දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙන&#35

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙන&#35

    athmaliyanageananmanan.jpg
    [FONT=&quot]
    කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන[/FONT]
    [FONT=&quot]බිත්තියෙහ රඳවා තිබූ [/FONT][FONT=&quot]සිත් කවිය[/FONT][FONT=&quot]ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන[/FONT][FONT=&quot]ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ[/FONT][FONT=&quot]ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන[/FONT][FONT=&quot]විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි.
    [/FONT]

    [FONT=&quot]මේ[/FONT][FONT=&quot]සිත් කවිය[/FONT][FONT=&quot]අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්[/FONT][FONT=&quot]හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය[/FONT], [FONT=&quot]උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත[/FONT][FONT=&quot]රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා[/FONT], [FONT=&quot]සිත් කවියේ අදහස්[/FONT][FONT=&quot]කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට[/FONT], [FONT=&quot]ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා.[/FONT][FONT=&quot]සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත්[/FONT][FONT=&quot]එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක්[/FONT][FONT=&quot]වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ[/FONT][FONT=&quot]ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ[/FONT][FONT=&quot]වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.[/FONT]

    [FONT=&quot]එක්තරා[/FONT][FONT=&quot]උදෑසනක රචිතා [/FONT][FONT=&quot]සිත් කවිය[/FONT][FONT=&quot]ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර[/FONT][FONT=&quot]පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි[/FONT][FONT=&quot]ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට[/FONT][FONT=&quot]හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු[/FONT][FONT=&quot]ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ[/FONT][FONT=&quot]දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා.[/FONT][FONT=&quot]ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු [/FONT][FONT=&quot]සිත් කවියට[/FONT][FONT=&quot]නිසඳසක්[/FONT][FONT=&quot]ලියලා. රචිතා ඒක කියෙව්වා.[/FONT]

    [FONT=&quot]ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි[/FONT]

    [FONT=&quot]මේ[/FONT][FONT=&quot]ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු[/FONT][FONT=&quot]ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට[/FONT][FONT=&quot]ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක්[/FONT][FONT=&quot]ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ[/FONT][FONT=&quot]අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.[/FONT]

    [FONT=&quot]පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්[/FONT]
    [FONT=&quot]නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්[/FONT]
    [FONT=&quot]ආවාට නොකියාම ජීවිතෙන්[/FONT]
    [FONT=&quot]නවතින්න හිතුවාද ආයෙමත්[/FONT][FONT=&quot]ආදරෙන්[/FONT]

    [FONT=&quot]දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා[/FONT]
    [FONT=&quot]මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා[/FONT]
    [FONT=&quot]හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා[/FONT]
    [FONT=&quot]ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා[/FONT]

    [FONT=&quot]නුහුරු නුපුරුදු හීන අරන්[/FONT]
    [FONT=&quot]ළඟට ඇවිදින් තුරුළු වෙමින්[/FONT]

    [FONT=&quot]ආවාට නොකියාම ජීවිතෙන්[/FONT]
    [FONT=&quot]නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්[/FONT]

    [FONT=&quot]මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා[/FONT]
    [FONT=&quot]රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා[/FONT]
    [FONT=&quot]ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා[/FONT]
    [FONT=&quot]අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා[/FONT]

    [FONT=&quot]ගීයේ[/FONT][FONT=&quot]මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු[/FONT][FONT=&quot]වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට[/FONT][FONT=&quot]ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.[/FONT]

    [FONT=&quot]අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.[/FONT]
    [FONT=&quot]රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.[/FONT]
    [FONT=&quot]එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.[/FONT]
    [FONT=&quot]තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.[/FONT]
    [FONT=&quot]ෂා[/FONT], [FONT=&quot]මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.[/FONT]
    [FONT=&quot]ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.[/FONT]
    [FONT=&quot]මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.[/FONT]
    [FONT=&quot]මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.[/FONT]
    [FONT=&quot]ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.[/FONT]
    [FONT=&quot]එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.[/FONT]
    [FONT=&quot]අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.[/FONT]
    [FONT=&quot]තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.[/FONT]

    [FONT=&quot]තවත්[/FONT][FONT=&quot]උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය[/FONT][FONT=&quot]හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත්[/FONT][FONT=&quot]පහුවෙලා.[/FONT]


    [FONT=&quot]උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද[/FONT]?

    [FONT=&quot]ආත්මා [/FONT], [FONT=&quot]තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.[/FONT]
    [FONT=&quot]ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.[/FONT]
    [FONT=&quot]අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.[/FONT]
    [FONT=&quot]ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.[/FONT]

    [FONT=&quot]විශ්වවිද්‍යාලයේ[/FONT][FONT=&quot]නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා.[/FONT][FONT=&quot]විශ්වවිද්‍යාලය පුරා [/FONT][FONT=&quot]ආයෙමත් ආදරෙන්[/FONT][FONT=&quot]ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ[/FONT][FONT=&quot]කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ[/FONT][FONT=&quot]පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි.[/FONT][FONT=&quot]මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. [/FONT]

    [FONT=&quot]අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ[/FONT][FONT=&quot]පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.[/FONT]

    Thread එක රස වින්දානම් බලලා උඩ දාලා යන්න..
    ආයෙ දවසක හම්බවෙමු.:cool::cool::cool::cool:
    ස්තුතියි!
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් ආසම සින්දුවක්... අලුතෙන් ඇහිච්ච හොඳ වචන ටිකක් තියෙනව සින්දුවක්... ඕක ආත්මා කියපු නිසා තමයි ඔච්චර ලස්සන වුනේ... කිව්වත් වගේ ආත්මා ටම හදපු සින්දුවක්... මට තාම මතකයි ඒ කාලේ තිබ්බ ලියතඹරා පිස්සුව... මේකත් ඒ වගේ තමයි... :yes:
    ගොඩක් ස්තූතියි මචං..සිංදුව පසුබිමේ තිබුනු නොදන්න දේවල් ටිකක් දැනගත්තා...:yes:
     
    • Like
    Reactions: adflavion

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මමත් ආසම සින්දුවක්... අලුතෙන් ඇහිච්ච හොඳ වචන ටිකක් තියෙනව සින්දුවක්... ඕක ආත්මා කියපු නිසා තමයි ඔච්චර ලස්සන වුනේ... කිව්වත් වගේ ආත්මා ටම හදපු සින්දුවක්... මට තාම මතකයි ඒ කාලේ තිබ්බ ලියතඹරා පිස්සුව... මේකත් ඒ වගේ තමයි... :yes:
    ගොඩක් ස්තූතියි මචං..සිංදුව පසුබිමේ තිබුනු නොදන්න දේවල් ටිකක් දැනගත්තා...:yes:

    Thanks Bro ! ! ! :cool::cool::cool::cool::cool::cool:
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මමත් ආසම සින්දුවක්... අලුතෙන් ඇහිච්ච හොඳ වචන ටිකක් තියෙනව සින්දුවක්... ඕක ආත්මා කියපු නිසා තමයි ඔච්චර ලස්සන වුනේ... කිව්වත් වගේ ආත්මා ටම හදපු සින්දුවක්... මට තාම මතකයි ඒ කාලේ තිබ්බ ලියතඹරා පිස්සුව... මේකත් ඒ වගේ තමයි... :yes:
    ගොඩක් ස්තූතියි මචං..සිංදුව පසුබිමේ තිබුනු නොදන්න දේවල් ටිකක් දැනගත්තා...:yes:

    පට්ටම සිංදුවක් බන්
    මං ආසම සිංදුවක්


    yeah bro- same here :yes::yes: