දුමින්ද අහිංසකයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දුමින්ද අහිංසකයි

    දුමින්ද පාර්ශවය තිලංග සුමතිපාලට චෝදනා කරයි

    දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා හා භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතර සිදුවූ වෙඩි හුවමාරුව පිලිබඳ සිද්ධිය මේ වනවිට නවතම අර්ත කථනයක් දීමට ඇතැම් පිරිස් සුදානම් වනවා.ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පිරිස හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ පිරිසට අමතරව තුන්වන පාර්ශවයක් මෙම සිදුවීමට සම්බන්ධවී තිබෙනවා.

    ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රී තුමාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ ජනප්‍රසාදය දරාගත නොහැකි තෙවන පාර්ශවයක් විසිනි.එම පාර්ශ්වය මෙහෙයවා ඇත්තේ අන්කවරකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවටද ඔවුන් චෝදනා කරනවා.

    දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි වැදුන දිනයේ සිට දුමින්ද සිල්වාගේ සොහොයුරෙකුට අයත් හිරු එෆ්.එම් ගුවන් විදුලිය පුවත් විකාශය දැඩි අර්බුධයකට ලක්වූ අතර ඔවුන්ගේ ෆෙස්බුක් ෆෑන් පේජ් එකද අතුරුදහන්ව තිබුණි.

    එම කාලය තුල රටේ සිදු වූ උණුසුම් පුවත ඔවුන්ට වාර්තා කිරීමට අමතකව තිබුණි.නමුත් මේ වන විට ඔවුන් ඒ පිලිබඳ වාර්තා කිරීමට පටන්ගෙන තිබේ.

    ඒ දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව කියන තුන්වන පාර්ශ්වයකට චෝදනා එල්ල කරමින්.

    ඔවුන් පලකල පුවත පහතින්
    "මෙම සිද්ධිය තුන්වන පාර්ශවයක කුමන්ත‍්‍රණයක් විය හැකි බවට වාර්තා පල වනවා. මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා බොරැල්ල ප‍්‍රදේශයේ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය ලැබූවෙකු බවට ලැබි ඇති තොරතුරු මත රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද පුවත්පත් වාර්තා කර තිබුණා.

    අහිංසක අසරණ ජනතාවට පිහිට වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉමහත් ප‍්‍රසාදයට පත්ව සිටිනවා. තම ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ පරාජිත දේශපාලනඥයෙකු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඇති එම ජනප‍්‍රසාදය දරාගත නොහැකිව මෙවැනි කුමන්ත‍්‍රණයක් දියත් කළ බවටයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස හෙළි වී ඇති ප‍්‍රබල තොරතුරු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

    මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

    අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර සිටින ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සේවය අගයන විශාල ජනකායක් නිරන්තරයෙන්ම ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත පැමිණෙමින් සිටිනවා. එසේ පැමිණි කිහිප දෙනෙකු ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා."

    මිනිසුන් හඬමින් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැන පලකල අදහස් පහතින් අහන්න


    Read more: http://www.gossip9.com/2011/10/blog-post_3766.html#ixzz1bDttSWoJ
     
    මුන් වෙඩි තියාගත්තයින් අපිටයි කරදරෙ දැන් බලන් ගියාම. මෙ රටෙ ඉදල පිස්සු හැදුනෙ නැත් නම් තමයි පුදුම. ඇයි යකෝ වෙඩි උන්ඩ 3 දෙකක් වෙනව ඔලුව ඇතුලෙදි. උන්ඩ 3 තියපු 3න් දෙනෙක් හොයනව. අන්තිමෙදි අපි තමයි වෙඩි තියල තියෙන්නෙ බලන් ගියාම. යකෝ මට නම් දැන් ඇති වෙලා තියෙන්නෙ වෙඩි තියපු කේස් එක අහල. පිස්සු හැදිල තියෙන්නෙ! කාටද පුලුවන් මට ඇත්තම තේරුම් කරන්න?? කවුරු හරි මැරුනද නැද්ද?? කවුරු හරි වෙඩි තිබ්බද නැද්ද?? නැත් නම් ලංකාවෙ උන්ට පිස්සුද?? හැටිද???
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල්පාත මහත්තයා;11166432 said:
    මුන් වෙඩි තියාගත්තයින් අපිටයි කරදරෙ දැන් බලන් ගියාම. මෙ රටෙ ඉදල පිස්සු හැදුනෙ නැත් නම් තමයි පුදුම. ඇයි යකෝ වෙඩි උන්ඩ 3 දෙකක් වෙනව ඔලුව ඇතුලෙදි. උන්ඩ 3 තියපු 3න් දෙනෙක් හොයනව. අන්තිමෙදි අපි තමයි වෙඩි තියල තියෙන්නෙ බලන් ගියාම. යකෝ මට නම් දැන් ඇති වෙලා තියෙන්නෙ වෙඩි තියපු කේස් එක අහල. පිස්සු හැදිල තියෙන්නෙ! කාටද පුලුවන් මට ඇත්තම තේරුම් කරන්න?? කවුරු හරි මැරුනද නැද්ද?? කවුරු හරි වෙඩි තිබ්බද නැද්ද?? නැත් නම් ලංකාවෙ උන්ට පිස්සුද?? හැටිද???

    :yes::yes: