දුමින්ද තුමාගෙන් පණිවිඩයක්
පසුගියදා මුල්ලේරියාවේ දී සිදු වූ සිදු වීම වෙස් වලා පැමිණි ආශිර්වාදයක් සේ තමා සළකන බව දුමින්ද තුමාණෝ ජයවර්ධනපුර රෝහලේ සිට නාථ දෙවියන් මගින් මාධ්‍ය වෙත එවූ පණිවිඩයක සඳහන් වේ. එම පණිවිඩය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
” පසු ගිය ඔක්‍තෝබර් අට වෙනිදා මුල්ලේරියාවේ දී වූ සිද්ධිය ගැන නොයෙක් කටකථා පැතිර යමින් තිබෙන බව මා හට දැන ගන්නට ලැබී තිබේ. ඒ කථා සියල්ල අමූලික බොරු බව කිව යුතුය. ලක්ෂ්මන් මැති තුමා හා මා අතර කිසි අමනාපයක් තිබුනේ නැත. මගේ දේශපාලන ජීවිතයේ විසඳා ගැනීමට නොහැකිව තිබූ ලොකුම ප්‍රශ්නය විසඳා දුන්නේ එතුමාය. එතුමා මගේ විරුද්ධවාදියෙක් නම් එසේ කරයිද? ඇත්තෙන්ම එතුමා මගේ මිත්‍රයෙක් බව එදා සිදු වීමෙන් තවත් තහවුරු වුනේය.
එදා සිද්ධියේදී මගේ මොළය හරහා වෙඩි උණ්ඩ දෙකක් ගමන් කළ බව දැන් ලෝකයම දන්නා කාරණයකි. එතුමා මට කළ ලොකුම උදව්ව එයයි.
මගේ මොළය හරහා වෙඩි උණ්ඩ ගමන් කළා යැයි ලෝකය දැන ගන්නා විට ඒ සමග ඔවුන් දැන ගන්නා අනිත් කාරණය නම් මට මොළයක්ද තිබෙන බවයි. මට මේ තාක් ඔප්පු කරගන්නට බැරිව සිටි කරුණක් ඔප්පු කර දීම ගැන මම එතුමාට මුලු හදින්ම ස්තූතිවන්ත වෙමි.
එතුමාටත් ඒ උදව්ව කර දීමට නොහැකි වීම ගැන මම අවංකවම කණගාටු වෙමි.
මගේ ශරීරයේ ඇත්තේ මාංශපේශී පමණක් යැයි කියූ අයගේ කටවල් දැන් වැසී යනු ඇත.
මට මොලයක්ද තිබේ. ඒ ගැන කිසිදු සැකයක් නැත.
ජය වේවා,
ඔබට සුභ අනාගතයක්
මීට
දු. සිල්. වා
http://gadflyzone.wordpress.com/