දුරස්ථ_පාලකයක්_හදමු

Sep 15, 2014
87
27
0
දුරස්ථ_පාලකයක්_හදමු

ෆෝන් එකෙන් දුරස්ථ පාලකයක් හදමු.

තොපිට අද මම කියල දෙන්න යන්නේ පරණ ෆෝන් එකකින් දුරස්ත පලකයක් හෙවත් ඉංග්‍රීසියෙන්ම කියනවනම් remote control එකක් හදාගන්නේ කොහොමද කියල. වැඩේ ටිකක් සරලයි.

හොයාගනින් හොඳ පරණ ෆෝන් ලඩියක්. පරණ උනත් වයිබ්‍රේෂන් පහසුම්කම් වලින් සමන්විත් එකක් වෙන්න ඕනේ.

Original-Unlocked-Nokia-6310i-cell-phones-for-old-people-Free-shipping.jpg


හරි දැන් ඉස්සලම ෆෝන් එක ගලවමු. හොඳ ඉස්කුරුප්පු නියන් සෙට් එකක් තිබ්බනම් වැඩේ පහසු වෙනවා.

ඊට පස්සේ ඔකේ තියනවා වයිබ්‍රේටර් මොටරේ . ඔන්න ඔකත් පරිස්සමෙන් ගලව ගනින්.

resizer.php


දැන් ඔය මොටරේට වයර් දෙකක් සම්බන්ධ වෙන් ස්ථානයක් තියනවනේ circuit එකේ.අන්න ඒ ස්ථානයට වයර් දෙකක් පාස්ස ගනින් . ඊට පස්සේ ඔය වයර් දෙක පොඩි සිදුරක් හදල එලියට ගන්න.

ඊට පස්සේ එලියට ගත්තට පස්සේ ෆෝන් එක පියනෙන් හොදින් වහපන්.


දැන් මෙහෙම යමු.

images.jpg



දැන් ඔය ගත්ත වයර් දෙකට රිලේ එකක් සම්බන්ධ කරපන්. මේකේ ධන රින මාරු උනා කියල ගැටළුවක් පැන නගින්නේ නැහැ. සම්බන්ධ කලාට පසු මේකට කෝල් එකක් අරන් බලපන්. ටකස් ගාල රිලේ එකෙන් සද්දයක් එයි.

NO+RELAY.jpg


මෙන්න මේ විදිහට LED බල්බ් එකක් සෙට් කරලා අයෙත් කෝල් එකක් ගනින්. එතකොට LED බල්බය පත්තු වෙයි.

ඉතින් මේ මුල ධර්මය පාවිච්චි කරලා ලෝකේ කොහේ ඉඳල හරි අපිට ගෙදර තියන උපකරණයක් මෙවැනි ක්‍රමයකින් පාලනය කරන්න පුළුවන්.


එහෙනම් ජයවේව.
 
Last edited:

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මරු මරු. මම මේ විදිහට හදලා මේ ගැජට් එක සරුංගලයකට හයි කරලා රෑට යවනවා. :Dඑතකොට මිනිස්සු සරුංගලයට වඳියි දේවතා එළියක් කියල හිතලා... නියමයි අයිලාාා:rofl: