දුයිෂෙන් සහ කරුණාරත්න සර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    * private sector eka motivate karanna ona. eka hodai. eth primary needs walata adala dewal wala control eka government ekata thiyenna ona.
    ada loke hodama jeewana thathwa thiyana ratawal wela thiyana Scandinavian ratawalath control eka thiyenne government eka athe.

    * oya kiyanne atheesareta amuda gahanawa wage solution ekakne. government sector eke efficiency adu ekata solution eka privatize karana eka da? :nerd::nerd::nerd::no::no::no: eka mara solution ekakne :rolleyes::rolleyes:

    (sinhalen type karanna lesi widiyak kiyapan. direct input. mama realtime singlish use kale. eke errors enawa :dull::dull::dull:)

    input tools google
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජ විෂමතාවය tax වලින් වෙනස් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා අයට වැඩි tax එකක් ගහල. එත් අතුරු ප්‍රතිපලය තමයි economy එක මන්දගාමී වීම.

    *හුගක් කට්ටිය පවුද්ගලික අංශයේ වැඩ කරන්නේ. 20,000 වැඩි කරන්න පුළුවන් එකම විදිය පවුද්ගලික අංශය දිරිගැන්වීම, ඔවුන්ට පහසුකම් සලසාදීම වගේ දේවල්. රට දියුණු උනාම minimum wage වගේ දෙයක් ආණ්ඩුවෙන් පනවන්න පුලුවන්. business දියුණු උනාම තමයි මිනිස්සුන්ට පඩි වැඩිපුර හම්බවෙන්නේ. නැතිව කෘතිමව පඩි වැඩි කරන්න බැහැ.

    *ආණ්ඩුවේ පලදයිතාවය කොච්රද? ඇත්තටම ආණ්ඩුවේ business කොච්චර සල්ලි ගේනවද? (CEB වගේ) ඒවා රටට බරක් නේද? ආණ්ඩුවේ business වලින් හම්බවෙන සිමිත සල්ලි වලින් රටක් ගොඩගන්න බැහැ. private sector තමයි එකම විසදුම. දැන් පහුගිය අවුරුදු ටිකේ රාජ්‍ය සේවකයාන් කිපගුනයකින් වැඩි උනා. ඒවා ගෙවන්නෙත් ජනතාව තමයි (tax විදියට).

    ආදායම් බදු කියන එක අනුමැත කරන්න බැරි ඔබ අතවශ්‍ය අහාර වලට තෙල් වකට ගහන බදු අනුමත කරනවද??
    අදායම් බදු ගහන්නේ ප්‍රශිශ්ත්යකට එක අනුලෝම වන්නේ අදායම අනුව. එතැනදී එක වැරදි කියන්න බැහැ. සියලුම ආර්ථික තත්ත්ව වල බදු කියනදේ ක්‍රියාත්මක වෙනවා. එකෙන් ආර්ථිකය මන්දගමිවනවා කියනවට වඩා ආන්ඩුවට අදායමක් එනව කියන්න පුළුවන්

    ඔය කියන තත්වය අදාලයි පොඩි පොඩි සේවකයෝ 100-10 වගේ ඉන්න සමාගම් වලට හා නව කරමාන්ත ශාලා වලට. අනිත් ඒවාට අදාළ වෙන්නේ නැහැ.
    දැන් ලංකාවේ තියනවනේ අධික ලැබ ලබන සමාගම් ෆොන්ටෙරා යුනිලීවර් හේමාස් හොල්සිම් ලංවා ඇක්සස් රට දියුණු වෙනකම් ඉන්න ඕනිද ඒවගේ මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්නත්.
    පුද්ගලික අංශ දිරිගැන්වුවා කියලා උන් අවනකව අනේ මිනිස්සු පවු කියලා වලුප් වැඩි කරන්නේ නැහැ. කොච්චර ලැබ හම්බුනත්. ඒවාට නීති රීති තියෙන්නේ ඕනි.

    ආණ්ඩුවේ පලදායිතාවය නැත්තේ මේ ක්‍රමය යටතේ නේ. දනවාදයේ ප්‍රතිපල තමයි ඒ සංවර්දනය වන රටවලට බලපාන. දැන් ඔයාම පිලිගන්නවා දනවාදී ක්‍රමය යටතේ ආණ්ඩුවේ පලදයිතාවය අඩුයි කියලා.
    ලංකාවේ දනවාදී ක්‍රමය හමුවේ හොරකම් මැරකම් කොමිස් ගැහිලි, මහා පරිමාණ වංචා දුෂණ කොච්චර ඔඩු දුවලා තියනවද? නිතිය් කොච්චර වල වැදිලා තියනවද? මිනිස්සු කොච්චර මිත්‍යාවට පෙලබිලා තියනවද?? ඒවා මේ ආර්ථික ක්‍රමයේ අතුරුපල තමයි. ඉන්දියාව දිහා බැලුවම එක හොදට ත්රෙනවා
    මේ ක්‍රමය තිබිලා කවුරු ආවත් ඕක ඔහොම තමයි.

    ඒකතමයි කියන්නේ ලනකාවේ පවතින ක්‍රමය අනුව රජයේ සේවකයාගෙන් රටට නිෂ්පනයකට ආදායමක් ගන්න දායක කරගන්න බැරිවෙලා තියනවා. ඔක්කොම දෙන්නේ පුටු රත් කර කර ඉන්න පත්වීම. රටේ නිෂ්පාදනයට රජයේ සේවකයා දායක කරගන්න බැහැ කියන්නේ මේ ක්‍රමය සමත් කියන එක.

    එකට විසදුම පුද්ගලීකරණය නෙමයි. රාජ්ජ අංශය හරියට හදන එක. පාඩු නොලබා යන්න පුළුවන් ක්‍රමයකට හද එක. සියල්ල පුද්ලලිඅකරණය කලාම වෙන්නේ රටේ ආර්ථිකය පාලනය කරන එක සමාගම් කීපයක් යටතට යන එක.. සමාගම් වලට ඕනි විදියට සියල්ල සිදුවෙන්න් ගන්නවා. ඕනි නම් වැඩ කරපන් අපි කියන විදියට නැත්තම මැරියන් කියන තැනට එනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමජවදේ කියන්නේ තාක්ෂණ ක්‍රමයේ වෙනසක් වත්, සම්පත් භාවිතා කරන එකා වෙනසක් වත් නෙමයි බන් පාලන කරම්යේ හා ආර්ථික ක්‍රමයේ වෙනසක්. දනවාදී ල්රමය යටතේ වෙන්නේ රටකර එන අදායම සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යාමක්. එක එහි මුලික පදනම තමයි පුද්ගලාඅ මුල් කරගත්හ සමාජයක්, දනවාදී ක්‍රමයේ තියෙන්නේ මුදල් පමණක් පදනම් කරගත්ත ක්‍රමයක් . එහිදී මිනිසා කියන්නෙත් එක බානඩයක් විතරයි.

    ඔවු ධනවාදී ක්රමේදී අදායම මූලිකව වැඩි ප්‍රමාණයක් බෙදෙන්නේ සුළු ධනපති පන්තියක් උඩ තමයි. ඒ නිසයි ධනවාදී රටවල මුලික අරමුණ අදායම් බෙදීමේ විෂමතාව නැති කරන එක වෙලා තියෙන්නේ. හැබැයි අන්තිමේදී සමජවාදෙත් වෙන්නේ මෙදේම තමා. ආදායමේ වැඩි කොටස යන්නේ පාලක පක්ෂයේ උවමන ඉෂ්ට කර ගන්න. වැඩ කරන ජනතාව ලැබෙන්නේ ඉතුරු උන ටික.

    ස්වීඩන් ජර්මන් එහෙම උනාට එංගලන්ත ප්‍රංශ තුර්කි හංගේරියාවේ පවා ආර්ථිකය පහුබහිනවා, ඒවා දනවාදී රටවල් නෙමෙයිද? දනවාදයේ පවතින්න බැහැ හැමදාම එංගලන්තෙට් වෙලා තියෙන්නේ එක. එහනදී තමයිඕ සමාජවාදයට බර වෙන්න ඕනි කියලා තියෙන්නේ,

    එංගලන්ත ප්‍රංශ තුර්කි හංගේරියාවේ ආර්ථිකය බසු බහින එක ධනවාදේ වැරද්දක් නෙමේ. ඒක ඒ රටවල ආර්ථිකය හසුරවපු විදියේ වැරැද්ද. හොදම උදාහරණෙ එංගලන්තේ. එංගලන්තේ උනත් තියෙන්නේ සුබසාදන ආර්ථිකයක් ස්වීඩන් වල වගේ. හැබැයි එංගලන්ත ආර්ථිකය විනාස උනේ workers unions නිසා. ධනවාදේ උනත් මොලේ පාවිච්චි කරලා යොදවන්න ඕනේ.

