතනින් එහා උඒක්ක කථා කරලා වැඩක් නැ ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අයියෝ බන් උබ Games of Thrones තීම් මහරජ ගැමුණු තීම් එක සමාන කරනවානම් එතනින් එහා උඒක්ක කථා කරලා වැඩක් නැ ..

    හරි හරි බන්...මං උබ වගේ western music හදාරලා නෑ...මට ඒ දෙක ඇහෙද්දී දැනුන සමානකම ගැන කිව්වේ... punch වෙන විදිහයි instruments එක වගේ ගතියක් දැනෙනවා...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හෙළයෙක්;17901353 said:
    "මහත් වැර වෑයමෙන් එක්සත් කළ දකුණත් බෙදී තිබීමේ නිහඬ සතුටද මේ?
    මතක තබා ගන්න. මේ දැනෙන්නේ කිඹුලා ගොදුර වෙත පිහිනා යෑමේදී දැනෙන නිහඬකම බව. කොටියා ගොදුර වෙත පනින්නට පෙර බිහි කරන නිහඬකම බව. ආක්‍රමනිකයාගෙන් ණයට ගත ධෛර්යයෙන් තිස්ස මට අභියෝග කරනවා. එතැන්දී නිහඬ වන්නැයි
    ඔබ මට කියනවා.
    ...කුල දේවතාවෝ නිහඬයි! අමාත්‍යවරු නිහඬයි! "
    -මහරජ ගැමුණු චිත්‍රපටයේ ගැමුණු මහ රජු-

    කිව්වෙ අවුරුදු 2000කට කලින් නෙවෙයි වගේ බන් මේක කියවද්දි හිතෙන්නෙ.

    මේකනම් ඇත්ත මචන්.. මටත් බලද්දි හිතුන..

    ඉතිහාසය නැවත නැවත සිදුවෙනව
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ ගැමුණුට පණ දෙන චරිතය නිකන් රනිල් වික්‍රමසිංග මහතාගේ පෙනුමට සමානයි! ඒක හොඳඳ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,542
    113

    මේකනම් ඇත්ත මචන්.. මටත් බලද්දි හිතුන..

    ඉතිහාසය නැවත නැවත සිදුවෙනව
    දකුණ බෙදිල තියෙන කෑලී ගාන දැන් හොයන්න වෙන්නෙ අත්කාචයකින්. එච්චරට පොඩි කෑලි වලට කැඩිල. පක්ශවලට, ආගම්වලට, පාටට.. ආගම්වලත් නිකාය වලට.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ ගැමුණුට පණ දෙන චරිතය නිකන් රනිල් වික්‍රමසිංග මහතාගේ පෙනුමට සමානයි! ඒක හොඳඳ?

    උඹේ ඇස් බලවගනින්..
    උගෙ කිසිම ලොලු පාටක් තිබ්බෙ නෑ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -3
    යක්‍ෂ සංස්කෘතිය යටපත්කර බලයට පත් මෞර්ය සංස්කෘතිය ගැමුණු කුමරුට රජකම නො දුන්නේ ය.මහාවංශය ඒ බව යම්තාක් දුරකට සඟවයි. අප දන්නේ ගැමුණු තිස්ස සමග සටන්කළ බව පමණ ය. එහෙත් එසේ සටන් කළේ ඇයි දැයි අපට කිසිවකු කියන්නේ නැත. අපට තේරෙන පරිිදි නම් තිස්සට දුන් රජකම ආපසු ගැනීම සඳහා ගැමුණුට සටන් කිරීමට සිදුවිය. එහි දී විහාර මහා දේවිය පමණක් නොව දශමහා යෝධයන් ද හිත යටින් ගැමුණුගේ පැත්ත ගන්නට ඇත. සටනින් ගැමුණු ජයග්‍රහණය කළේ ය. තිස්සයා ඇඳ නැතැයි කී හාමුදුරුවෝ ඔහු තමන්වහන්සේගේ කරමත ඇති බව ගැමුණුට නිහඬ ව දැන්වූහ. විහාර මහා දේවිය භික්‍ෂූන් වහන්සේ කරමතින් මාළිගාවට පැමිණි තිස්සයා වැළඳගත්තේ උතුරා යන මව් සෙනෙහසිනි. වරදක් කළත් මවකට දරුවා දරුවකු මිස වරදකරුවකු නොවන බව ජයන්ත චන්ද්‍රසිරි නළු නිළියන් හැසිරවීමෙන් ද නදීක ගුරුගේ සංගීතයෙන් ද අපට කියා දෙයි. සිනමා කෘතියක් නැරඹීමේ දී හැඬිය නොයුතු යැයි පඬියෝ කියති. ඒ ඔවුන්ගේ ඊනියා වාස්තවිකත්වයට අනුව ය. එහෙත් සාමාන්‍ය මිනිස්සු චිත්‍රපටි නැරඹීමේ දී හඬති. හඬන්න බැරිනම් භාව ප්‍රකාශනයක් වූ සිනහව ද නරඹන්නට තහනම් විය යුතු ය. පඬියකු නොවූ ඉතාමත් සාමාන්‍ය මිනිසකු වූ මගේ නම් මුවගට සිනහවක් මෙන් ම නෙතගට කඳුලක් ද නැගෙයි.


    චිත්‍රපටිය ඉක්මවා මෙහි දේශපාලනය සැකෙවින් සාකච්ඡා කරමු. ගැමුණු තිස්ස සටන යක්‍ෂ සංස්කෘතිය හා මෞර්ය සංස්කෘතිය අතර වූ සටනකි. ඒ සටනින් යක්‍ෂ සංස්කෘතිය මෞර්ය සංස්කෘතිය අභිබවා තාවකාලික ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ගැමුණු සටනින් පසු රජකම සොරාගත් (පික් පොකට් ගැසූ -– අද මෙන් එදා ද බලය පික්පොකට් ගසන්නෝ, ගැටකපන්නෝ වූහ) සොහොයුරාට සමාව දුන්නේ ය. බෞද්ධයකු වූ කුවේණිය (වරිග පූර්ණිකාව කියවන්න) මුහදු කොල්ලකරුවකු වූ විජයට සමාව දුන්නේත් ඒ අයුරෙනි. ගැමුණු එළාරට ගෞරව කළේත් ඒ සංස්කෘතියෙහි පිහිටීමෙනි. ජයන්ත, චිත්‍රපටියෙන් පිළිබිඹු කරන්නේ ඒ සංස්කෘතියයි. ඒ යක්‍ෂයන්ගේ හෙළ බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. පේරාදෙණියේ කසිකබල් විචාරකයන් නොදැන සිටියාට ඒ හෙළ බෞද්ධ සංස්කෘතිය යි. අද සිංහල බෞද්ධ සංස්කෘතිය බවට විකාශය වී ඇත්තේ ඒ හෙළ බෞද්ධ සංස්කෘතිය ය.


    2009 දී නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු සතුරන් නොවූ දෙමළ ජනයාට සිය නෑසියන්ට මෙන් සැලකීමට රණවිරුවන් ක්‍රියා කළේ ගැමුණු අනුගමනය කිරීමෙනි. දෙමළ ජනයා නන්දිකඩාල් කලපුව තරණය කළේ ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගේ උපකාරයෙන් නොව පඬියන් විසින් හා බටහිර හා ඉන්දීය ගැති දේශපාලනඥයන් විසින් දුෂ්ට මහේන්ද්‍ර ලෙස හැඳින්වෙන මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකත්වය දැරූ හමුදාව විසිනි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයේ දී ජපනුන් පරාජයට පත්වීමෙන් පසු (පෙර නොව) අත්හදා බැලීම් සඳහා හිරොෂිමා නාගසාකි හි පරමාණු බෝම්බ පිපිරවූ ඇමරිකානුවන් මෙන් අපි ක්‍රියා නො කළෙමු. පඬියන් එළාර දවස ජීවත් වී නම් ගැමුණුට විරුද්ධව ජාත්‍යන්තර (කෞටිල්‍ය) පරීක්‍ෂණයක් ඉල්ලනු ඒකාන්ත ය. :yes::yes:


