ade patta katawa
samahara welawata mamat boru karayo wage pena higannonta nam denne na salli
ea unata ada idala kawuru ata pawat tiyena ganak denawa.. saadu saadu
Mamath ehemai..

ade patta katawa
samahara welawata mamat boru karayo wage pena higannonta nam denne na salli
ea unata ada idala kawuru ata pawat tiyena ganak denawa.. saadu saadu

යථාර්තය අවබෝධ කරගත් කොල්ලෙක්.
තමන් ලගට දෙයක් ඉල්ලගෙන එන කෙනෙක්ව
දෙන්න දෙයක් තියෙනවනම්
කිසිදාක හිස් අතින් යවන්නෙපා.

අංගුලිමාල;18415804 said:ඕනවට වැඩිය භක්තිය වැඩි උනහම අපරාධ කාරයෝ, කුඩු කාරයෝ, බොරු කාරයෝ, බේබද්දෝ ඔක්කොම ෆෝම් කරලා වෘත්තීය මට්ටමට පත් කරන මෝඩ මී හරකෙක් ගැන කතාවක් මේක බං.
මං නං තිබ්බා කියල හැම එකාටම දෙන්නෙත් නෑ. හිතට අනුකම්පාවක් දැනුනොත් දෙන්වා තියන ගාණක්.අංගුලිමාල;18415804 said:ඕනවට වැඩිය භක්තිය වැඩි උනහම අපරාධ කාරයෝ, කුඩු කාරයෝ, බොරු කාරයෝ, බේබද්දෝ ඔක්කොම ෆෝම් කරලා වෘත්තීය මට්ටමට පත් කරන මෝඩ මී හරකෙක් ගැන කතාවක් මේක බං.


අංගුලිමාල;18413039 said:කොළඹ ඉන්න තරමක් ඉන්නේ වංචා කාරයෝ තමයි බං. ඇත්තටම අසරණ මිනිහෙකුට ඉල්ලන්න දෙන්නේ නෑ.
ඔහොම මොකා ඉල්ලුවත් දෙන මී හරක් ඉන්නවා. උන් කරන්නේ වංචා කාරයින්ව තවත් දිරිමත් කරන එකයි. ආගම එකක්. මෝඩ කම තව එකක්.


කොතනදි ඔය තරුණයා ඔහොම දන් දෙන්නේ ලබන ආත්මේ ලැබෙයි කියල හිටං. ඒත් බුදුන් දේශනා කරලා තියෙන්නේ ශුද්ධාවෙන් දෙන්න කියලා නේද?? මං අදහස් කරේ යමක් බලාපොරොත්තු වෙන් කිසි දෙයක් දෙන්න එපා කියන එක. ඒක අනුමත කල නොහැක.මං නං තිබ්බා කියල හැම එකාටම දෙන්නෙත් නෑ. හිතට අනුකම්පාවක් දැනුනොත් දෙන්වා තියන ගාණක්.
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා !!
බුදුසරනයි ++
සුපිරියි මචං. සිරාම කතාව. මමත් කියන්නේ දන් දීලා රිටර්න් එකට මේවා මේවා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලයි. ඒකේ කුසලය අපිට අනිවාර්යයෙන් තියෙනවා පිහිටනවා. හරියට අර දේවාලෙකට කීයක් හරි දීලා යාතිකා කියනකොට නම පොඩ්ඩක් වැරදුනත් කලබල වෙන මිනිස්සු වගේ. දෙවියන්ටත් පගාවක් දීලා වැඩේ කරගන්න ටයිප් අය ඉන්නේ. මම නම් කියල තියෙනවා ඔය නම වරද්ද්ලා කිව්වම කලබල වෙන අයට පිං දෙද්දී අනිවාර්යයෙන් ID නම්බරෙත් දෙන්න කියලා. මොකද සම හරක් හිතන් ඉන්නේ නම වැරදිලා පින වෙන කෙනෙක්ගේ ඇඩ්රස් එකට යයි කියලා
බොහොම ස්තූතියි අපිත් එක්ක මේවගේ වැදගත් දෙයක් බෙදාහදාගත්තට
රෙප් ++
bump
ekenma..samahara purudu nathi karaganna wenawa matath..
bump
සහතික ඇත්ත. දෙන කෙනාගෙ චේතනාවයි වැදගත්. ගන්න කෙනා කරන දේ නෙවෙයි.