    සමාජවාදය කියන දේ අපේ රටට හරි යන විදියට අදාල කරගැනීම තමයි jvp එකන් කියලා තියෙන්නේ. එකට නැවින සමාජවාදය කියලා කියනවා.
    හයි සමාජ සුබසාදනය කියනදේ තියනවා

    JVP එක කොතෙනකද ඔය නවීන සමජවාදේ මොකක්ද කියල විස්තර කරලා තියෙන්නේ ? නවීන සමජවාදේ අනුව වැඩ කරනවා කිව්වට අපි දන්නවද එක මොකක්ද කියල. අනික මන් නං හිතන්නෑ JVP එක අඩුම තරමේ Nordic Model එකටවත් යන්න නම්‍යශීලී වෙයි කියල.

    ඔව් අපේ දැක්ම කියන එකේ අඩුපාඩු තියනවා. විස්තරාත්ම කියවිල්ලක් නෙමයි එක උබ හරි එටහන්දී. එත් උබ කොහොමද කියන්නේ ඇග බේරගන්න දීපු ලියවිල්ලක කියලා.

    අපොයි ඕනේ තරන් තියෙනවා. එකක් කියන්නන් පළාත් සභා අයින් කරනවා කියලත් නෑ JVP එක හදුන්වාදෙන ජනතා සභා කියන එක ක්‍රියාත්මක කරනවා කියලත් නෑ. ජනතා සභා ක්‍රියාත්මක කරන්න ප්‍නීතිමය ප්‍රතිපාධන සකස් කරනවා කියල තමා තියෙන්නේ. අඩුම ගානේ පළාත් සභාවක් වත් අහෝසි කර ගන්න බැරි නං තව වෙන මොනවද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Nordic Model eka capitalist wath socialist wath nemei. a deke combination ekak. a kramaya hodai.dan ubata unath therenawane meka 100% capitalism wath socialism wath hoda na kiyala ?? :nerd::nerd::nerd:
    (mama hithanne therenewa athi :rolleyes::rolleyes: )

    ඔව්. ලංකාවෙත් දැනට ක්‍රියාත්මක වෙන්නේ ඔයිට සමාන ක්‍රමයක් තමා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    * private sector eka motivate karanna ona. eka hodai. eth primary needs walata adala dewal wala control eka government ekata thiyenna ona.
    ada loke hodama jeewana thathwa thiyana ratawal wela thiyana Scandinavian ratawalath control eka thiyenne government eka athe.

    * oya kiyanne atheesareta amuda gahanawa wage solution ekakne. government sector eke efficiency adu ekata solution eka privatize karana eka da? :nerd::nerd::nerd::no::no::no: eka mara solution ekakne :rolleyes::rolleyes:

    (sinhalen type karanna lesi widiyak kiyapan. direct input. mama realtime singlish use kale. eke errors enawa :dull::dull::dull:)

    මමත් ධනවාදයේ fan කෙනෙක් නෙවි. රාජ්‍ය අංශය නැතිකරලා පවුද්ගලික අංශයෙන් විතරක් දුවන රටවල් ලෝකේ කොහෙවත් නැහැ. සමහර පැති තියෙනවා රාජ්‍ය අංශය මහිහත්විමක් කලයුතු. මෙහෙ විදුලිබලය දෙන්නේ රාජ්‍ය අංශයෙන්. ප්‍රවාහනය රාජ්‍ය අංශයෙන්. ඒවාට ගොඩක් හේතු තියෙනවා. ප්‍රවාහනය වගේ දෙයක් කරන්නේ පාඩු පිට එත් ජනතවගේ සුබසිද්දිය වෙනුවෙ, විදිලිබලය දිර්ගකාලින සංවර්දනය වෙනුවෙන් තනි company එකක් විදියට ආණ්ඩුවෙන් දුවනවා. දැන් එක privatize කරන්න කතා වෙනවා. සමහර ප්‍රාන්ත වල විදුලිබලය privatize කරලා තියෙන්නේ. මේ හම දෙයක් ම වෙන්නේ අවශතාවය අනුව.

    nordi model එක විශේෂයි. ඒ රටවල්වල තෙල් වගේ කර්මාන්ත ආර්ථිකයේ විශාල ප්‍රමාණයක්. nordi model එකේ හොද ලක්ෂණ තියෙනවා. එත්

    (1) Cost of living.- Norway is among the most expensive countries in the world, as reflected in the Big Mac Index and other indices. Historically, transportation costs and barriers to free trade had caused the disparity, but in recent years, Norwegian policy in labor relations, taxation, and other areas have contributed significantly.

    (2) tax - ලෝකේ වැඩිම tax තියෙන්නේ ඔය රටවල්වල. car එකක් 100% tax ගහනවා !!!!!!.
    Overall tax burdens (as a percentage of GDP) are among the world's highest; Sweden (51.1%), Denmark (46% in 2011),[22] and Finland (43.3%), compared to non-Nordic countries like Germany (34.7%), Canada (33.5%), and Ireland (30.5%).

    බලන්න
    en.wikipedia.org/wiki/Nordic_model

    Post-industrial economic developments

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ධනවාදයේ fan කෙනෙක් නෙවි කිව්වට ඔයා ධනවාදය වෙනුවෙන් නේ පෙනී ඉන්නේ.:rolleyes::rolleyes::rolleyes:
    Cost of living බැලුවොත් අපේ ආර්ථිකයට සාපෙක්ෂව මෙහෙත් ගොඩක් වැඩියි.

    "tax - ලෝකේ වැඩිම tax තියෙන්නේ ඔය රටවල්වල. car එකක් 100% tax ගහනවා !!!!!!.
    " :nerd::nerd:

    ලංකාවේ කාර් එකකට 400% ක් ටැක්ස් ගහනවා :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ධනවාදයේ fan කෙනෙක් නෙවි කිව්වට ඔයා ධනවාදය වෙනුවෙන් නේ පෙනී ඉන්නේ.:rolleyes::rolleyes::rolleyes:
    Cost of living බැලුවොත් අපේ ආර්ථිකයට සාපෙක්ෂව මෙහෙත් ගොඩක් වැඩියි.

    "tax - ලෝකේ වැඩිම tax තියෙන්නේ ඔය රටවල්වල. car එකක් 100% tax ගහනවා !!!!!!.
    " :nerd::nerd:

    ලංකාවේ කාර් එකකට 400% ක් ටැක්ස් ගහනවා :rofl::rofl::rofl:

    සහෝ මිනිසුන්ට tax වැඩිවෙන්නේ ඇයි? ආණ්ඩුවේ වියදම පියවගන්න. tax අඩුකරන්න ක්‍රම දෙකක් තියෙනවා

    (1) ආණ්ඩුවේ වියදම් අඩු කිරීම, ආණ්ඩුව business කරලා සල්ලි උපයාගැනීම, ආණ්ඩුව කාර්යක්ෂම කිරීම

    (2) පවුද්ගලික අංශය දියුණුවීම තුලින්, income tax එකක් ලබාගැනීම

    ලංකාවේ direct income tax අඩුයි (I think it is 20%!). indirect tax වලින් තමයි ආණ්ඩුව දුවන්නේ (අත්‍යවශ බඩු, වාහනවලට, ඉන්දනවලට ගහන ඒවා වගේ). වෙන රටවල එක අනිත් පැත්ත.
    tax කියන එක අවම කරන්න ඕන සංවර්දිත රටක. ලංකාවේ උනත් direct tax වැඩිවෙනකොට මිනිස්සුන්ට tax (indirect tax) අඩු කරන්න පුළුවන්; අඩුමගානේ අත්‍යවශ්‍ය බඩු ටිකට ගහන ඒවා . එකට කාලයක් යනවා.

    ලංකාවේ ආණ්ඩුව business කරලා සල්ලි උපයාගැනීම කොහොමද? norway වල තෙල් වගේ bulk natural resources වලින් අති විශාල අදායමක් ලැබෙනවා. ඒවා ආණ්ඩුව යටතේ තියාගන්න එක මිනිස්සුට හොදයි.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ධනවාදයේ fan කෙනෙක් නෙවි කිව්වට ඔයා ධනවාදය වෙනුවෙන් නේ පෙනී ඉන්නේ.:rolleyes::rolleyes::rolleyes:
    Cost of living බැලුවොත් අපේ ආර්ථිකයට සාපෙක්ෂව මෙහෙත් ගොඩක් වැඩියි.

    "tax - ලෝකේ වැඩිම tax තියෙන්නේ ඔය රටවල්වල. car එකක් 100% tax ගහනවා !!!!!!.
    " :nerd::nerd:

    ලංකාවේ කාර් එකකට 400% ක් ටැක්ස් ගහනවා :rofl::rofl::rofl:

    cost of living wadee kiyanne minissunta labena adayamath wadee kiyana eka..... adu adayamak labana thanaka cost of living wadi wenne naaa ne ban.... adu wenawa misaka... naththan business duwanne kohomada..? anika lankawe car walata witharayi ban 400% tax kathandare eekath ratata ena wahana adu karann gahapu ekak misa adayamak labannama gahapu ekak neme.....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monavadaya thibunath pudgalayage mind progress eka thiyenna ona kiyana ekata mama example ekak dennam, pitarata sevaya karala money lot hambu karana aya [middle east countries] vala aya navatha ema vada kara kamata ma yanne ayi. Ehema nathnam hambu karapu salli tika ivara vena kam pissu kelinne ayi? Race buki vala vadiyen dahas ganan hamadama viyadam karanne Nirdana panthiye saram ada gath minisun vea. Mona samajavadaya avath okun hadanna puluwandha ?? Horata Buruva hari gahai. Eka nisa samajavadaya neve . srilanka ve education system eka venas venna ona. Hama ekama PUTU rath karana job hoyanne nathiva, industries athi karana aya bihi karana education system ekak ona. Eth danata srilankave education system eken vadi pura bihi venne industry athi karana aya neve, industry vala vada karana aya vea. Namuth avasya venne industries athi karana [open karana] aya vea.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සහෝ මිනිසුන්ට tax වැඩිවෙන්නේ ඇයි? ආණ්ඩුවේ වියදම පියවගන්න. tax අඩුකරන්න ක්‍රම දෙකක් තියෙනවා

    (1) ආණ්ඩුවේ වියදම් අඩු කිරීම, ආණ්ඩුව business කරලා සල්ලි උපයාගැනීම, ආණ්ඩුව කාර්යක්ෂම කිරීම

    (2) පවුද්ගලික අංශය දියුණුවීම තුලින්, income tax එකක් ලබාගැනීම

    ලංකාවේ direct income tax අඩුයි (I think it is 20%!). indirect tax වලින් තමයි ආණ්ඩුව දුවන්නේ (අත්‍යවශ බඩු, වාහනවලට, ඉන්දනවලට ගහන ඒවා වගේ). වෙන රටවල එක අනිත් පැත්ත.
    tax කියන එක අවම කරන්න ඕන සංවර්දිත රටක. ලංකාවේ උනත් direct tax වැඩිවෙනකොට මිනිස්සුන්ට tax (indirect tax) අඩු කරන්න පුළුවන්; අඩුමගානේ අත්‍යවශ්‍ය බඩු ටිකට ගහන ඒවා . එකට කාලයක් යනවා.

    ලංකාවේ ආණ්ඩුව business කරලා සල්ලි උපයාගැනීම කොහොමද? norway වල තෙල් වගේ bulk natural resources වලින් අති විශාල අදායමක් ලැබෙනවා. ඒවා ආණ්ඩුව යටතේ තියාගන්න එක මිනිස්සුට හොදයි.

    eka thamai machan math kiyanne. lankawe oil naha. habai apita ape agriculture eka industries improve karala thamai ape economy eka godaganna ona. ekai math kiyanne. anith eka government inefficiency eka adu karanna ona:nerd::nerd:

    cost of living wadee kiyanne minissunta labena adayamath wadee kiyana eka..... adu adayamak labana thanaka cost of living wadi wenne naaa ne ban.... adu wenawa misaka... naththan business duwanne kohomada..? anika lankawe car walata witharayi ban 400% tax kathandare eekath ratata ena wahana adu karann gahapu ekak misa adayamak labannama gahapu ekak neme.....

    ane ban lankawe dhanapathi palanthiyak innawa. a ayata arthika prashnayak naha. eka nisa cost of living wadi una kiyala unta danenne naha. habai oka hodatama danena minissu innawa me lankawe. uba nikan baba talks ne ban denne. colombo walin pita gihin balapanko minissu widina duka. :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    cost of living wadee kiyanne minissunta labena adayamath wadee kiyana eka..... adu adayamak labana thanaka cost of living wadi wenne naaa ne ban.... adu wenawa misaka... naththan business duwanne kohomada..? anika lankawe car walata witharayi ban 400% tax kathandare eekath ratata ena wahana adu karann gahapu ekak misa adayamak labannama gahapu ekak neme.....

