දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත Ŝ
ජංගම දුරකථන සිම් කාඩ් පත් නිකුත් කිරීමේදී ග්‍රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පෙන්වා දෙයි.
ඒ සිම් පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන වංචනික ක්‍රියා වැළැක්වීම අරමුණු කරගනිමිනි.
මියගිය අයගේ සහ අස්ථාන ගත වන හැඳුනුම්පත්, රියැදුරු බලපත් උපයෝගී කරගෙන සිම්කාඩ් පත් ලබාගෙන සිදු කරනු ලබන වංචා හා අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පැවතීම නිසා ඉදිරියේදී මේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන බව සඳහන්.
සිම්කාඩ් පත් මෙරටට හඳුන්වා දුන් අවදියේ එවන් ක්‍රමවේදයක් තිබුණ ද දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වැඩි වීම නිසා ඒ ක්‍රමවේදය ගිලිහී ගිය බව කොමිසම පෙන්වා දෙයි.

ඇතුලේ හොරගුහවක්. ඔක්කොම ඉන්නේ company වල සාක්කුවලට බැහැල කුට්ටිය දෙනවනම්. පාරිභෝගික අපට හෙන ගැහුනත් කමක් නැහැ. අනේ මගෙ රට. 