ඌ කියන එක ඇත්ත. ඒත් දෙන දේ යහපත් මනුස්සයෙක්ට දෙනවා නන් ඒකෙන් වෙන පින වැඩියි මන් හිතන්නේ. අනික කුඩු ගහන එකෙක් කියල හොඳටම ශුවර් නං ඌ අපි දෙන සල්ලි වලින් කුඩු ගහලා මොන මොන අපරාධ කරයිද කවුද දන්නේ?
Mamath ehemai..![]()
aniwaryen pin paw kese unath wena kenekta udawwak karana eka loku deyak
අඩෝ මම අර chamila කොඩිකාර ගෙ කතාවක් අහල හිගන්නොන්ට සල්ලි දෙන්නේ නැතුව හිටියේ... ආයෙත් දෙන්න පටන් ගන්න ඕනි...
a kolla hari... dan denne api laga thiyena deyak gena like1 nethi karala..dan dipu deyak gena aye hoyannath hoda na...![]()
කොතනදි ඔය තරුණයා ඔහොම දන් දෙන්නේ ලබන ආත්මේ ලැබෙයි කියල හිටං. ඒත් බුදුන් දේශනා කරලා තියෙන්නේ ශුද්ධාවෙන් දෙන්න කියලා නේද?? මං අදහස් කරේ යමක් බලාපොරොත්තු වෙන් කිසි දෙයක් දෙන්න එපා කියන එක. ඒක අනුමත කල නොහැක.මං නං තිබ්බා කියල හැම එකාටම දෙන්නෙත් නෑ. හිතට අනුකම්පාවක් දැනුනොත් දෙන්වා තියන ගාණක්.
bump
bump
ela kollek
උඹට ගොඩක් පින්
porage kathawa sampurna aththa ban, mama eka manussayekta ohoma welawaka oya kathawa kiyanna gihin, e manussaya mata kiyapi dan oya waradi wada karanna udaw karala oya lamayath paw purawagannawaludena dee kaata unath hitha sathuten denawa nam eka apita hamadama thiyenawa mama danne echcharai
ෂුවර් එකටම අපේ ශෙනික් මල්ලි වෙන්න ඕනේ මේ කියන තරුණයා..
බොහොම වැදගත් ලිපියක්..බෙදාගත්තට බොහෝම පිං..
godak wadagath lipiyak machan
same here...![]()
අපිට ඕවා ලැබෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑ...
ඒත් අපි දෙයක් දෙන්න ඕනි අවශ්‍යතාවය බලලා....
එහෙම කරන කුසලය අපිට ලැබුනත් එකයි නැතත් එකයි අපේ හිතට සැනසුමක් ලැබෙනවා අපි හරි දේ කලා කියලා.. මෙතන එක එක්කෙනාට හිතෙන විදිය සාපෙක්ෂයි...
හොඳට අත පය වැඩ කරන තරුන කොල්ලෙක්ට හිඟා කන්න ඕනි නෑ කියන එකයි මගේ පුෆ්හ්ගලික මතය පුද්ගලික...
හැබැයි එහෙම කියලා දෙන කෙනෙක්ට දෙන්න එපා කියලා අපිට කියන්න අයිතියක් නෑ..
Bump.. good post bro...![]()


ඔබ බෞද්ධයෙක්නම්:
බෝසතාණන් වහන්සේ සිවි ජාතකයේදි සිවි රජාතුමා ලෙස සිටියදී තමන්ගේ ඇස් දෙකම දන් දුන්නේ වැහැරී ගිය දුර්වල මහළු හිඟන්නකුට. බෝසතාණන් වහන්සේ "මේ හිඟන්නා ආවේ කොහෙන්ද?" "මොහු මාව අන්ධ කර මාව රජකමින් පහ කිරීමෙ අරමුණකින් ඇස් ඉල්ලයිද?" "මොහු මාගෙ ඇස් වලින් පෙනීම රැගෙන හොරකම් මිනී මැරුම් කරයිද" ආදී ප්‍රශ්ණ සිතුවේ නෑ.