    කොහොමද බන් එහෙම කියනේ??? ජිවන වියදම වැඩි උන පලියට ජිවන තත්වය උසස වෙන්නේ නැහැ. එකට ආදායමයි වැඩි වෙන්න් ඕනි. ලංකාවේ එහෙම වෙනවද? උබ නැවෙන් බැහැලා වගේනේ කතා කරන්නේ. කොලබින් පිටට ගිහින් බලපන්කො. පොඩ්ඩක්. සිම්බාවේ මිලියනේ නොට්ටුවකුත් ගහලා තියනවා. එත් කොහෙද ඒ රටේ දියුණුවක්. ජිවන වියදම වැඩි වෙච්ච පලියට රට දියුණු වෙනවා කියන්න බැහැ.

    ලොකු බිස්නස් නම් දුවනවා. එත් සමනය ව්‍යාපාරිකයෝ ගොඩක් වැටිලා බිස්නස් අඩුයි. මචං අපි කරන්නේ යකඩ වැඩ. එතින් අපි දන්නවා ඉස්සර වැඩ තිබ්බ විදියත් දැන් වැඩ තියන විදියත්. වැඩ තිබ්බත් ගන්න පුළුවන් ලැබේ ගැනත්. සුළු පරිමාන ඔකොම වගේ කඩාවටිගෙන් යන්නේ. එත් අමබනක මුදල් තියන සුපිරි කට්ටිය ගොදාක ඇතිවෙමින් පවතිනවා. හැබැයි උනත් ඒ සුපිරි ටහ්ත්වයට අයිති නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane ban lankawe dhanapathi palanthiyak innawa. a ayata arthika prashnayak naha. eka nisa cost of living wadi una kiyala unta danenne naha. habai oka hodatama danena minissu innawa me lankawe. uba nikan baba talks ne ban denne. colombo walin pita gihin balapanko minissu widina duka. :dull::dull::dull:

    කොහොමද බන් එහෙම කියනේ??? ජිවන වියදම වැඩි උන පලියට ජිවන තත්වය උසස වෙන්නේ නැහැ. එකට ආදායමයි වැඩි වෙන්න් ඕනි. ලංකාවේ එහෙම වෙනවද? උබ නැවෙන් බැහැලා වගේනේ කතා කරන්නේ. කොලබින් පිටට ගිහින් බලපන්කො. පොඩ්ඩක්. සිම්බාවේ මිලියනේ නොට්ටුවකුත් ගහලා තියනවා. එත් කොහෙද ඒ රටේ දියුණුවක්. ජිවන වියදම වැඩි වෙච්ච පලියට රට දියුණු වෙනවා කියන්න බැහැ.

    ජිවන වියදම වැඩි උන පලියට ජිවන තත්වය උසස වෙන්නේ නැහැ. මම ඒක පිලිගන්නවා. හැබැයි ජීවන වියදම වැඩිවෙනවා කියන්නේ මිනිස්සුන්ට වියදම් කරන්නත් ඒ තරන් සල්ලි තියෙනවා කියන එක. අපි පොඩි උදාහරණයක් ගමු. අද පාන් ගෙඩිය රුපියල් 60. ඕක ඉස්සර රුපියල් 10 තිබ්බේ. ඉතින් පාන් ගෙඩිය ගණන් ගිය කියල මිනිස්සු බඩගින්නේ මැරුණද? පාන් කන එක නතර කළාද? බේකරි වහුනද? නැහැ නේද. ජීවන වියදමත් වැඩිවෙන්නේ එක මට්ටමකට. බහුතරයක් මිනිස්සුන්ට දරන්න පුළුවන් විදියට. නැත්තන් පොඩ්ඩක් හිතපන් බිස්නස් එකක් දුවන්නේ කොහොමද කියල? මිනිස්සු සල්ලි දීල බඩු ගත්තේ නැත්තන් ව්‍යාපාරිකය ජීවත් වෙන්නේ කොහොමද?

    දැන් ඔය සිම්බාබ්වේ වල මිලියනේ නොට්ටු කතාව ගමු. එහෙ උද්දමනය වැඩි නිසා තමා මිලියනේ නොට්ටුවක් ගහල තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට පඩි ලැබෙන්නෙත් මිලියන ගණන් වලින්. හැබැයි ඕක ටික කාලයක් විතරයි. ඊට පස්සේ ඔය සල්ලි වල වටිනාකම නැති උනාම ආයේ අලුත් සල්ලි ජාතියක් එනවා මාර්කට් එකට. ඒ කියන්නේ ආයේ ආර්ථිකේ ස්ථාවර වෙනවා ටික කාලෙකට හරි.

    ලොකු බිස්නස් නම් දුවනවා. එත් සමනය ව්‍යාපාරිකයෝ ගොඩක් වැටිලා බිස්නස් අඩුයි. මචං අපි කරන්නේ යකඩ වැඩ. එතින් අපි දන්නවා ඉස්සර වැඩ තිබ්බ විදියත් දැන් වැඩ තියන විදියත්. වැඩ තිබ්බත් ගන්න පුළුවන් ලැබේ ගැනත්. සුළු පරිමාන ඔකොම වගේ කඩාවටිගෙන් යන්නේ. එත් අමබනක මුදල් තියන සුපිරි කට්ටිය ගොදාක ඇතිවෙමින් පවතිනවා. හැබැයි උනත් ඒ සුපිරි ටහ්ත්වයට අයිති නැහැ.

    අපේ ආර්ථිකේ අව්ලක් තියෙනවා නැහැ කියන්න බැහැ. හැබැයි දැන් අපි මැද අදායම් ලබන රටක්. ඇත්ත ඒකයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ආදායම් බදු කියන එක අනුමැත කරන්න බැරි ඔබ අතවශ්‍ය අහාර වලට තෙල් වකට ගහන බදු අනුමත කරනවද??

    අපෝ නැහැ. වෙන අදායමක් නැතිනම් අතවශ්‍ය අහාර වලට ගහන්න වෙනවා. මොකද ආණ්ඩුවට අදායම් උපයගන්න ඕන නිසා. පුද්ගලික අංශය දියුණු උනාම, ඒ ගොල්ලොන්ගේ tax වලින් ඔය බඩු ටික ටික අයින් කරන්න පුළුවන්.

    අදායම් බදු ගහන්නේ ප්‍රශිශ්ත්යකට එක අනුලෝම වන්නේ අදායම අනුව. එතැනදී එක වැරදි කියන්න බැහැ. සියලුම ආර්ථික තත්ත්ව වල බදු කියනදේ ක්‍රියාත්මක වෙනවා. එකෙන් ආර්ථිකය මන්දගමිවනවා කියනවට වඩා ආන්ඩුවට අදායමක් එනව කියන්න පුළුවන්

    ඔව් එක හරි. බදු වල දෙපැත්තක් තියෙනවා. පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. සමහර වෙලාවට ආර්ථිකය පන ගන්න ඕන උනාම, වියපාරවලට ගහන බදු අඩු කරනවා.

    ඔය කියන තත්වය අදාලයි පොඩි පොඩි සේවකයෝ 100-10 වගේ ඉන්න සමාගම් වලට හා නව කරමාන්ත ශාලා වලට. අනිත් ඒවාට අදාළ වෙන්නේ නැහැ.
    දැන් ලංකාවේ තියනවනේ අධික ලැබ ලබන සමාගම් ෆොන්ටෙරා යුනිලීවර් හේමාස් හොල්සිම් ලංවා ඇක්සස් රට දියුණු වෙනකම් ඉන්න ඕනිද ඒවගේ මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්නත්.
    පුද්ගලික අංශ දිරිගැන්වුවා කියලා උන් අවනකව අනේ මිනිස්සු පවු කියලා වලුප් වැඩි කරන්නේ නැහැ. කොච්චර ලැබ හම්බුනත්. ඒවාට නීති රීති තියෙන්නේ ඕනි.

