රාජ්‍ය අනුග්‍රහය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    රාජ්‍ය අනුග්‍රහය

    මේකත් ගොඩක් අයට දිරවන්නෙ නැති ජාතියෙ ටිකක් පණ්ඩිත කථාවක්.

    කයිවාරුව තියෙනවා නම් ඉතිං කරන්නත් පුළුවන් වෙන්න එපායෑ... නේද? මේක එහෙම පුංචි කථාවක්. ඒත් ඡායාරූප නම් ටිකක් වැඩී.

    2013 අවුරුද්දේ මහනුවර පැත්තේ තියෙන බෙර නිෂ්පාදන ශිල්පීන්ගේ ගම්මානයක සිදු කළ එක් සංවර්ධන කටයුත්තකට විශේෂඥ උපදේශන සේවය සැපයීමට මට සිදු වුණා. ඒ ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය (NDC) විසිනුයි. ව්‍යාපෘතියේ අරමුණ වුණේ දේශීය බෙරවල පෙනුම නූතන වෙළෙඳපොළට ගැළපෙන විදියට වැඩිදියුණු කිරීම. තව දුරටත් පැහැදිළි කරනවා නම්, දැනට නිපැදවෙන සාම්ප්‍රදායික බෙරවලට අමතරව නූතන වෙළෙඳපොළට ගැළපෙන විදියට නව පෙනුමකින් යුත් බෙර කාණ්ඩයක් නිපැදවීම තමයි ඒ ව්‍යාපෘතියේ අරමුණ වුණේ. ඊට අදාල වූ න්‍යායාත්මක හා ප්‍රායෝගික මඟ පෙන්වීම කරන එක තමයි මගේ කාර්‍යභාරය වුණේ.

    දේශන, ප්‍රායෝගික වැඩමුළු, නිරීක්ෂණ, අධීක්ෂණ, විශ්ලේෂණ, මඟ පෙන්වීම් ආදී විවිධ අදියරයන්ගෙන් සමන්විත වුණු ඒ ව්‍යාපෘතිය මට මතක හැටියට ආසන්න වශයෙන් මාස දෙකක විතර කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණා.

    සුපුරුදු විදියට ම ඒ ව්‍යාපෘතියේ ආරම්භක රැස්වීමේ දී ත් අනික් හැම තැනක දී ම සිද්ධ වෙනවා වාගේ අපි බලාපොරොත්තු වුණු ඒ අනිවාර්‍ය දේ සිදු වුණා. ඒ කියන්නේ ඒ මට්ටමේ සෑම කර්මාන්තකරුවෙක් ම පාහේ හැම දා ම නඟන එක ම මැසිවිල්ල එ තැන දී ත් ඇසෙන්නට වුණා.

    ඒ තමයි "අපට මීට වඩා හොඳට කරන්න පුළුවන් මීට වඩා පහසුකම් තිබ්බා නම්... අපට ඒ සඳහා රජයෙන් අත දීමක් නෑ..." කියන කථාව.

    ඒත් පුතෝ ඒ කෙළි හරියන්නෙ නෑ මාත් එක්ක. මම එක එක සම්ප්‍රදායන් අස්සේ හිර වෙලා ඉන්න මිනිහෙක් නෙමේ. තියෙන පහසුකම්වලින් මොනවා හරි හරියට කරන්න මට පුළුවන් නම් අනික් අයට බැරි වෙන්න විදියක් නෑ. ඒ තමයි මම හිතන විදිය.

    මට කාල රාමුවක් දීල තියෙනවා. ඉලක්කයක් දීල තියෙනවා. ඒ වෙනුවෙන් මට ගෙවනවා. මගේ වගකීම තමයි ඒ කාල රාමුව තුළ ඒ ඉලක්කය අත් පත් කර ගැනීම. ඉතිං මම ඒ වෙලාවේ ම තීරණයක් ගත්තා. මම මේ මිනිස්සුන්ගේ බැරිකමට අභියෝග කරන්නවා...! ඒත් හරි ම ක්‍රමාණුකූලව, සූක්ෂ්ම විදියට.

    ඒ නිසා මම මුලින් ම ඒ අයගෙන් ඇහුවා ඒ අය ළඟ දැනට තියෙන පහසුකම් මොනව ද කියලා. එතකොට හැමෝ ම වගේ බෙර නිෂ්පාදන කාර්‍යය සඳහා යොදා ගැනීමට තම තමන් ළඟ තියෙන ආවුද හා උපකරණ ගැන කිව්වා. ඒ අනුව ආසන්න වශයෙන් හැම දෙනාට ම වාගේ ළඟින් යන පහසුකම් තිබුණු බව මට පෙනුනා.

    ඊ ළගට මම ඇහුවා ඒ අයගේ නිෂ්පාදන ඒ වන විට හදමින් තිබුණු තත්වයට වඩා උසස් නිමාවකින් යුතුව සෑදීම සඳහා ඒ අය බලාපොරොත්තු වන වැඩි දුර පහසුකම් මොනව ද කියලා. එතකොට එක එක අය එක එක දේවල් කිව්වා. ඒත් ඔවුන් කරන ආකාරයේ නිෂ්පාදනවලට උසස් නිමාවක් ලබා දීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු එක දෙයක් වත් ඒ කියපු දේවල් අතර තිබුණේ නෑ. එ තැන මට ලොකු අවුලක් පෙනුනා. ඉතිං මම ඒ ගැන කිසිවක් නොකියා ඔවුන්ගේ වැඩහල් සහ වැඩකරන විදිය පිළිබඳ සියලු දේ ඡායාරූප සහ වීඩියෝ ගත කළා. ඊ ළඟට, ඔවුන්ට තිබෙනවා කී අඩුපාඩු පිළිබඳව ඔවුන් සමඟ කථා කළා. ඊට පස්සේ මොකක් ද මේ බැරිකම කියා බැලීමට දින ගණනාවක් ම ඒවා අධ්‍යයනය කළා.

