දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය අරඹයි

lilman

Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo

    දුරකථන සංඛ්‍යාත
    ප්‍රතිසංවිධානය අරඹයි
    •••••••••••••••••••••••••••••••••

    සියලු ජංගම දුරකතන ජාල දීපව්‍යාප්ත දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය ආරම්භ කර තිබේ.එ අනුව එම ක්‍රියාවලිය මේ වනවිට සිදුකරමින් පවතී.

    2024 වර්ෂයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සියලු ජංගම දුරකතන සන්නවේදන සේවා සමාගම් සමඟ අත්සන් කළ ගිවිසුමේ මෙම සංඛ්‍යාත ප්‍රතිසංවිධානය දක්වා තිබුනි.

    මෙහිදි කොටස් කිහිපයකට භාවිත කළ සංඛ්‍යාත තනි කොටසක් ලෙස එක්ක පාරිභෝගිකන්ට ලබා දීම සිදුවේ.

    උදාහරණයක් ලෙස

    Mobitel Brand 03 15 MHz සහ 5MHz ලෙස පැවැති සංඛ්‍යත කොටස් දෙක එක්කර 20 MHz ලෙස සකස් කර ඇත.

    මේ ඔස්සේ දුරකථන සේවාවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ යයි.

    ••••••••••••••••••••••••

    මොකක් ද මේ දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය කියන්නේ

    ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය (Mobile Frequency Rearrangement / Spectrum Reallocation) යනු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මගින් ජංගම දුරකථන සේවා සඳහා භාවිත කරන රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලිය (radio frequency spectrum) කළමනාකරණය කිරීම සහ නැවත වෙන් කිරීමකි.

    මෙය රටේ ජංගම සන්නිවේදන සේවා කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.

    වර්තමාන තත්ත්වය මෙසේ විස්තර කළ හැක

    1. 5G සංඛ්‍යාත වෙන් කිරීම් (5G Spectrum Allocation)

    * ප්‍රධාන අවධානය: TRCSL හි ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ 5G තාක්ෂණය සඳහා අවශ්‍ය සංඛ්‍යාත වෙන් කිරීමටයි. 5G යනු ඉහළ වේගයන්, අඩු ප්‍රමාදයක් (low latency) සහ විශාල ධාරිතාවක් සපයන නවතම ජංගම තාක්ෂණයයි.

    * 3.5 GHz කලාපය (3.5 GHz Band): 5G සඳහා ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රධාන කලාපය වන්නේ 3.5 GHz කලාපය (n78) වේ. ශ්‍රී ලංකාවේ 5G සේවා දියත් කිරීම සඳහා මෙම කලාපය වෙන් කිරීමට TRCSL කටයුතු කරමින් සිටී.

    * වෙන්දේසි ක්‍රියාවලිය: 2024 වසරේදී, TRCSL විසින් 3500 MHz සහ 27 GHz කලාපවල සංඛ්‍යාත වෙන්දේසියක් (Auction of Radio Spectrum) පැවැත්වීමට අදහස් කරන බව නිවේදනය කරන ලදි. ඒ සඳහා පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම් (consultation) සිදු කර තිබුණි

    * වර්තමාන තත්ත්වය: 2025 ජනවාරි මාසය වන විට, Mobitel සහ Dialog Axiata වැනි ප්‍රධාන ක්‍රියාකරුවන් විසින් 5G පූර්ව-වාණිජ පරීක්ෂණ (pre-commercial trials) පවත්වා ඇත.

    කෙසේ වෙතත්, 5G සංඛ්‍යාත වෙන්දේසි ක්‍රියාවලියේ අවසන් ප්‍රගතිය පිළිබඳ නිල නිවේදනයක් තවමත් නිකුත් කර නැත

    TRCSL විසින් "Notice of Assignment (NoA) For Auction of Radio Spectrum in 3500 MHz & 27GHz Bands" ලේඛනයට අදාළව පාර්ශවකරුවන්ගෙන් අදහස් ලබාගෙන ඇති අතර, එය සලකා බැලීමෙන් පසු අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    2. පවතින සංඛ්‍යාත ප්‍රතිසංවිධානය (Refarming Existing Frequencies)

    * 2G/3G සිට 4G දක්වා: ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ක්‍රියාකරුවන්, විශේෂයෙන්ම Dialog සහ Airtel, ඔවුන්ගේ පැරණි 3G සඳහා භාවිත කළ 2100 MHz කලාපය 4G සේවා සඳහා නැවත ප්‍රතිසංවිධානය (refarming) කර තිබෙනවා. මෙය 4G ජාල සඳහා වැඩි ධාරිතාවක් සහ වේගයක් ලබා දීමට උපකාරී වේ.

    * සංඛ්‍යාත හිඟය: Opensignal වැනි ආයතන වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන් 4G ජාල වෙත සම්බන්ධ වන්නේ සීමිත සංඛ්‍යාත ප්‍රමාණයක් (3 MHz සිට 20 MHz දක්වා) භාවිත කරමිනි. මෙය සාමාන්‍ය 4G බාගත කිරීමේ වේගයට බලපාන අතර, කාර්යක්ෂම සංඛ්‍යාත කළමනාකරණයක අවශ්‍යතාවය ඉස්මතු කරයි.

    3. TRCSL හි කාර්යභාරය (Role of TRCSL)

    * නියාමන අධිකාරිය: ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත වර්ණාවලිය කළමනාකරණය කිරීම, වෙන් කිරීම සහ නියාමනය කිරීමේ ප්‍රධාන අධිකාරිය වන්නේ TRCSL යි.

    * කාර්යක්ෂම භාවිතය: සංඛ්‍යාත සම්පත කාර්යක්ෂමව භාවිතා කිරීම, තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සහ නව තාක්ෂණයන් සඳහා අවකාශ ලබා දීම TRCSL හි අරමුණු වේ. මේ සඳහා වරින් වර සංඛ්‍යාත අවශ්‍යතා සමාලෝචනය කර අවශ්‍ය ගැලපීම් සිදු කරනු ලබයි.

    * අනාගත සැලසුම්: TRCSL විසින් 2027 වන විට දිවයින පුරා 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර, 5G බලපත්‍ර ලබා දීම මේ සඳහා තීරණාත්මක පියවරක් වනු ඇත.

    සාරාංශයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය ක්‍රියාකාරී ක්‍රියාවලියක් වන අතර, නවතම 5G තාක්ෂණය දියත් කිරීම සඳහා අවශ්‍ය සංඛ්‍යාත වෙන් කිරීමට ප්‍රධාන අවධානය යොමුවී ඇත.

    මෙයට අමතරව, පවතින 2G/3G සංඛ්‍යාත 4G සේවා සඳහා නැවත ප්‍රතිසංවිධානය කිරීම ද සිදුවෙමින් පවතී. TRCSL මෙම සමස්ත ක්‍රියාවලිය මෙහෙයවමින් ජංගම සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට සහය දක්වයි.

    #FMTV 🇱🇰
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ආණ්ඩුවට ශ්‍රී ලංකාවේ දුරකථන පාරිභෝගිකයන් වෙනුවෙන් කරන්න තියෙන හොදම දේ තමයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම නොහොත් TRCSL කියන හොර ගුහාව අහෝසි කරලා දාන එක.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Jeppan ta thava Boru vegayen vidinna puluwna
     
    • Haha
    Reactions: ruka!

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,592
    113
    Earth
    Mobitel පාන්ඩුවෙ. හාන්ස් කාරයත් පාන්ඩුවෙ. ඉතින් මුන් කරන මේ හැම වැඩකම හෙන conflict of interest එකක් තියෙනවනෙ. :unsure:

    බලාගෙන ගියාම Main Telco දෙකම ආන්ඩුවෙ. Hutch විතරයි එලියෙ ඉන්නෙ. උන්ට ලොකුවට ඕමනාවක් නෑ අරුන් දෙන්නා එක්ක ගේමට යන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,379
    113
    IMG-2640.jpg

    me wage hoda line
    ekak ganin ban
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    Number portability කවද්ද?

    දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව​

    20 05 2025 - 09:00 AM​

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ සැලකිරීම් ලබා ගනිමින් සිටී. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස කොමිෂන් සභාව පහත සඳහන් පියවර ගෙන ඇත.

    ප්‍රථමයෙන් ම , කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලදී .

    2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගන්නා ලදී.

    ඉන්පසු විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලදී. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් ( Lanka Number Portability Services (Guarantee) Limited ) (LNPS) නමින් සමාගමක් ස්ථාපනය කරන ලදී.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය Lanka Number Portability Services (Guarantee) Limited ) (LNPS) වෙත ප්‍රදානය කරන ලදී.

    දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇත. දුරකථන ක්‍රියාකරු සමුහය විසින් දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය සඳහා අළෙවිකරු තෝරා ගැනීම අවසන් කර ඇත. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකථන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

    ඉන් අනතුරුව , දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු , ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරනු ඇත.
     
    තා අවුරුදු කීයක් යාවිද මංදා?
     
    • Love
    • Like
    Reactions: NRTG and lilman

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    dialog, slt mona jarawakda ban. udema nagitala balanakota connect wen na. gatta starlink

    starlink ganin. dialog, slt okkoma horu.

    starlink kiyanne wenama status ekak itim. local isp' okkoma adukule jarawa. mona terms dammath wadak na.

    starlink gattama dialog router eka car ekata danna inne math.

    starlink ganna

    starlink ganin

    ekama wisaduma starlink thama
     
    • Dislike
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    Number portability කවද්ද?

    ලන්කාවෙ මිනිස්සු හූරන් කන එකෙන් 99% ක් ම බේරගන්න පුලුවන් ක්‍රමේ මේක. ඔස්ට්‍රේලියාවෙ නම්බර් එක අපිට ඕනෙ එකාට අපි මාරු කරනව පැකේජ් අපිට ඕනෙ විදිහට නැත්තන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    කම්පැනි කාරෙයො සල්ලි හොයාන මීනිස්සුන්ට රස්ස දිලා , ටවර් ගහන්. සිම් විකුනන් දගලල දගලල කම්පනි එක අප්කරාම

    ආන්ඩුව:

    මෙ කැල්ලෙ හුලග අපෙ! එ හුලගෙ සිග්නල් යවන්න කප්පම දිපල්ල!
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,592
    113
    Earth
    ලන්කාවෙ මිනිස්සු හූරන් කන එකෙන් 99% ක් ම බේරගන්න පුලුවන් ක්‍රමේ මේක. ඔස්ට්‍රේලියාවෙ නම්බර් එක අපිට ඕනෙ එකාට අපි මාරු කරනව පැකේජ් අපිට ඕනෙ විදිහට නැත්තන්.

    මේ වැඩේම වෙන්න ඕන Electricity වලටත්.
     
    • Like
    Reactions: NRTG