5G - TRCSL වැඩ පෙන්වයි.මීක් කියයි..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113

    Breaking News❤️🗼

    ශ්‍රී ලංකාවේ 5G යුගය අරඹමින් ඓතිහාසික වර්ණාවලි වෙන්දේසි දැන්වීම නිකුත් වෙයි

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 5G වර්ණාවලී වෙන්දේසි පැවරුම් දැන්වීම (Notice of Assignment - NoA) නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම ඓතිහාසික වෙන්දේසිය හරහා රට පුරා ඊළඟ පරම්පරාවේ IMT2020 (5G) බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලිය පිරිනැමීම අපේක්ෂා කෙරේ.

    වෙන්දේසියේ ප්‍රධාන අරමුණු සහ සංඛ්‍යාත

    TRCSL මගින් මෙම වෙන්දේසිය හරහා විනිවිදභාවය, තරඟකාරීත්වය සහ වර්ණාවලි සම්පත්වල කාර්යක්ෂම භාවිතය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම, 5G සේවා රට පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

    වෙන්දේසිය සඳහා පිරිනමන ප්‍රධාන සංඛ්‍යාත වන්නේ

    3500 MHz (3400-3600 MHz)
    27 GHz (27000-27400 MHz)

    අදියර දෙකකින් යුත් ක්‍රියාවලියක්
    වෙන්දේසිය "Clock Stage" (ඔරලෝසු අදියර) සහ "Frequency Identification Stage" (සංඛ්‍යාත හඳුනාගැනීමේ අදියර) යන අදියර දෙකකින් පැවැත්වේ.

    මෙම සමස්ත ක්‍රියාවලිය දැන්වීම නිකුත් කළ දින සිට වැඩ කරන දින 50ක පමණ කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතය.

    සැබෑ වෙන්දේසියට පෙර ලංසුකරුවන් හුරු කරවීම සඳහා ආදර්ශ වෙන්දේසියක් (Mock Auction) ද පැවැත්වීමට නියමිතය.

    සුදුසුකම් සහ අයදුම්පත් කැඳවීම

    වෙන්දේසියට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ පනතේ 17(2) වගන්තිය යටතේ ඩිජිටල් ජංගම Cellular සන්නිවේදන සේවා සැපයීම සඳහා බලපත්‍රලාභී ඕනෑම ආයතනයකට (Cellular Mobile Operator) පමණි.

    අයදුම්පත් භාරගැනීම සඳහා වන අවසාන දිනය 2025 නොවැම්බර් 10 වන දින ප.ව. 4:00 ලෙස නම් කර ඇති අතර, අයදුම්පත් කොළඹ 08, ඇල්විටිගල මාවතේ පිහිටි TRCSL මූලස්ථානය වෙත භාර දිය යුතුය.

    මූලික මූල්‍ය කොන්දේසි

    ආපසු නොගෙවන ඇතුළත්වීමේ ගාස්තුව: රු. 100,000/-

    බැංකු ඇපකරය: 3500 MHz සඳහා කොටසකට රු. 450,000,000 ක් සහ 27 GHz සඳහා කොටසකට රු. 27,000,000 ක් බැගින්.

    ජාල ව්‍යාප්ත කිරීමේ සහ ගෙවීම් කොන්දේසි

    වෙන්දේසියෙන් දිනාගන්නා වර්ණාවලි භාවිත අයිතිය වසර 10ක කාලයක් සඳහා වලංගු වේ.

    ජයග්‍රාහී ලංසුකරුවන් සඳහා 3500 MHz කලාපය සම්බන්ධයෙන් දැඩි ජාල ව්‍යාප්ත කිරීමේ වගකීම් (Roll-Out Obligations) පනවා ඇති අතර, වසර 5ක් ඇතුළත රටේ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සැලකිය යුතු ප්‍රමාණයක් 5G ජාලයෙන් ආවරණය කිරීමට සිදුවේ. (උදා: පස්වන වසර වන විට මහා නගර සභා වලින් 80% ක් ආවරණය කිරීම).

    ජයග්‍රාහී ලංසුකරුවන්ට ගෙවීම් කිරීම සඳහා පහසුකම් සලසමින් විකල්ප දෙකක් හඳුන්වා දී ඇත

    එකවර සම්පූර්ණ ගෙවීම

    දින 10ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් 10%ක වට්ටමක් හිමි වේ.

    වාර්ෂික වාරික පහකින් ගෙවීම

    10%ක මූලික ගෙවීමකින් පසුව, ඉතිරිය වසර හතරක් පුරා වාර්ෂික වාරික (15%, 20%, 25%, 30%) ලෙස ගෙවිය හැක.

    ජාල ක්‍රියාකරුවන් ජාත්‍යන්තර 5G ජාල ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, වර්ණාවලි භාවිතය සඳහා වර්ණාවලි බෙදාහදා ගැනීම (Spectrum Sharing) සඳහා අවසර ඇති නමුත්, වර්ණාවලි වෙළඳාම් කිරීම (Spectrum Trading) සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    මෙම වෙන්දේසිය සාර්ථකව නිමවීමත් සමඟ, ශ්‍රී ලංකාවට අධිවේගී 5G සේවා හඳුන්වා දීමටත්, ආර්ථිකය පුළුල් ලෙස ඩිජිටල්කරණය කිරීමටත් මග පෑදෙනු ඇත.