උඹ බෞද්ධයෙක් නෙවෙයිනම් හෝ කර්මය පුනර්භවය ගැන විශ්වාසයක් නැති නමට බෞද්ධයෙක්නම් හෝ:
ඕනෙ මගුලක් කරගනින්.
කැමති අයට බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පිරූ හැටි දැනගන්න සිවි ජාතකය මෙන්න:
යටගිය දවස සිවිරට අරිට්ඨපුර නුවර සිවි නම් රජකෙනෙක් සිවිනම් රජ කෙනෙක් දසරාජ ධර්මයන් කොට දැහැමෙන් රජ කරන්නේය. සතර වාසල් දොර දවසට සාර ලක්ෂයක් වියදම් කොට මහා දන් පවත් වන්නේය. පෝය දිනවල තමා අතින්ම දන් දෙන්නේය. දිනක් සිංහාසනයෙහි හිඳ තමා දුන් දන් ගැන සිතන්නේ බාහිර වස්තුවෙන් නුදුන් දෙයක් නැත. නමුත් මා සිත නොපිරුණේය. අධ්‍යාත්මික දානයක් දෙන පරිද්දෙන් අද මා දන්හලට යන වේලෙහි මුතු මැණික් ආදාය නොයිල්වා මාගේ ශරීරයෙන් කිසි අවයවයක් ඉල්ලුයේවිනම් රාජාභිෂේකයට වඩා එම උතුම් කොට සිතමි. යමෙක් මාගේ හෘදය මාංශය ඉල්ලුයේ වීනම් කඩුවකින් ලය පලා පියුමක් උදුරා ගන්නා මෙන් ලේ බිඳු වගුරව වගුරවා හෘදය මාංශය දන් දෙමි. මස් ඉල් වී නම් මස් දන් දෙමි. ලේ ඉල්වී නම් භාජන පුරා ලේ දන්දෙමි. යමෙක් හදවත ඉල්ලීනම් එය ගලවා දෙමි. මට මෙහෙ කරවයි කීයේ වි නම් මෙහෙ කරමි. ඇස් ඉල්ලුයේ වී නම් ඇස් උපුටා දන්දෙමියි. මෙසේ කල්පනා කොට සුවඳ පැන් නා රාජාභරණයෙන් සැරසී භොජන අනුභව කොට ඇතුපිට නැගී සිව් රඟ සෙනඟ පිරිවරා නික්මුණේය. එකෙණෙහි සක්දෙවිඳු රජතුමාගේ අදහස් දැන මුන්ගේ සිත පරීක්ෂා කරමියි සිතා ජරා දුර්වල වූ අන්ධ බමුණු වෙසක් ගෙන දන්හලට යන මග රජුන්ට අභිමුඛව සිට ජයතු භවං මහාරාජ යි යනාදීන් ආශිර්වාද කොට සිටියේය. රජතුමා එහි නතර වී බමුණ, තට කුමක් අවශ්‍යදැයි විචාළේය. මහරජ මට දැන් වස්තුවකින් කම් නැත. මම ඉතා දුර සිට ඔබගේ ශ්‍රද්ධා මහිමය දැන ඇස් ඉල්වා ආමි. මට ඇස් දෙකම නැත. තොපට ඇස් දෙකම ඇත. එබැවින් මට එකක් දුන මැනවයි කීයේය. එවිට රජතුමා ඉතා සතුටට පත්ව මගේ අදහස මුදුන් පැමිණියේ මැයි සිතා බමුණ තා යම් කාර්යයක් නිසා මෙහි පැමිණියෙහිද ඒ සියල්ල සමුර්ධ වෙයි. මාගේ ඇස් දන් හැරගනුව, එක ඇසක් ඉල්ලුවාලූ තොපට ඇස් දෙකම දන් දෙමි තොපි එය ලබා ගෙන පෙනීමේ ශක්තියෙන් තවත් කැමති දෙයක් ලබා ගෙන යවයි කීයේය. රජතුමා අන්ධ බමුණා කැටුව රජමාලිගයට ගොස් සිංහාසනයෙහි ඉඳුවා සීවක නම් වෙදා කැඳවා භවත, මේ ඇස් දෙක උපුටා දෙවයි කීයේය. එවිගස අපේ රජතුමා ඇස් උපුටා බමුණෙකුට දන් දෙතියි සියළු නුවර ඒක කෝලහල විය. ඉක්බිති සෙනෙවිරත් රජ, යුව රජ, ඇමතියෝ රජ්ජුරුවන් ළගට පැමිණ දේවයන් වහන්ස, ඔබ වහන්සේ අපරික්ෂාකාරී කෙනෙක එක යාචකයෙක් නිසා මෙතරම් අපරාධයක් කරන්නේ කුමක් හෙයින්ද? ආයුෂ පතා ඇස් දන් දෙන්නාහුද? තරුණභාවය නොනැසි වර්ණ සමුර්ධව පවත්නා පරිද්දෙන් ඇස් දන් දෙන්නාහුදැයි විචාළාහුය.