    ගැමුණුට යක්‍ෂ හා මෞර්ය සංස්කෘතීන් අතර ඇතිකළ හැකි වූයේ තාවකාලික සමනයක් පමණකි. ඔහුගේ මරණයත් සමග නැවත මෞර්ය සංස්කෘතිය බලය අත්පත් කරගත්තේ ය. රන්මැණිකාගේ පුත් සාලියට රජකම අහිමි විය. එහි දී වේළුසුමන කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයක පසුවන්නට ඇතැයි සිතෙයි. මේ සංස්කෘතික ගැටුම පෘතුගීසීන් මෙරට ආක්‍රමණය කරන තෙක් ම අඩුවැඩි වශයෙන් පැවතිණි. ලම්බකර්ණයෝ කවුරුහු ද? වසභ යනු කවු ද? සුභ හා යස ඒ ගැටුම කරළියට පැමිණි එක් අවස්ථාවකි. අද ඒ ගැටුම නැති වුවත් වෙනත් ගැටුමක් ඇත. අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ගැටුමකි. සුභ හා යස අද ද කොළඹ රඟ දැක්වෙයි. පඬියන් කරන්නේ යටත්විජිතවාදය වෙනුවෙන් මිස්ට එළාරට ස්තොත්‍ර ගයමින් සිිංහල බෞද්ධ සංස්කෘතියෙහි දුෂ්ට ගාමිණිට පරිභව කිරීම ය. එදා ගැමුණුට දුෂ්ට ගාමිණි නම පටබැඳි එළාරගේ පුරෝහිතයාගේ කාර්යභාරය අද පඬියෝ ඉටුකරති. චිත්‍රපටියෙහි පුරෝහිතයා දකින දකින වාරයක් වාරයක් පාසා මගේ සිහියට ආවේ විවිධ පඬියන් බව කීම වාස්තවික පඬියකු නොවූ මට ලජ්ජාවක් නො වේ.


    සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් ජවිපෙ තරුණයන් ද දෙමළ තරුණයන් ද පුනරුත්ථාපනය කෙරුණේ ගැමුණු අනුගමනය කිරීමෙනි. ඒ කොටස් දෙකම බටහිර සංස්කෘතීන් විසින් මෙහෙයවනු ලැබිණි. අද ජවිපෙ, අරලියගහ මන්දිරයේ කාමරයක සිර වී බටහිර යටත්විජිතවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ මාක්ස්වාදී ප්‍රභේදය වෙනුවෙන් පෙනී සිටියි. එහෙත් ඔවුන් අත අද අවි නැත. දෙමළ තරුණයන් කිනම් මතවාදයක් දැරුව ද එය මට ප්‍රශ්නයක් නො වේ. හෙළ බෞද්ධ සංස්කෘතිය උරුම කරගත් අපට මතවාද ප්‍රශ්න නො වේ. දැනුම් පද්ධතියක් නොවූ බුදුදහම සියළු දැනුම් පද්ධතින්ගෙන් වෙන් වෙයි. උපාලි ගෘහපතියාට නිඝන්ඨයන්ට කරන ගරු සැලකිලි දිගට ම කරගෙන යෑමට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. මතවාද සමග අප ගැටෙන්නේ ඒ බොරු හෝ පට්ටපල් බොරු වූ එ සියළු මතවාද, එක්කෝ අප නිවනෙන් ඈත්කරන බැවිනි. එසේත් නැත්නම් ලෞකික වශයෙන් අපේ ස්වෛරිභාවයට තර්ජනයක් වන බැවිනි. සෘජු දැනුම් වූ සියළු ප්‍රත්‍යක්‍ෂ බොරුවන අතර වක්‍ර දැනුම් වූ ප්‍රවාද, වියුක්ත සංකල්ප ආදිය පට්ටපල් බොරු හිතළු වෙයි. බටහිර විද්‍යාව ද හිතළු වූ වක්‍ර වියුක්ත දැනුම් පද්ධතියකි.


    අපට ප්‍රශ්නය වන්නේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ මෙහෙයවීමෙන් දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වය, සිංහල බුද්ධාගම මැඩීමට ඉදිරිපත් වන විට ය. එළාර අපේ ස්වෛරිභාවය නැති කළේ ය. අවුරුදු හතළිස් හතරක් ඔහු අනුරාධපුරයේ රජකළේ ඊනියා ධර්මිෂ්ට කතාවෙන් මහාවිහාරය අවනත කර ගැනීමෙනි. ඇතැම් සිංහලයෝ එදත් අදත් විජාතික සංස්කෘතීන්හි ගැත්තෝ වෙති. එළාරගේ පුරෝහිතයා එදා ගැමුණුට විරුද්ධව පව ප්‍රචාරය කළ අන්දමට අද පඬියෝ විවිධ පච කර්මාන්තවල නියැළී සිටිති. ඉංගිරිසින් විසින් පිහිටුවනු ලැබූ පාසල්වල හා විශ්වවවිද්‍යාලවල ඔවුන්ගේ අධ්‍යාපනය ලැබුවෝ ඒ සංස්කෘතිය විසින් නිර්මාණය කෙරුණු අනුකාරක වෘත්තීන්හි නියැලෙමින් යටත්විජිතවාදයට සේවය කරති. ඇතැම් විට ඔවුහු වෙස් මුහුණු පැළඳ සිටිති. මොවුන්ට අවශ්‍ය අපේ ස්වෛරිභාවය නැති කිරීමට ය. ඔවුහු එහි දී දෙමළ ජාතිවාදය ද යොදාගනිති. කාලෝ ෆොන්සේකාට හා ලියනගේ අමරකිර්තිට මා කළ ආරාධනය වෙනස් කරගැනීමට තරම් මම කුහකයෙක් නො වෙමි.


    ගැමුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මහරජ ගැමුණු ම විය. ඔහු අශෝක, අක්බාර් රජවරුන් සමග සංසන්දනය කරන විට ද මහා රජෙකි. ඔහු තම සංස්කෘතිය අනෙක් අය මත පැටවීමට ක්‍රියා නො කළේ ය. අශෝකට හා අක්බාර්ට ඒ චෝදනාවෙන් ගැළවිය නො හැකි ය. ඒ දෙදෙනාම කිනම් අර්ථයකින් හෝ ආක්‍රමණිකයෝ වුහ. අශෝක මෞර්ය ආක්‍රමණික පරම්පරාවකට අයත්ව තම විජිතය විශාල කරගත්තේ ය. අක්බාර් මූගල් ආක්‍රමණික පරම්පරාවෙන් පැවත තම විජිතය විශාල කරගත්ත් ය. විජිත ආක්‍රමණයෙහි යෙදුණු ඇලෙක්සැන්ඩර්ලා ගැන කතාකිරීමට තරම්වත් දෙයක නැත. එහෙත් ගැමුණු යුද්ධ කළේ යටත්විජිත සඳහා නොව ස්වෛරිභාවය සඳහා ය. සිංහලයන්ගේ ජාතිකත්වය, බටහිරයන්ගේ රෝම අධිරාජ්‍යයට හා පාප් වහන්සේගේ අධිරාජ්‍යයට එරෙහිව පැනනැගුණු බටහිර යුරෝපීය ජාතිකත්වයට වඩා අවුරුදු දහස් ගණනක් පැරණිය. එහෙත් ඒ කිසිවිටෙකත් අපි යටත්විජිත හඹා නො ගියෙමු. ඒ මහරජ ගැමුණු අපට ඉගැන්වූ දහම අනුව ය. එහෙත් අපේ ස්වෛරීභාවය අනතුරට ලක්වන විට අපි නවගුණ වැල පසෙකින් තැබුවෙමු.


    මහරජ ගැමුණු චිත්‍රපටිය විශිෂ්ට නිර්මාණයක් බව නොකියා සිටීම කුඩුකේඩු කමකි. ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපටි නිපදවන්නේ මෙරටට සාපේක්‍ෂව ඔහුගේ දෘෂ්ටි කෝණයකිනි. එය සම්‍යක් දෘෂ්ටියක් යැයි මා නොකියන්නේ සම්‍යක් යන්න නිවන් අවබෝධය සමග පමණක් යොදවන බැවිනි. අනෙක් බොහෝ චිත්‍රපටි අධ්‍යක්‍ෂවරු බටහිරට අවශ්‍ය අන්දමට චිත්‍රපටි නිපදවති. චිත්‍රපටි නිෂ්පාදකවරයාට ද අපේ ගෞරවය හිමිවෙයි. මා දන්නා විශ්වවිද්‍යාල ඇදුරෝ බහුතරය තරුණයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් එක්කෝ කිසිම රහක් නැත්තෝ ය. නැත්නම් අනුකාරක නිවටයෝ ය. එහෙත් මොහු එසේ නො වේ.


    මම සංගීතඥයෙක් නො වෙමි. එහෙත් නදීක ගුරුගේට භාව ප්‍රකාශනයට කදිම හුරුවක් ඇති බව සංගිත පුහුණුවක් නොලැබ ම වයසට ගිය මගේ කණට දැනෙයි.:yes::yes::yes: නළු නිළියෝ බොහොමයක් මගේ පරම්පරාවට අයත් නො වෙති.එහෙත් ගැමුණු, රන් මැණිකා, විහාර මහා දේවි, නන්දිමිත්‍ර, කෝඳුරුවා (පොඩි රෝ ඒජන්තයා), එළාර ආදීහු ඒ චරිතවලට සාධාරණයක් ඉටුකර ඇති බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙයි. මා දන්නා හඳුනන ජැක්සන් ඇන්තනිගේ විශිෂ්ට ම රංගනයක් මම චිත්‍රපටියෙන් දුටුවෙමි. මේ අවස්ථාවේ මට රෙබෙකා නිර්මලී මතක් වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දී අපි ජයන්තගේ වෙදහාමිනේ නාට්‍යය අගය කළෙමු. මගේ මතකය අනුව ජැක්සන් එකල කොළඹ ශිෂ්‍යයෙක් විය. ඇතැම් පඬියෝ ද ශිෂ්‍යයෝ වුහ. කාලය ගෙවී ගොස් ඇත. මා විශ්වවි්‍යාලයෙන් අස්කෙරි ද අවුරුදු විසිපහකට ආසන්න ය. ඒ කුමක් වුවත් ගැමුණු සිංහල ජාතිය තිබෙන තුරු අභාවයට නොයනු ඇත.


    සමස්තයක් ලෙස ගතහොත් මහරජ ගැමුණු මහ චිත්‍රපටියකි.

    නලින් ද සිල්වා

    2015 මාර්තු 01
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    gamunu.jpg
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    http://www.imdb.com/title/tt3471472/

    මම නම් vote කරා පුළුවන් අය දෙන්න කො බලන්න පොඩි සහයෝගයක්

    අපි ඉතින් රටින් පිටනෙ ඉන්නේ මචන්ලා! :(තාම බලන්න විදිහක් නෑ.:(
    ඒත් මම නෙට් එකෙ කොමෙන්ට්ස් කියවලා ඔන්න එකේ රේටින්ග් පාරක් දැම්මා
    :oo::dull::P
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මටත් ඔකේ මීයුසික් හොදටම හිතට ඇල්ලුවා ..මෙතරම් හොදට පන්ච් වෙන චිත්රපට පසුබිම් සංගීතය නිර්මාණය කිරීමට ලංකාව තුල හිටිය එකම සංගීතවේදීයා කේමදාස මාස්ටර් විතරයි...මට මුලදී නදීකගේ සංගීතය ගැනත් විශ්වාසය තිබුණ ...නමුත් මට මේ චිත්‍රපටියේ සංගීතය ගැන කොහේ හරි මතකයක් තිබුණ...කල්පනා කරද්දී මෙන්න අහුඋනා ...අපේ දැන් ඉන්න උන් කොහොමද මෙච්චර ප්‍රබල චිත්‍ර පට පසුබිම් සංගීතය නිර්මාණය කරන්නේ ...(බටහිර සංගීතය ගැන නොදන්නා උන්ගේ බොරු ටෝක් වලට උත්තර නොදෙමි)

    කොපිකරපු තැන empire earth game 2001



    :yes::yes::yes::yes:
    මොනවා වුනත් පොර ඒක හොද කොලිටි එකට කවර් (කොපි) එක කරලා තියෙනවා මචන්. ගුඩ් කවර්!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්, මට ඔය දාල තියෙන track එකෙයි, මහරජ ගැමුණු theme music එකෙයි බැලූ බැල්මට සමානකමක් පේන්නේ නෑ... ඊට වඩා මම Games of Thrones එකේ සමානකමක් දකිනවා...
    ඒ මොනවා උනත් නදීක ගුරුගේ මේ නිර්මාණය වෙනුවෙන් දුන් දායකත්වය අති විශිෂ්ටයි... මං හිතන්නේ නෑ වෙන කෙනෙක් මේ වගේ ෆිල්ම් එකකට මීට වඩා හොද track එකක් කරයි කියල...

    නෑ මචන් manulasj සහෝදරයා කියන කතාව ඇත්ත.:yes: මේක සම්පුර්නයෙන්ම empire earth game ට්‍රැක් එකේ කොපියක්. හැබැයි පොර ඒක නියමෙට කරලා තියෙනවා - ඒ ක්‍රෙඩිට් එක පොරට යන්න ඕනේ:D. හැබැයි නදීක වගේ කෙනෙක් ගෙන් මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නම් නෑ:rolleyes: - මම දන්නේ නෑ ෆිල්ම් එකේ මියුසික් ගැන. මම ෆිල්ම් එක බලල නැති නිසා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටයක් !! ජයන්ත චන්ද්‍රසිරි මහතාණනි ඔබට තව තවත් උසස් නිර්මාණ බිහි කිරීමට හැකි වේවා :D