දුමෙන් වැසීගිය කැබ් රථය...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දුමෙන් වැසීගිය කැබ් රථය...මේක දෙරණේ තිබ්බ වීඩියෝ එකක්. මේ වෙන්නේ ඩීසල් එන්ජිම රනවේ කියන තත්වෙට පත්වෙලා. ඒ කියන්නේ එන්ජිම දුවන්නේ ඩීසල් වලින් විතරක් නෙමේ වෙන ප්‍රභවයකින්. සමහර විට එන්ජිමේම ඔයිල් වලින්. මේක පටන් ගත්තම යතුරෙන් ඕෆ් කලාට එන්ජිම නතර වෙන්නේ නෑ. හොදම ක්‍රමය එන්ජිමට දහනයට අවශ්‍ය වාතය කපන එක. එයා ක්ලීනර් එක බ්ලොක් කරලා වගේ.. එහෙම නොවුනොත් එන්ජිම විනාශ වෙලා තමා නතර වෙන්නේ

    එන්ජිමේ එක පාරට රින්ග්ස් වලින් උඩට තෙල් එන්න ගන්නවා..ඊට පස්සෙ ඩීසල් නැතුව තෙල් වලින් පත්තු වෙනවා.. සමහර ඒවායෙ ටර්බෝ එකෙන් තෙල් ආවමත්වෙනවා .. ගොඩාක් අයට ඒක උනාම හිතා ගන්න අමාරුවෙනවා..හරියට ඇස්ලේටර් එක හිර උනාවගේ දැනෙන්නෙ .. මෑනුවල් නම් ගියර් එකට බර දීලා එන්ජිම හිර කරලා නවත්තන්න බලන්න ඕන ...








    Engine run away

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මගෙ යාලුවෙක්ගෙ වෑන් එකකටත් උනා.. ඌ අහකට පැනල තියනව බයවෙලා වාහනේ අයිනක නතරකරල. පස්සෙ එතනින් ගිය වැඩේ දන්න කෙනෙක් ටක්ගාල එන්ජිම ඇරල එයාක්ලීනර් එක බ්ලොක් කරලා හරි මොනවහරි කරල වාහනේ නතර කරල දීල...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේක මගෙ යාලුවෙක්ගෙ වෑන් එකකටත් උනා.. ඌ අහකට පැනල තියනව බයවෙලා වාහනේ අයිනක නතරකරල. පස්සෙ එතනින් ගිය වැඩේ දන්න කෙනෙක් ටක්ගාල එන්ජිම ඇරල එයාක්ලීනර් එක බ්ලොක් කරලා හරි මොනවහරි කරල වාහනේ නතර කරල දීල...
    අපේ අයියා වගේ එකෙක් වෙන්න ඈති බන්. උන් ඔහොම පාරට බෑස්සම හුගක් වෙලාවට මිනිස්සුන්ට උදව් කරලා එන්නේ.. වාහන හදන්න දන්නවා කියන්නේ මාර වටිනවා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හොදම ක්‍රමය එන්ජිමට දහනයට අවශ්‍ය වාතය කපන එක.

    මැනුවල් එකක් නම් එච්චර මහන්සි වෙන්න ඕන නෑ බ්‍රේක් එකයි ක්ලච් එකයි පාගල ලොකුම ගියර් එකට දැම්ම ක්ලච් එක අතෑරියා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මැනුවල් එකක් නම් එච්චර මහන්සි වෙන්න ඕන නෑ බ්‍රේක් එකයි ක්ලච් එකයි පාගල ලොකුම ගියර් එකට දැම්ම ක්ලච් එක අතෑරියා
    මම උඹව ටෑග් කරන්න හිටියේ.. 😂 😂 😂 😂 ඔවු හුගක් වෙලාවට එහෙම සාර්ථක වෙනවා කිව්වා... ඔටෝ නම් තමා ඉතින් එයා ක්ලීනර් හොයන්න වෙන්නේ
     
    • Like
    Reactions: Hyaenidae

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    petrol එන්ජිමක් පත්තු වෙන්නේ spark plugs වලින් දෙන spark එකෙන්, ඉතින් spark ප්ලග් වලට power නවත්තපු ගමන් නවතිනවා.

    diesel එන්ජින් කියන්නේ compression-ignition system එකක් තියන එකක්. ඒ කියන්නේ pressure එකටම තමයි පත්තු වෙන්නේ. ඉතින් diesel cutoff උනත් oil හරි මොනවා හරි වලින් පත්තු වෙන්න පුළුවන්. එතකොට තමයි ඔය runaway situation එකක් වෙන්නේ. ඕක වාහනේ ඇතුලෙම oil වගේම එළියේ වාතයේ fuel leak එකක් වගේ වෙලා fuel vapour තියන එකෙන් වෙන්නත් පුළුවන්.