ඇමතියෙනි, යසස් නසා හෝ වස්තුව පතා ඇස් දන් නොදෙමි. පංච මහා පරිත්‍යාගය නොකොට බුදු වූ කෙනෙක් නැත. එබැවින් සමත්‍රිංසත් පාරමී ධර්ම සම්පූර්ණ කොට බුදු වූ සියළු සතුන් භව සාගරයෙන් ගොඩ නගනු පිණිස දෙන දනකි මේ, මගේ මේ ඇසටත් වඩා සර්වඥතා ඥාන නැමති ඇසම ප්‍රිය හෙයින් එය පතා දෙමියි කීයේය. මෙබස් අසා ඇමතියන්ට කියන්ට නොවැටහි සිටි කල්හි සීවක නම් වෙදහු කැඳවා තොප වෙදකමෙහි සමර්ථයහ. මට ඉතා මිත්‍රව සිටින්නෙහිය. මට කීකරුව තල් ලොඳක් උපුටා ගන්නා කලක් මෙන් මාගේ ඇස් දෙක තියුණු වූ සතින් උපුටා මේ බමුණට දෙවයි කීයේය. මහරජතුමනි ඇස් දන්දීම ඇස් දන්දිම ඉතා උගහටය. එබැවින් පරීක්ෂාකර දුන මැනවයි දැන්වීය. සීවකය, බොහෝ දොඩා මා වෙහෙසට පත් නොකොට වහා ඇස උපුටවයි කීයේය. එවිට වෙදතෙම බොහෝ බෙහෙත් එක්කොට නිලුපුලෙක්හි ගල්වා දකුණුනාසයට එලුයේය. එකෙනෙහි ඇස්බැම වැටී නහර වැලෙහි එල්ලී සිටියේය. ඇස් දෙකෙහි අධික වේදනා උපන්නේ ය. ලේ දහරින් සළු තෙමුණේය. රජ පිරිස මහ ජනයා සමඟ රජු පාමුල ඇද වැටී හැඬූහ. වෙදතෙම වමතින් ඇස අල්ලා දකුණතින් සැතගෙන නහරය කපා රජ්ජුරුවන්ගේ අතෙහි තැබීය. රජතුමා තවමත් එල්ලෙමින් තිබෙන ඇසින් ඒ ඇස බලා බමුණා කැඳවා බුදුබවම ලැබේවායි පතා එය බමුණාට දුන්නේය. එතෙමේත් බොහෝ දෙනා බලා සිටියදී තමා ඇස් වලෙහි එය ඔබා ගත්තේ එකානෙහිම පෙනීමේ ශක්තිය ලද්දේය. රජතුමා ඉතා සතුටට පත්ව අනිත් ඇසත් ගලවා දුන්නේය. මහළු බමුණා එයද තම ඇස් මත්තේ තබා ප්‍රකෘතිමත් කොට ඉන් නික්ම ටික දුරක් ගොස් අන්තර්ධාන වී ගියේය. රජ්ජුරුවන්ගේ ඇසවල මස් පිරී කීප දිනකින් වේදනාව පහව ගියේය. ඉක්බිති රජතුමා අන්ධ වූ මට මේ රාජ්‍යයෙන් කම් කිම්ද තපසට යමියි සිතා ඇමතියන් කැඳවා තමාට කනවැල ඇල්ලීම සඳහා එකකු ඉල්ලාගෙන තපසට නික්මුණේය. අමාත්‍යයෝ රජතුමා සිව් ගෙයකින් ගෙනගොස් පොකුණු තෙර හිඳවා රැකවල් ලවා පැමිණියහ. අන්ධ වූ සිවි රජතුමා පලක් බැඳ හිඳ තමාගේ දානය සිහිකෙළේය. එකෙනෙහි එහි පැමිණි සක්දෙව් රජතුමා තමා සක්‍රයා බැව් හඟවා රජතුමනි කැමති වරයක් ගනුවයි කීය.
