දුර්ලභ Alexandrite මාණික්‍ය ගැන දන්නවද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දුර්ලභ Alexandrite මාණික්‍ය ගැන දන්නවද?

    (1792–1866) ඉස්සෙල්ලම පින්ලන්ත ජාතිකයන් තමයි මේ මැණික් හොයාගෙන තියෙන්නෙ . ඒ රුසියාවෙදි , රුසියාවෙන් තමයිලු විසාල ගණයේ පසිංගල් හම්බුවෙන්නෙ, කැරට් 3කට වැඩිය ලොකු ගලක් කලාතුරකින් තමයිලු හම්බවෙන්නෙ. ලංකාව ඉන්දියාවට අමතරව, බ්‍රසීලය, ටැන්සානියාව, මැඩගස්කරය ආදී රටවලිනුත් හම්බවෙලා තියනවා. මේකයි වෛරෝඩියයි එක කුලේ මැණික් නිසා කපනකොට පසින්ගල් වෛරොඩි (Cat's eye Alexandrite) ලැබෙන වෙලාවලුත් තියනවලු.

    alexandrite-hero.jpg


    කැරට් එකක් රු ලක්ෂ 20ක් පමණ් වේ:shocked:
    දවල් "පච්ච" රෑට "රූබි" ලෙස අනුවර්ථ නාමයකින් හඳුන්වන පසිංගල් සහ පසිංගල් වෛරෝඩි යන මැණික් වර්ග හරිම විජ්ජාකාරී මැණික් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මෙම මැණික් දහවල් කාලයේ පෙනෙන වර්ණයට හාත්පසින් වෙනස් වර්ණයකට රාත්‍රි කාලයේ පන්දම් ආලෝකය හෝ ටංස්ටන් ආලෝකය හමුවේ දිස්වන නිසා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ඔරිස්සා වැනි ප්‍රාන්ත වල ඉතා හොඳ තත්ත්වයේ පසිංගල් හමුවන අතර මෙම පසිංගල් ඉතා දුර්ලභ ඒ වගේම වටිනාකමින් ඉතා වැඩි අධික ඉල්ලුමක් පවතින මැණික් වර්ගයක්. ක්‍රිසෝබෙරිල් කුලයට එනම් "කණක" කුලයට අයත් මෙම පසිංගල් තුළ කේ‍රා්මියම් කියන රසායනිකය යම් ප්‍රමාණයක් අන්තර්ගතව තිබීම මෙසේ හරිත වර්ණ ක්‍රිසෝබෙරිල් ගල තුළින් ටංස්ටන් ආලෝකය හමුවේ රතු වර්ණය දිස් වීමට හේතුවක්.

    දුර්ලභ පසිංගල් වෛරෝඩි (Cat's eye Alexandrite)

    147175_1355958299074.jpg


    පසිංගලය කපා ඔප දැමීම සිදු කරන්නෙ පට්ටම් ස්වභාවයට. නමුත් මෙම පසිංගලයම මලුක්කම් හැඩයට කැපීමෙන් එහි ඇති "සිල්කි ගුණය" එනම් වෛරෝඩි ගුණය ඇත්නම් එය පසිංගල් වෛරෝඩි කියන අති දුර්ලභ මැණික් වර්ගය අපට ලබාගන්න පුළුවන්. තවත් විදියකින් කියනව නම් කොළ වර්ණයේ එනම් හරිත වර්ණයේ කණක වෛරෝඩියක කේ‍රා්මියම් අන්තර්ගතවීම තුළ එය ස්වාභාවික ආලෝකයේ කොළ පැහැ වෛරෝඩියක් ලෙසත් ටංස්ටන් ආලෝකයේ හෝ ගින්දර හමුවේ රතු පැහැති වෛරෝඩියක් ලෙසත් පෙනෙන්නට ගන්නව.

    සැබෑ පසිංගල් සහ කෘතිම පසිංගල්


    main-qimg-5148a31d4e2fc98e1b8db185441f0f35


    ක්‍රිසෝබෙරිල් කුලයට එනම් "කණක" කුලයට අයත් මෙම පසිංගල් තුළ කේ‍රා්මියම් කියන රසායනිකය යම් ප්‍රමාණයක් අන්තර්ගතව තිබීම මෙසේ හරිත වර්ණ ක්‍රිසෝබෙරිල් ගල තුළින් ටංස්ටන් ආලෝකය හමුවේ රතු වර්ණය දිස් වීමට හේතුවක්.
    මෙම කේ‍රා්මියම්වලට අමතරව ක්‍රිසෝබෙරිල් එනම් කණක වර්ණයේ ගලක් තුළ අයන් අන්තර්ගතව තිබීම තුළින් පසිංගල් ස්වභාවය ලෙස කෙනකුට දිස්වන්න පුළුවන්. මොකද අයන් යන සංඝටකය හමුවේද මෙම ක්‍රිසෝබෙරිල් ගල ටංස්ටන් ආලෝක කදම්භයක් වෙත එල්ල කළොත් රතු වර්ණයට පෙරළී දිස්වන බැවින්. මොකද මෙසේ වර්ණ වෙනස්වීම සිදුවන්නේ පසිංගල් තුළම පමණක් නොවන නිසා තෝරමල්ලි සහ වර්ණ වෙනස් කෙරෙන ගානට් මැණික්ද මේ කණක පසිංගල් වගේම වර්ණ වෙනස්වීම සිදු කෙරෙනවා. එම ගල්ද කොළ වර්ණයේ සිට රතු වර්ණයට වර්ණ වෙනස් කිරීම ටංස්ටන් ආලෝකය හමුවේ සිදු කරන අතර කලාතුරකින් ස(ර්)කන් (ජාගුන් තෝර) මැණික්ද මෙලෙස වර්ණ වෙනස් කිරීමේ හැකියාව ඇතිව හමුවෙනවා.

    ඉතින් මේ පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීමේදී ද යම් මට්ටමකට ඔබගේ කේන්දරය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු වෙනව. කේන්දරයේ කුජ, බුධ සහ කේතු යන ග්‍රහ පිහිටීම්වල ස්වභාවය සලකා බලා අවබෝධ කර ගැනීමෙන් පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීම සිදු කළ යුතුයි. එසේ සැලකීමෙන් පැලඳිය හැකිනම් පසිංගල් හෝ පසිංගල් වෛරෝඩි ව්‍යාපාරික භවතුන්ටත් රජයේ තනතුරු තානාත්තර බලාපොරොත්තු වන්නන්ටත් කියාපු මැණික් ගලක්. මොකද පසිංගල් පැලඳීම තුළ ඔබ ආයතනයේ රජ කරවන බව කියැවෙන අතර ව්‍යාපාරිකයකු නම් පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීම තුළ හදිසි ධන ලාභ, කටුක ව්‍යාපාරික ස්වභාවයෙන් අත්මිදීම සිදුවන අතර ඔබට පැමිණෙන ජීවිතයේ අපහසු අවස්ථා මඟහැර යෑමටත් එසේත් නැතිනම් එවැනි අවස්ථාවන්ට අති සාර්ථකව මුහුණදී ජය ගැනීමටත් ඔබට හැකිවනු ඇති.
    මැණික් උපදේශක
    මිලින්ද එදිරිසිංහ
    0766488248
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගේ උපන් මාසෙට පලදින්න තියෙන්නේ පසින්ගලක්. .

    Birthstone-Gems-Month-By-Month.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඕක විකුණන්න ලයිසන් එකක් ඕනෙ, අපිට එකක් තිබුනා ඒක අලුත් කරන්නෙ නැතුව තිබිලා දැන් කැන්සල් වෙලා , මුදලාලිකෙනෙක් අල්ලගෙන විකුණ්ල දාපං:P


    [/SIZE];)

    laicen mokatei
    kiyakata denna puluwan weida ?