දුර්ලභ_තල්මස්_සටන!

uditha224

Well-known member
  • දුර්ලභ_තල්මස්_සටන!

    ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!:shocked::shocked:

    9-shawnheinrichs-20130418-110228-_v3t5842-edit.jpg


    පසුගිය අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු හා වෘත්තීය චිත්‍රපට හා ඡායාරූප ශිල්පියෙකුද වන හයින්රික්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ මිරිස්සට ඈත මුහුදේ දක්නට ලැබෙන දුර්ලභ නිල් තල්මසුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහායි.

    සිද්ධිය විස්තරකරන ෂෝන්...

    සෙමින් යාත්‍රාකරමින් සිටි අපට ඈත ක්ශිතිජයේ මුහුද කැළඹෙමින් තිබෙනවා පෙනුනා...ඒ නිසා මාත් මගේ සගයාත් බෝට්ටුව ඒ පැත්තට හැරෙව්වේ වෙන්නේ මොනවද කියලා බලන්න...

    අපි ලංවෙනකොට දැක්කා ඕර්කා නැතිනම් killer whale ලෙස හඳුන්වන තල්මසුන් විශේෂයේ පස් දෙනෙකු පමණ sperm whale ලෙස හඳුන්වන දැවැන්ත තල්මසුන් සය දෙනෙකුගේ කණ්ඩායමකට පහරදෙනවා... :shocked:

    Killer Whale ලෙස හැඳින්වූවත් සැබැවින්ම කිලර්-වේල් නැතිනම් ඕර්කා අයිතිවන්නේ ඩොල්ෆින් කුළයට. ඩොල්ෆින් කුළයේ විශාලම සත්වයා ඕර්කා නැතිනම් කිලර් වේල්. ඔවුන් අතිශයින්ම බුද්ධිමත්, කණ්ඩායමක් ලෙස සැළසුම් කොට දඩයමේ යන, මිනී මෝරුන්ට පවා පහරදී දඩයම් කරන සත්ව විශේෂයක්... :shocked:

    මෙය දැකපු වහාම මට තේරුම් ගියා ජීවිතේ එක්ම වතාවක් පමණක් දැකගත හැකි දුර්ලභ සිද්ධියක් අපි දකිමින් ඉන්නේ කියලා. ඔර්කා දඩයම් කරන ආකාරය ඡායාරූපයට නගා ඇති අවස්ථා ඉතා විරලයි, ඒ ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ දඩයම් කරන නිසා. ඕර්කා දැවැන්ත තල්මසුන් රංචුවකට පහරදෙන ආකාරය මා දන්නා විධියට කවදාක්වත් ඡායාරූපයට නැගිලා නෑ... :yes:

    ඒ නිසා මම මගේ under-water කැමරාව අරගෙන, බෝට්ටුවේ පාලනය මගේ සගයාට දීලා හෙමින් සීරුවේ වතුරට බැස්සා. ආයෙත් කවදාක්වත් මේවගේ දුර්ලභ සිද්ධිය ඇස නොගැටෙන නිසා කොහොම හරි හොඳ ඡායාරූප ටිකක් ගන්න එක මගේ එකම අරමුණ වුනා....

    ඔර්කා පස්දෙනෙක් ස්පර්ම් වේල් තල්මසුන් සයදෙනෙකුගේ කණ්ඩායමකට පහර දෙමින් සිටියා. අතිවිශාල ස්පර්ම් වේල් තල්මසුන්ට ප්‍රතිප්‍රහාර දෙන්නට පුලුවන් කමක් තිබුනේ නෑ. ඔවුන් සය දෙනාම එකට ගුලිවෙලා එක් විශාල පර්වතයක් වගේ මුහුද මැද සිටියා. ඔර්කා පස් දෙනා ඔවුන් වටේ පිහිනමින් විටින් විට පහර දුන්නා. ප්‍රහාරය පැය භාගයක් පමණ පැවතුනා. ඔර්කා දත් පහරවල් වැදී තල්මසුන්ගේ සම ඉරී ඔවුන් වටා මුහුදු ලේ විලක් වෙමින් තිබුණා.... :baffled:

    මට හිතන විධියට ඕර්කා ප්‍රහාරයේ අරමුණ වෙලා තිබුණේ තල්මස් රංචුවේ ඉන්න කුඩා තල්මස් පැටියෙකුව වැඩිහිටි තල්මස් රංචුවෙන් වෙන් කරගන්න. ඒත් ඒ අරමුණ ඉටුවුනාද කියන එක පැහැදිලි වුනේ නෑ...


    1-shawnheinrichs-20130418-122232-_b0a6300.jpg



    3-shawnheinrichs-20130418-103027-_v3t5771-edit.jpg



    4-shawnheinrichs-20130418-120951-_b0a6204.jpg



    5-shawnheinrichs-20130418-120813-_b0a6136.jpg



    6-shawnheinrichs-20130418-103258-20130418-103258-_v3t5815-edit.jpg



    7-shawnheinrichs-20130418-121044-_b0a6223.jpg



    8-shawnheinrichs-20130418-120919-_b0a6186.jpg



    10-shawnheinrichs-20130418-115418-_b0a6019.jpg




    මිරිස්සට ඔබ්බෙන් සිදුවුනු තල්මස් සටනේ කෙටි වීඩියෝවක් හයින්රික්ස් ගේ සගයෙකු යූ ටියුබ් අඩවියට එකතුකොට තිබුණා... :cool::cool:
    (තවම වතුර යට කරපු වීඩියෝ එක දාලා නෑ,)




    ---------------
    මේකට බම්ප් දීපල්ලා....
     
    Last edited:

    uditha224

    Well-known member
  • Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    good post මචන් ..ඔය වගේ සිද්දියක් ලංකාවේ වුනා කියන එක සන්තෝසයි. හැබැයි sperm whale ලා ගැන දුකයි. මමත් ඔර්කා ගැන thread එකක් දැම්මා ටිකක් ඉස්සර...
    Rep+

    මිනීමරු ඔර්කා වරු .. ..http://www.elakiri.com/forum/showthread.php?t=1534396&page=10