සක්රයෙනි, ඇස් අන්ධ හෙයින් මරණය කැමැත්තෙමි.
රජතුමනි, දානය පරලොව පමණක් නොව මෙලොවත් විපාක දෙන්නේය.
සක්රයෙනි, තෙපි මට ඇස් දෙනු කැමැත්තෙහි නම් අනිත් උපමාවකින් කම් නැත. මගේ දානානුභාවයෙන් ඇස් පහළ වෙතොත් යහපති.
රජතුමනි, සක්රයායි කියා අනුන් ඇස් දිය නොහැක්ක. දුන් දනෙහි පලයෙන් ඇස් ලබව.
මෙබස් අසා රජතුමා සත්‍යක්‍රියා කරන්නාහු මාගේ දානය ඉතා සපලය. මම සෑම කෙනෙකුටම ඉල්ලූ ඕනෑම වස්තුවක් අහිතක් නොසිතා පරිත්‍යාග කෙලෙමි. මේ සත්‍ය වශයෙන් මට ඇස් පහළ වේවයි කීයේය. මොහොතකින් පලමු ඇස පහල වූයේය. ඉක්බිති රජතෙම අන්ධ බ්‍රාහමණයා පැමිණ ඇස් ඉල්ලූ විට එය දන් දී සොම්නසින්ම කල් ගෙවීද, ඒ සත්‍යයෙන් දෙවෙනි ඇසත් පහළ වේවයි කීයේය. එවිට දෙවන ඇසත් පහල විය. ඒ පහල වූයේ කලින් තිබුණ ප්‍රකෘති ඇස් නොව දිව ඇස් ය. ඇස් පහළවීම හා රජ පිරිස අවුත් පිරිවරා ගත්හ. සක්රදේවේනද්ර තෙම මහ ජනයා මැද රජ්ජුරුවන්ට ස්තුති කරනුයේ හැමට වැඩ සිද්ධ කර දෙන සිවි රජ්ජුරුවෙනි, තොපගේ සත්‍යය වචනය හේතු කොටගෙන යොදුන් සියයක් ඈත දේ ළඟ මෙන් දැක ගැනීමේ ශක්තිය ඇති දිවැස් ලද්දේයයි ස්තුති කොට මතුද කුසලයන්ගේ ඇලෙවයි අවවාද දී දෙව්ලොවට ගියේය. රජ්ජුරුවන්ට නැවත ඇස්ලත් නියාව මුළු රට පතල විය. මුළු රටවාසීහු පුද පඬුරු ගෙන රජතුමාව දක්නට ආ වේලේ ඔවුන් අමතා දන්දීමේ අනුසස් පෙන්වා ගමා ලත් දිවැස් සාධක කොට අවවාද කොට දැහැමින් රජය කොට මියගොස් දෙව්ලොව උපන්හ.
එසමයෙහි සීවක වෙදතුමා දැන් ආනන්ද ස්ථවිරයෝය. ශක්‍රව උපන්නේ අනුරුද්ධ තෙරුන් ය. සිවි රජ්ජුරුවෝ නම් බුදුරජානන් වහන්සේ ය



