දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස් කරයි
දුමින්ද ගේ ‘ඩිස්චාර්ජ් පේපර්ස්’ සූදානම්!
2012 ඔක්තෝබර් 21 වෙනි ඉරිදා, 18:43 සාමාන්‍ය
Share
පසුගිය වසරේ ඔක්තෝබර් මස 08 වන දා, මුල්ලේරියාවේදී සිදු වූ, ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තවත් තිදෙනෙකුගේ ඝාතනයන් සම්බන්ධයෙන්, ප්‍රධාන සැකකරු වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා, එම ඝාතන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා අවශ්‍ය නිදහස් කිරීමේ ලිපි ලේඛණ (Discharge papers) නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සූදානම් කොට ඇතැයි වාර්තා වේ.
දැනට සිංගප්පූරුවේ වාසය කරන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පසුගිය ජූනි මස අග භාගයේ ඔහු ප්‍රතිකාර ලැබූ ‘මවුන්ට් එලිසබෙත්’ රෝහලෙන් ප්‍රතිකාර අවසන් කොට නික්ම ගොස් ඇති අතර මේ වන විට ඔහු මවුන්ට් එලිසබෙත් රෝහලට පැමිණෙන්නේ සායනික ප්‍රතිකාර (Clinical treatments) සඳහා පමණි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රථමව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මනා ලෙස සැලසුම් කොට සකස් කරන ලද මෙම නිදහස් කිරීමේ ලිපි ලේඛණ කොළඹ මහේස්ත්‍රාත් උසාවිය වෙත ගොනු කිරීමට නියමිතය.
පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් උසාවිය වෙත ගොනු කරන ලද දුමින්ද සිල්වා මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳව කරුණු ඇතුළත් වෛද්‍ය වාර්තාව පිළියෙල කර ඇත්තේ වෛද්‍ය මයිකල් ස්මිත් නැමැත්තෙකු විසිනි. මෙම වෛද්‍ය වාර්තාව දුමින්ද සිල්වා කෙරෙහි පක්ෂග්‍රාහී ආකාරයෙන් සකස් කරන ලද එකක් බව වාර්තා වේ. එවැනි වෛද්‍යවරයෙකු මවුන්ට් එලිසබෙත් රෝහලේ වෛද්‍ය ලේඛණයේ නොමැති අතර ඔහුව මෙම කාර්යය සඳහා පිටතින් ගෙන්වා ගෙන ඇති බව පැහැදිලි වේ. මෙම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් තවත් ශෛල්‍යකර්ම කිහිපයක් කිරීමට ඇති බැවින් පියාසර කිරීම අවදානම් සහගත බවත් ය.
මේ වන විට රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට භාරත ලක්ෂ්මන් මහතාගේ පවුලේ උදවිය කටයුතු කරන බැවින් දුමින්ද නිදහස් කිරීමේ නීතිපති ක්‍රියාදාමය වඩාත් පහසු වී තිබේ. පසුගිය දා පැවැත්වුණු භාරත ලක්ෂ්මන් මහතා අභාවප්‍රාප්ත වී වසරක් සපිරීමේ දානමය පිංකමට ජනාධිපතිවරයා සහභාගි වී ඇත්තේ එම ක්‍රියාදාමයේම එක් කොටසක් වශයෙනි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ දෑත අතෑරලා මරාගෙ දෑත ශක්තිමත් කරන්න ගියාට හොද වැඩේ. 