දුම්රිය-පෞද්ගලික-අංශයට
කොටුව දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශයට දීමේ සූදානමක්...?
මෙරට දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මෙම සැලැස්ම තුලින් දුම්රිය ස්ථානවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කර ඇති බවයි එම සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ දුම්රිය ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අධ්‍යනය කරමින් සිටින බවයි. එම යෝජනාවලිය යටතේ කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය සහ ඇල්ල යන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
එම දුම්රිය ස්ථානවල සිය වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඉඩ සලසා දෙන ලෙස අදාළ යෝජනාව මගින් එම පෞද්ගලික සමාගම ඉල්ලා ඇති අතර ඊට සරිලන ගාස්තුවක් ලෙස එම සමාගම විසින් දුම්රිය වේදිකාව, වැසිකිලි පද්ධතිය සහ මගී පහසුකම් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති බවයි සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අවාසියක් සිදු වෙනවා ද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
NETH

Last edited: