දුම්රියට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දුම්රියට අසුවූ කොළුවා



AD3423.jpg


මේ සිද්ධිය සිදු වූයේ 1998 වසරේදී මැද භාගයේදීය​. එදින සඳුදාවකි. වේලාව උදෑසන 11.30 ට පමණය. මම මීගමුව රෝහලේ ශල්‍යාගාරයේ සීසර් ශල්‍යකර්මයක් කරමින් සිටියෙමි. හදිසියෙන්ම ශල්‍යාගාරයේ කොළ පැහති දොරෙන් හිස ඇතුලට දැමූ මා මිත්‍ර වෛද්‍ය ලිලිත් ලියනගේ " රුවන් හදිසි කේස් එකක් තියනවා තියටර් එක ගන්න පුලුවන් ද ? කියා ඇසුවේය​. ඒ සමගම ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතාද තමන් ගේ විශාල තට්ට හිස ශල්‍යාගාරයේ දොරෙන් ඇතුලට දමා මා දෙස බලා දෙනෙත් වලින් ඉල්ලීමක් කලේය​.


ලිලිත් ලියනගේ ජේෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිලධාරීය​. ඔහු මා සමග අතිශයින්ම මිත්‍රය​. එහෙත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා මා සමග එතරම් බජනයක් නැත​. හේතුව ඔහු ශල්‍යකර්ම කරන විට මම හදිසි සීසර් ගෙනවිත් ඔපරේෂන් කාමරය ඉල්ලීම නිසාය​. මෙලෙස ඔපරේෂන් කාමරය ඔහු ගෙන් ඉල්ලන විට ඔහු මුණු මුණු ගා මට දොස් කියයි. මේ නිසා මා බොහෝ විට ඔපරේෂන් කාමරය ඉල්ලන්නේ ශල්‍යාගාරයේ සිස්ටර් හරහාය​. සිස්ටර් සීසර් එකක් තියනවා සර්ජන් සර්ට කියන්න මම සෙමන් ඇයට කියමි. එවිට හෙද සොහොයුරිය ශල්‍යාගාරය තුලට ගොස් සර් එස්.එච්.ඕ සීසර් එකක් තියනවා කියනවා කියන්නීය​. එවිට හිස ඔසවා හෙද සොහොයුරිය දෙස බලන බදුර්දීන් මහතා මුණු මුණුවෙන් මට බැනීම අරඹයි.


" අඩෝ අද උඹට සර්ජන් දෙහි ගෝනියක් කැපුවා " එතැන සිටින ඇනස්තටිස්ට් වූ වෛද්‍ය එච්. ජී සුභසිංහ පවසයි. " ඉතින් ඔය ලෙඩ්ඩු මම ගෙදරින් අරගෙන ආපු අයද ? මමද නෝක්කඩු කියන්නෙමි.


ලිලිත් සමග විශේෂඥ වෛද්‍ය බදුර්දීන් මහතාද ආවෙන් කේස් එක සීරියස් බව මා වටහා ගත්තෙමි. ඒ නිසා මම සීසර් ශල්‍යකර්මය ඉක්මනින් නිම කිරීමට පියවර ගත්තෙමි.


සීසර් ශල්‍යකර්මයට බඳුන් කල මව ශල්‍යාගාරයෙන් ගෙන ගිය වහාම ලිලිත් සහ සිරිවර්ධන ඔවුන් ගේ කේස් එක ගෙන ආවෝය​. සිරිවර්ධනද ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකි. ඔවුන් සමග බදුර්දීන් මහතාද ආවේය​.


ඔවුන් ගේ කේස් එක බරපතල එකකි. දුම්රියට අසුවූ පාසල් සිසුවෙකි. ඔහුගේ වයස අවුරුදු දහසයක් හෝ දහ හතක් විය හැක​. හොඳට වැඩුණු කොල්ලෙකි. කොල්ලාගේ දෙපා දණිස් වලට උඩින් වෙන් වී තිබේ. දකුණු අතේ වැළමිටට උඩින් කැපී වෙන්වී ඇත​. සුදු පාසල් ඇඳුම ලේ වලින් තෙත් වී තිබේ. ඔහු ඉතා අසරණ ලීලාවෙන් දෙනෙත් ඇර " වතුර ටිකක් " කීවේය​.


නිර්වින්දන වෛද්‍ය නිලධාරී සමන් නානායක්කාර වහ වහා රෝගියාව නිර්වින්දනය කිරීම සඳහා ටියුබ් එක සූදානම් කලේය​. ඒ සමයේ ඔහු නිර්වින්දන විෂය පුහුණු වෙන්නෙකි. ඔහුගේ උපදේශක නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පල්ලෙවත්ත මහත්මියද ඒ සඳහා සහාය වූවාය​.


මේ අතරවාරයේ මම හෙදියකගෙන් කේස් එක ගැන විමසුවෙමි. මොහු මීගමුව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි. ඔහු අනෙකුත් ළමුන් සමග කෝච්චියේ ෆුට් බෝඩ් යද්දී රේල් පාර අද්දර තිබූ පුවරුවක වැදී රේල් පාරට වැටී තිබේ. ඒ සැනකින් ඔහුගේ දෙපා මෙන්ම දකුණු අත රෝද වලට යටවී කැපී වෙන්වී ගියේය​.


ඇත්ත වශයෙන්ම මෙය ඉතා දුක්මුසු සිදුවීමකි. කොල්ලා මොහොතකින් අබ්බගාතයෙකු විය​. ඔහු නිර්වින්දනයට ලක්ව ශල්‍ය මේසය උඩ වැතිරී සිටියි. කෝච්චියේ යකඩ රෝද වලට තැලී කැපී වෙන්වූ ඔහුගේ දෙපා වෛද්‍ය බදුර්දීන් සහ ලිලිත් ලේ වහනය නවත්වමින් මසති. සිරිවර්ධන මසන්නේ ඔහුගේ කැපී වෙන්වුනු දකුණු අතය​.


ශල්‍යාගාරය කඩි ගුලක් සේ කඩිසරය​. වෛද්‍යවරු හෙදියෝ ඒ මේ අත දිව යමින් රෝගී සත්කාරය කරති. මේ දුක්මුසු සිදුවීම අතර නොගැලපෙන හාස්‍ය ජනක සිද්ධියක්ද විය​. මා එය සඳහන් කරන්නේ ජීවිතය යනු කෙතරම් අභූතරූපී එකක්ද කියා පෙන්වා දීමටය​.


රෝගියා ගේ හෘධ ක්‍රියාකාරීත්වය බැලීම සඳහා විශේෂඥ නිර්වින්දන නිලධාරිනී පල්ලෙවත්ත මහත්මිය ඊසීජී යන්ත්‍රයේ දිගු වයර් ඇද ඒවා රෝගියාගේ පපුව මත සවි කිරීමට උත්සහ කලාය​. මෙම වයර් ශල්‍යාගාරයේ හෙදියක වූ ලතා මිස් ගේ ගවුමේ පැටලී ගවුම උඩට ඉස්සෙන්නට විය​. ඒ සමග ලතා මිස් තම අතේ තිබූ ශල්‍ය උපකරණ බිම දමා දෑතින්ම ගවුම අල්ලාගත්තාය​. ශල්‍ය උපකරණ බිම වැටුණු ශබ්දයට සියළු දෙනාගේ අවධානය යොමු අයුරු මම දුටුවෙමි.


කොල්ලාගේ හෘධය ස්පන්ධනය වන්නේ දුර්වලවය​. සමන් රෝගියාට තවත් බෙහෙතක් එන්නත් කලේය​. ඒ අතරවාරයේ ශල්‍ය කණ්ඩායමට උදව් කරනු වස් මම බෝල මාලා මිස් ගෙන් ශල්‍ය උපකරණ ඉල්ලාගෙන කොල්ලාගේ නලලේ තිබූ තුවාල මැසුවෙමි.


ඔහුගේ නලලේ ගැඹුරු කැපුම් තුවාලයකි. ඉන් ලේ සමග මස්තිෂ්ක ශ්‍රාවයන්ද ආවේය​. කොල්ලාගේ තත්වය අති අවදානම් බව මම තුවාලයට අත ගැසූ සැනින් වටහා ගත්තෙමි. මේ තුවාලය ඇති වූයේ කෙසේද​? සමහරක් විට ෆුට් බෝඩ් එකේ උද්දාමයෙන් හිස එලියට දමා යන විට ඔළුව පුවරුවක වදින්නට ඇත​. ඒ නිසා සමබරතාව ගිලිහී ඔහු ඇද වැටෙන්නට ඇත​. නව යොවුන් වියේ තිබෙන දාංගලය අවසන් වූයේ ඛේදවාචකයකිනි. දැන් මොහුට ජීවිත කාලය පුරා අබ්බගාතයෙකු ලෙස ජීවත්වීමට සිදු වනු ඇත​.


මට අප පාසල් සිසුන්ව සිටි කාලයේ කල අවදානම් වැඩ සිහිපත් විය​. ඒ කාලයේ මරදාන දුම්‍රිය පළට විත් වැල්ලවත්ත දක්වා ආනන්දේ කොල්ලන් සමග කෝච්චියේ ෆුට් බෝඩ් ගිය අයුරු මට සිහිපත් විය​. වරක් මම උදිත පලිසේන සමග වනවාසල සිට පුංචි කෝච්චියේ නාරාහේන්පිට තෙක් ගියෙමි. පුංචි කෝච්චිය යන්නේ සෙමිනි. ඒ නිසා කොල්ලෝ ෆුට් බෝඩ් එකෙන් පැන යලිත් දිව විත් කෝච්චියේ එල්ලෙති. අවදානම් වැඩ කලද සුපරික්‍ෂාව අපගේ ඔළු වල තිබුණි. ඒ නිසා විශාල අණතුරු වලින් තොරව අප නව යොවුන් වියෙන් සමු ගත්තෙමු. එහෙත් මේ පාසල් දරුවා අවාසනාවන්ත විය​.


මම ඔහුගේ නලලේ වූ තුවාලය මසා දැම්මෙමි. අනෙකුත් වෛද්‍යවරු ඔහුගේ දෙපා සහ දකුණු අතේ කැපී තැලී ගිය අස්ථි කියතෙන් කපා අංගච්ඡෙදන ශල්‍ය කර්මය නිම කරමින් සිටියහ​. එහෙත් එක් වරම ඔහුගේ හෘධ ස්පන්ධනය අඩු වන්නට විය​. නිර්වින්දන වෛද්‍යවරු කලබල වූහ​. විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය රෝගියාට ඇට්‍රොපීන් මාත්‍රාවක් විද්දාය​. එහෙත් හෘධය ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත​. ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී ගිය හෘධ ස්පන්ධනය එකවරම නැවතී ගියේය​. වෛද්‍යවරු හෘධය සම් බාහනය කොට යළි පන ගැන්වීමට උත්සහ කලහ​. එහෙත් එයද සාර්ථක වූයේ නැත​. ශල්‍ය මේසය මතදී රෝගියා මිය ගියේය​.


වෛද්‍ය බදුර්දීන් බලාපොරොත්තු කඩවූ විලාශයෙන් නැගිට ශල්‍ය කියත හෙදියකට දුන්නේය​. ඉන්පසුව හිස් වැස්ම ගලවා ශල්‍යාගාරයෙන් පිටතට ගියේය​. ලිලිත් සහ සිරිවර්ධනද තම කාර්‍යන් නවත්වා නිසල දේහය දෙස බලා සිටියෝය​.


" එක අතකට කොල්ලා මැරුණ එක ඌට වෙච්ච යහපතක් " සිරිවර්ධන මගේ කනට කර කීවේය​. කකුල් දෙකයි දකුණු අතයි නැතිව ඌ කොහොමද ජීවත් වෙන්නේ ? ඔහු මගෙන් ඇසුවේය​.


මෙලෙස අප රෝගියාගේ මරණය පිලිබඳ සෘණාත්මක හැඟීම් ව්‍යාජ ලෙස හානි පූර්ණ කර ගත්තෙමු.


ශල්‍යාගාරයේ ඇටෙන්ඩන්වරු දෙදෙනෙකු පැමින මෘත ශරීරය කොළ පැහැති ශල්‍ය රෙද්දකින් වසා එය ට්‍රොලියකට දැමුවෝය​. ඉක්බිති ඔවුන් එම ට්‍රොලිය ශල්‍යාගාරයේ ප්‍රධාන ද්වාරය අසල බිත්තිය කොනේ තැබුවේ වෙනත් කම්කරුවන් දෙදෙනෙකු විත් එය මෝචරියට ගෙන යාම සඳහාය​.


නාරි හා ප්‍රසව අංශයේ කාන්තා රෝගීන් තම ශල්‍යකර්ම ප්‍රමාද වීම නිසා නොසන්සුන් අයුරින් බංකුවේ වාඩිවී සිටියෝය​. මම එලියට විත් එම රෝගීන් ගේ ඇඳ ඉහ පත් පරික්‍ෂා කලේ මීලඟට ශල්‍යාගාරයට ගත යුතු කේස් එක කුමක්ද කියා බැලීමටය​. ඒ අතරවාරයේ ඉතා කලබලයෙන් කාන්තාවක් ශල්‍යාගාරය දෙසට දුව ආවාය​. ඇය වයස හතලිස් පහක පමණ ගැහැනියකි. ඇය ලා නිල් පැහැති සායක් ඇඳ සිටියාය​. ශල්‍යාගාරයේ ප්‍රධාන ද්වාරය අසලට ආ ඇය කර පොවා බලා " මගේ පුතා ඇක්සිඩන්ට් වෙලා මෙහාට ගෙනාවා " කියා ඇඞුම් ස්වරයෙන් කීවාය​. එතැන හෙදියෝ මෙන්ම මිඩ් වයිෆ්වරියක වූ තිසේරාද සිටි නමුදු කිසිවෙකු කිසිවක් කීවේ නැත​. තුෂ්නිම්භූතව ඇය දෙස බලා සිටියා පමණි.


ඇය සිටියේ බිත්තිය ආසන්නයේය . එතැන ට්‍රොලියක කොළ පැහැති රෙද්දකින් වැසූ ඇයගේ පුතාගේ මළ සිරුර තිබේ. එහෙත් එය දෙපා දණ හිස් වලින් ඉහලින් කැපී ගිය කුරු මිටි සිරුරකි. ඒ නිසා මෙතන වසා තිබෙන කොළ පැහැති අඩි තුනහමාරක් වූ පොදිය තම දරුවාගේ සිරුර බව ඇය සිහිනෙකින්වත් නොසිතුවාය​. ඇය අප සියළු දෙනා වෙත නෙත් යොමාගෙන සිටින්නීය​.


" ඇයි ඕගොල්ලෝ බය වෙලා වගේ ? කෝ මගේ පුතා ? ඇය ඇසුවාය​. කිසිවෙකු කතා කලේ නැත​. සමහරක් හෙදියන් ගේ දෙනෙත් තෙමී ගියේය​. ගලක් මෙන් තද හිතැසිතක් තිබෙන කාල වර්ණ තිසේරා මිඩ් වයිෆ්ද අතින් කඳුළු පිසදාගත්තාය​. මට තව දුරටත් එතැන රැඳී සිටිනු නොහැකි විය​. මම ශල්‍යාගාරය තුලට ආවෙමි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග
 
Last edited:
  • Like
Reactions: hzr27

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මා ශල්‍යාගාරය ඇතුලට පැමිනි විගසම මව කෑ ගසමින් හඩා වැලපීමට පටන් ගත්තාය , ඇගේ වේදනා දෙන හඬ මා මග හැරීමට උත්සහ කරත් මට එය කිරීමට නොහැකි විය , නමුත් එකවරම ඇගේ හඬ නිසල විය , පිටතින් නොසන්සුන් තත්වයක් ද ඇති වී ඇති බව මට වැටහුනේ තිසේරා මිඩ් වයිෆ්ගේ කෑ ගැසීමෙනි , වහා පිටතට පැමිණි මම දුටු දේ නිසා විනාඩි කිහිපයක්ම ගල් ගැසී බලා සිටීමට සිදු විය , වේදනාවෙන් හඩා වැලපෙමින් සිටි මව සිහිසුන්ව බිම ඇද වැටෙන ශබ්දය මට යාන්තමට මෙන් මතකය .වෛද්‍ය බදුර්දීන් සිදු දේ අදහාගැනීමට නොහැකිව තිගැස්සී බලා සිටි .මෙතෙක් කලක් මිත්‍යාවක් යැයි සිතා සිටි අවතාර අද සිට මට විශ්වාස කරන්න සිදු වේදැයි යන්න සැකයක් මතු විය . සියල්ලන්ව තුෂ්නිම්භූත කරමින් මරණයට පත් තරුණය ඔහුගේ හඬ අවදි කළේය. "ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කඩේ"

    Story Twister
     
    Last edited:
    • Like
    Reactions: Tyrion_Lannister

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ane paka ponnayo yanna. Ape salli walin igena gena metana enawa puka denna.

    Nice language dude....how the fk you know i learned frm ur money!!!!STFU dude...ignorant asshole.... Talking about the tax bugger do you even hv a TIN num??....tho kaden ganna hal pol walata gewana vat eka maha loku tax ekak kiyala hithan innawanm walaliyan gothaya......
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,368
    113
    මා ශල්‍යාගාරය ඇතුලට පැමිනි විගසම මව කෑ ගසමින් හඩා වැලපීමට පටන් ගත්තාය , ඇගේ වේදනා දෙන හඬ මා මග හැරීමට උත්සහ කරත් මට එය කිරීමට නොහැකි විය , නමුත් එකවරම ඇගේ හඬ නිසල විය , පිටතින් නොසන්සුන් තත්වයක් ද ඇති වී ඇති බව මට වැටහුනේ තිසේරා මිඩ් වයිෆ්ගේ කෑ ගැසීමෙනි , වහා පිටතට පැමිණි මම දුටු දේ නිසා විනාඩි කිහිපයක්ම ගල් ගැසී බලා සිටීමට සිදු විය , වේදනාවෙන් හඩා වැලපෙමින් සිටි මව සිහිසුන්ව බිම ඇද වැටෙන ශබ්දය මට යාන්තමට මෙන් මතකය .වෛද්‍ය බදුර්දීන් සිදු දේ අදහාගැනීමට නොහැකිව තිගැස්සී බලා සිටි .මෙතෙක් කලක් මිත්‍යාවක් යැයි සිතා සිටි අවතාර අද සිට මට විශ්වාස කරන්න සිදු වේදැයි යන්න සැකයක් මතු විය . සියල්ලන්ව තුෂ්නිම්භූත කරමින් මරණයට පත් තරුණය ඔහුගේ හඬ අවදි කළේය. "ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කඩේ"

    Story Twister

    :rofl: :rofl: YAKOO