දුම්රියටත් BOX SEAT
දුම්රියකුටි සඳහා ප්රථම වතාවට ආවරණය කරන ලද ආසන (Box Seat) හදුන්වාදීමට නියමිත බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම සේවාව අධි සුඛෝපභොගී දුම්රියන් සඳහා පමණක් සීමාවන අතර ආවරණය කරන ලද ආසන සහිත පළමු දුම්රිය සැප්තැම්බර් මස 20 වන දින පෙරවරු 6.55 කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.
දැනට මෙම ආසන සඳහා නියමිත ප්රවේශපත්ර වල මිල කොළඹ සිට මාතර දක්වා රු 1000 ක් ද කොළඹ සිට ගාල්ල දක්නා රු 800 ක්ද වේ.
- asianmirror . lk