    වසර ගණනාවක් මෙම වෙන්දේසිය කල් දමමින් පැවැති අතර සැබැවින්ම මෙම ක්‍රියාවලිය ඉටවීම මෙරට 5G තාක්ෂණය නිල වශයෙන් ආරම්භ වීමේ පූර්ව ක්‍රියාවලියයි.

    එබැවින් නිල 5G ක්‍රියාන්විතය අනිවාර්යෙන් ක්‍රියාත්මත වන බවට මේ වන පැහැදිලිය.

    මෙම ලිපියේ අයිතිය
    #FMTV 🇱🇰


    5G වලින් 100mbps හම්බවෙනකම් බලන් ඉන්න අපි...

    Lonely Oh No GIF by La Guarimba Film Festival

    4g launch karapu speed ekath ekka wadima kalayak aduna eka thama 5g kiyanne?

    thama yanne trial dan aurudu keeyakda? aparade NSA thama denna wenne 4g uda, kohomath SA denawa nam 500m walin wage tower gahanna wei

    ලංකාවේ 5G වලට භාවිතා කරන frequency bands මොනවද මචන් ? (like N1,N5,N78 etc)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,215
    113
    Forest
    Starlink ටික detain කරන් පු* දෙනවා
    TRCSL කියන්නේ සාපයක්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    700/850/1800/2100 MHz natnam 5G wedak ne lankawata. High frequency denna puluwan town area witharai
    Low frequency walin eka kanuwen dura untath 5g denna giyoth speed na. Ethakota ithin 4g wage thama.. 5g kiyala wenasak na.. wadak karaganna ona untath wadak ganna ba..
    Enisa dan karanna yana widiyata mid range frequency walin dena eka thama honda..
    Users la godak innawanam aluthen tower gahai, users la naththan 4g thama.. habai 4g user base eka adu wena nisa 4g walath speed wadi wei..
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Low frequency walin eka kanuwen dura untath 5g denna giyoth speed na. Ethakota ithin 4g wage thama.. 5g kiyala wenasak na.. wadak karaganna ona untath wadak ganna ba..
    Enisa dan karanna yana widiyata mid range frequency walin dena eka thama honda..
    Users la godak innawanam aluthen tower gahai, users la naththan 4g thama.. habai 4g user base eka adu wena nisa 4g walath speed wadi wei..
    ehenam USA th 700n 5G denne. den karanna yana widiyen melo wedak ne. town eken km 2-3 giyama 5g ne. kawda vahana wala yana gaman 5g use karanne. moda wedak.
    anika tower aluthen gahan ne thiyana ewath glaonawa misak
     
    • Like
    Reactions: Rhapscallion

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    ehenam USA th 700n 5G denne. den karanna yana widiyen melo wedak ne. town eken km 2-3 giyama 5g ne. kawda vahana wala yana gaman 5g use karanne. moda wedak.
    anika tower aluthen gahan ne thiyana ewath glaonawa misak
    700 eke yanne 50mbps, e speed 4g walin dennath puluwan ona nam..
    USA kiyanne km ganan athin minissu inna godak loku ratak. Anika un $50 wage normal Internet walata gewanawa..
    Ape un wage $1 social media unlimited dan masema duwana un nemei inne..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    700 eke yanne 50mbps, e speed 4g walin dennath puluwan ona nam..
    USA kiyanne km ganan athin minissu inna godak loku ratak. Anika un $50 wage normal Internet walata gewanawa..
    Ape un wage $1 social media unlimited dan masema duwana un nemei inne..
    700 + 1800 or 2100 CA karala dunnaki bn

    lankawe thama analog tv nisa full 5g spectrum available na mama danna widiyata. 2028-2030 wenakota analog tv ain kalama thama full spectrum available wenne.

    https://dttb.gov.lk/
    analog walata wiyadama wadi. cancel karanna thiyenne
    ------ Post added on Oct 4, 2025 at 8:33 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    analog walata wiyadama wadi. cancel karanna thiyenne
    ------ Post added on Oct 4, 2025 at 8:33 PM
    ehema analog off kaloth bn lankawema tv nane bn.
    mulinma digital broadcasting start karanawa 2027 wenakota, e idan 2030 wenakan, analog & digital tv dekama thiyenawa.
    eita passe 2030 di, analog off karanawa. 2027-2030 thama transition period eka.
     
    • Like
    Reactions: Yeezus

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    986
    539
    93
    Siri Baijan
    මේ ඊයෙ පෙරේදා තමයි 4G සිග්නල් අවුල් හැදුවේ. 5G එකත් නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ දෙයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    5G kiwwama minissu expect karanne 1Gbps speeds, nathuwa 100, 200 mbps nemei ban.. ewa danatath 4g walinuth puluwan..
    Wena ratawala 2.5Gbps pawa yanawa 5g
    ne 5G use cases wenai bn, IoT ehema. loku speed one ne coverage thamai one ewata

    මේ ඊයෙ පෙරේදා තමයි 4G සිග්නල් අවුල් හැදුවේ. 5G එකත් නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ දෙයි.
    mehe mobitel HSPA thawama
    ------ Post added on Oct 4, 2025 at 10:22 PM
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    අපි නම් ඕව පාවිච්චි කරන්නේ නැ 2029 වෙනකන්. නාමල් ආපු ගමන් 10G දෙනවා :yes::love: