දුමියාගේ වැඩ (18+)

ඔන්න ඉතින් කොළඹ වැදගත් කියන පිරිමි පාසලක හිටියලු ජල්තර කොලු ගැටයෙක්.

8 වෙනි වසරේ හිටිය දුමියා, රට කාලා වතුර බීපු පොරක් කියලා තමයි විශ්වාසදායක ආරන්චි මාර්ග සැලකර සිටින්නේ..

අගෝස්තු මාසෙදී ඉතින් ඔන්න දෙමව්පිය දිනය තිබබලු.

දුමියාත් ඉතින් බොහොම අමරුවෙන් බයේ බයේ අම්මලවත් එක්කගෙන ගුරුතුමී හම්බෙන්න ගියේ, ඌ පන්තියේ අන්තිමයා වූ නිසාවෙනි.

අම්මලත් ඉතින් බැරි බැරිගාතේ කුලියට ගත්ත වැන් කටටක ගියේ; දුමියා ගැන දැනගැනීමට පාසලට නාවොත් ඌව අස්කරන්වා යැයි විදුහල්පති කාරයා දුමියාගේ තාත්තාට ටැලිපෝනයෙන් ගෝරණාඩු කල නිසාවෙනි.

තවද​, හයි-ඒස් වැන් කටටක්ම ගත්තේ දුමියාට නන්ගිලා 5කුත් මල්ලිලා 6කුත් සිටි නිසාවෙනි.
අතේ මිටේ සහ කරේ දරුවන් වඩාගෙන දුමියාගේ අම්මයි තාත්තායි ඉතින් ඔන්න ගුරුතුමීව හම්බෙන්න ආව​.


"මේ දුමින්ද පුතාගේ අම්මයි තාත්තයි වෙන්න ඕනා.." ලස්සන ඉරාශා ගුරුතුමිය දුමියාගේ අම්මලගෙන් ඇහුවේ.. ඒ වෙලාවෙත් දුමියාගේ අම්මගේ අතේ සිටි කිරිකැටි දැරිවියගේ ඔලුව අතගාමින්.

"අනේ ඔව් ටීචර්... ඉතින් අපේ දුමින්ද පුතා ගැන තමයි ටීචර් අපිත් මුලුවෙලාවෙම හිතන්නේ.. ඒත් මෙයාට කිව්වට වැඩක් නැහ මිස්.. කොහෙද ඉතින් ගෙදර ගිය හැටියේ කරන්නේ දග වැඩමයි... මට අපේ අල්මාරියවත් පිලිවෙලකට තියාගනන්න දෙන්නේ නැ! නන්ගිලත් එක්ක එකතු වෙලා ඒක වනසනවා... අනේ ටීචර්.. බොහොම පින්.. මෙයාව අපිට හදලා දෙන්න​..."
දුමියාගේ දෙමවිපියෝ එකහෙලා ඉල්ලා සිටියා.

ටීචර්ද ඉතින් මේක අහල මෙහෙම කිවිවා.. "අනේ මිසිස් පියසේන​... මමත් පුලුවන් හැම උත්සාහයක්ම ගන්නව​... ඒත් ඉතින් දුමින්ද කිසිම වැඩක් කරන්නේ නැහැ... පන්තියේ වැඩ කරන්නේත් නැහැ, හෝම් වර්ක් කරන්නෙත් නැහැ. මට සමාවෙන්න​.. මෙයාව තවදුරටත් අපිට පාසලේ තියාගන්න බැහැ!"
ලස්සන ගුරුතුමී කිව්වේ දුමියා දෙසද බලමින්.

කවදත් අබීතව උත්තර දුන් දුමියා ටීචර්ගෙන් මෙහෙම ඇහුවා....
"ඇයි ඉරාශා මිස් ඔහොම කියන්නේ.. මම කොච්චර නම් හෝම්වර්ක් කරනවද​? කෝ ඉතින් මිස් අදවත් මට "හොද පුතා" කියලා කියන්නේ නැහැනේ?"

මෙය ඇසී ටිකක් තරහා ගිය ටීචර් වහාම මෙහෙම ඇහුවා.. "මොනවා? කෝ පෙන්න එහෙනම් ඔයා කරපු වැඩ​? කෝ එහෙනම් මම ඊයේ දීපු ගණන් ටික​? මම උදේ ඇහුවම කිවා කලේ නැහැ කියලා..."

කට කොනකින් හිනාවුනු දුමියා එකහෙලා මෙහෙම පිලිතුරු දුන්නා...
"ඇයි ටීචර් එහෙම කියන්නේ? මේ ඔක්කෝම මගේ වැඩනේ...."

"මොනවා? කෝ මොන වැඩද​?" ලස්සන වුවද ටීචර්ටද මේ පාර ටිකක් තරහා ගියා ඔන්න​...

"ඇයි මිස්... අපේ තාත්තගේ අල්මාරියේ තියෙන කොන්ඩම් වල හිල් හැදුවේ මමනේ" කියලා දුමියා කිව්ව ගමන්ම ඉරාශා මිස් වහාම පන්ති කාමරයෙන් පිටව ගියාලූ කියලා මේ සිද්ධිය ඇහින් දුටු ඒ පන්ති කාමරේ ඒ වෙලාවේ හිටපු පොඩි එකෙක් අපට කිව්වා...

මම හිතන්වා උඹලට තේරෙනවා ඇති කියලා ස්ටෝරිය​....

සැර වැඩිද කියලත් හිතෙන්වා... සමාවෙයල්ලා එහෙනම් හොඳේ?

පුලුවන් නම් ඉතින් රෙප් ටිකක් දීලා පලයල්ල​... ඔව්වා හොඳ කුසල කර්ම​... එලොවටත් මෙලොවටත් දෙකටම පල දෙන​!
 

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
capture20120813144047.png

ඇයි බන් මිස් අහන්නෙ ගනන් ටිකනෙ. ඔන්න මිස් ඇහුවනම් මොකො මෙ තරම් නංගිලා මල්ලිලා ඉන්නෙ කියලා එතනට ගැලපෙනව