දුර්භික්ෂයක්
රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා එ.ජා.ප. ය යළි බලයට පත්වන තුරු වැඩිපුර හාල්, පරිප්පු, කිරිපිටි රැස්කර තබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය.
පවතින දේශපාලන අර්බුදය නිසා ආහාර ආනයනකරුවන් භාණ්ඩ ආනයනය සඳහා ණයවර අලුතින් විවෘත නොකරන බවත්, ඒ නිසා තව ටික දින කිහිපයකින් රට තුළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී දුර්භික්ෂයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ මහතා කීවේය. එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.
ඩොලරය වේගයෙන් ඉහළට යනවා.
දැන් බන්දුල කියන්නේ එය රුපියල් 200 ට ගියත් නතර කරන්න බැහැ කියලා. අද හදවත් ඇති අය ඊනියා ආණ්ඩුවේ නැහැ. හදවතක් ඇති බව කියන ජනාධිපතිත් මේවා දැක දැක අහක බලාගෙනද ඉන්නේ කියා සිතෙනවා. රට වෙනුවෙන් අපි මීට පෙරත් වීථි සටන් කර තිබෙනවා. අවශ්‍ය නම් ඉදිරියටත් එය යළි ක්‍රියාත්මක කරනවා.
lankaCnews