    නීති රීති තියෙන්න ඕන. එකයි අවම වැටුප කියල දෙයක් තියෙන්නේ

    ආණ්ඩුවේ පලදායිතාවය නැත්තේ මේ ක්‍රමය යටතේ නේ. දනවාදයේ ප්‍රතිපල තමයි ඒ සංවර්දනය වන රටවලට බලපාන. දැන් ඔයාම පිලිගන්නවා දනවාදී ක්‍රමය යටතේ ආණ්ඩුවේ පලදයිතාවය අඩුයි කියලා.
    ලංකාවේ දනවාදී ක්‍රමය හමුවේ හොරකම් මැරකම් කොමිස් ගැහිලි, මහා පරිමාණ වංචා දුෂණ කොච්චර ඔඩු දුවලා තියනවද? නිතිය් කොච්චර වල වැදිලා තියනවද? මිනිස්සු කොච්චර මිත්‍යාවට පෙලබිලා තියනවද?? ඒවා මේ ආර්ථික ක්‍රමයේ අතුරුපල තමයි. ඉන්දියාව දිහා බැලුවම එක හොදට ත්රෙනවා
    මේ ක්‍රමය තිබිලා කවුරු ආවත් ඕක ඔහොම තමයි.

    ධනවාදී ක්‍රමයට බර තියෙන මෙහෙ ආණ්ඩුවේ පලදයිතාවය වැඩි කරන්න ගොඩක් වෙහෙස ගන්නවා. අන්ද්වේ තැන්වල ඕනෑව වෙලාවක 20% නිවාඩු අරගෙන. ඉතින් අන්දුවල් කිව්වා 80% වෙන් දුවන්න් පුළුවන් නම්, අනිත් 20% මොකටද කියල 20% අයින් කරන්න කතා වෙනවා. මෙහෙ ගොඩක් සේවකයන් අයින් කර පහුගිය කලේ.

    සමාජවාදී රටවල්වල ඉස්සර ආණ්ඩුවේ පල්දයිතාවය වැඩි කරලා රට දියුණු කරන්න උත්සාහ කල. ගොඩක් ක්‍රම අනුගමනය කර. එච්චර සාර්ථක උනේ නැහැ. දැන් චීනය බලන්න

    A: The major reform achievement has been in privatizing state enterprises. The private sector accounts for 70% of gross domestic product. There are 200 large state companies -- basically, they are in utilities, some in heavy industries, some in resource industries. Traditionally, this is where governments have invested.

    from businesweek

    චීනයේ ආර්ථික සර්තකත්වය් පිටිපස්සේ ඉන්නේ පවුද්ගලික අංශය. ආණ්ඩුවෙන් නීති දාන එක විතරයි කරන්නේ. රාජ්‍ය අංශයේ ප්‍රශ්න තියෙනවා (නිලදරිවාදය, දේශපාලනේ, state capitalism) වගේ දේවල්. මේවා මොන ක්‍රමය යටතේත් (සමාජවාදී හෝ ධනවාදී බර ) වෙනසක් නැහැ.

    ඒකතමයි කියන්නේ ලනකාවේ පවතින ක්‍රමය අනුව රජයේ සේවකයාගෙන් රටට නිෂ්පනයකට ආදායමක් ගන්න දායක කරගන්න බැරිවෙලා තියනවා. ඔක්කොම දෙන්නේ පුටු රත් කර කර ඉන්න පත්වීම. රටේ නිෂ්පාදනයට රජයේ සේවකයා දායක කරගන්න බැහැ කියන්නේ මේ ක්‍රමය සමත් කියන එක.

    එකට විසදුම පුද්ගලීකරණය නෙමයි. රාජ්ජ අංශය හරියට හදන එක. පාඩු නොලබා යන්න පුළුවන් ක්‍රමයකට හද එක. සියල්ල පුද්ලලිඅකරණය කලාම වෙන්නේ රටේ ආර්ථිකය පාලනය කරන එක සමාගම් කීපයක් යටතට යන එක.. සමාගම් වලට ඕනි විදියට සියල්ල සිදුවෙන්න් ගන්නවා. ඕනි නම් වැඩ කරපන් අපි කියන විදියට නැත්තම මැරියන් කියන තැනට එනවා.

    (1)රාජ්‍ය අංශය කාර්යක්ෂම කල යුතයි.
    (2) ආර්ථික සමජීය වශයෙන් උපක්‍රමික අංශ පමණක් රාජ්‍ය අංශය යටතත ගත යුතයි
    (3) වියපරවලින් බහුතරය පවුද්ගලික අංශය යටතේ තිබිම (70% වත්)