    ඒවා අධ්‍යයනය කිරීමේ දී මා දුටු වැදගත් ම දේ තමා ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක් ම ඉතා රළු ලෙස සහ නොසැළකිලිමත් ලෙස සිදු කරන බව. ඔවුන් සමඟ කථා කිරීමේ දී මට හඳුනා ගත හැකි වූ වැදගත් ම දේ තමා "උසස් නිමාව" කියන දෙයින් අදහස් කරන්නේ මොකක් ද කියන එක පිළිබඳ ව ඔවුනට නිසි අවබෝධයක් හෝ හැඟීමක් නැති බව. ඇත්තට ම බැලුවා ම ඔවුන් කියන දේ වත් හිතාගෙන ඉන්න දේ වත් නෙමෙයි මේ බැරි කමට හේතුව කියන එක මට පෙනුනා. සරලව ම කියනවා නම් අඩුව තියෙන්නේ ඔවුන්ගේ සම්පත්වල නෙමේ, ඔවුන්ගේ ආකල්පවල කියන එක මම පැහැදිළිව දුටුවා.

    මෙහෙම ඉඳගෙන නම් ඉතිං ඉලක්ක අත් පත් කර ගන්න වෙන්නෙ නෑ... මම හිතුවා. ඊ ළඟ වතාවේ මොන විදියෙන් හරි මේ බැරි කම නැති කරනවා. මම හිතා ගත්තා.

    ඉතිං ඊ ළඟ වතාවේ මම මේ බැරිකම නැති කිරීමට විශේෂ ප්‍රායෝගික වැඩමුළුවක් සූදානම් කළා. ඒ වැඩමුළුවේ දී ලීවලින් සෑදීමට පුළුවන් විදියේ පුංචි "වැඩකොටසක්" (Workpiece) සැළසුම් කළා. ඊ ළඟට එහි මිණුම් ආදිය ඇතුළත් පිටපත් දෙකක් මුද්‍රණය කර ගත්තා. (එහි මිණුම් ඉවත් කළ රූපයක් මම මේ සමඟ පළ කරනවා.) ඊට පස්සේ එයින් "වැඩකොටස්" තුනක් විතර සෑදීමට ප්‍රමාණවත් වන තරමේ දිගින් යුතු ලී පටියක් සූදානම් කර ගත්තා. ඊටත් පස්සේ ඒ "වැඩකොටස්" සෑදීමට අවශ්‍ය වන සියලු දේ ඇතුළත් ආවුද කට්ටල දෙකක් සූදානම් කර ගත්තා. (එහි ඡායාරූපයකුත් මේ සමඟ පළ කරනවා.)

    ඊ ළඟ දවසේ වැඩ කිරීමට පහසු වන විදියට ඩෙනිමක්, ටී ෂර්ට් එකක් එහෙම ඇඳගෙන ගිහින් වැඩමුළුව පටන් ගත්තා. අදාල "වැඩකොටස" අවසන් කළ පසු තිබිය යුතු ආකාරය හැම දෙනාට ම තේරෙන විදියට පරිගණක අනුරුවක් ආධාරයෙන් පැහැදිළි කළා. (එහි ද්විමාන රූපයක් මේ සමඟ පළ කරනවා.) ඊට පස්සේ එය සෑදීම සඳහා කැමති දෙදෙනෙකුට ඉදිරිපත් වන ලෙස ඇරයුම් කළා. ඒ අවස්ථාවේ ශිල්පීන් දෙදෙනෙක් ඉදිරිපත් වුණා. ඔවුනට අවශ්‍ය නම් සහායකයින් තෝරා ගන්නා ලෙස ද දැනුම් දුන්නා. එ විට ඔවුන් සහායකයින් තෝරා ගත්තා. ඊට පස්සේ "වැඩකොටස" පිළිබඳ මිණුම් ඇතුළත් මුද්‍රිත සටහන් දෙක, ලී පටිය සහ ආවුද කට්ටල දෙක ඔවුනට ලබා දුන්නා. අවශ්‍ය පමණ වේලාව ගෙන එයින් වැඩ කොටස් දෙකක්, හැකි උපරිම නිමාවෙන් යුතු ව සාදන ලෙස අවසානයේ දැනුම් දුන්නා. එතකොට ඔවුන් වැඩ පටන් ගත්තා. ඒ ශාලාවේ තිබූ කුඩා මේස වැඩ බංකු (Work Benches) හැටියට භාවිතා කළා. (ඒ ඡායාරූපත් මෙහි පළ කරනවා.) මේ කාර්‍යයේ දී ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මහත්ම මහත්මීන්ගේ සහයෝගයත් උපරිමයෙන් ම ලැබුණා.

    පැයක් හමාරක් ගත වුණා. ලී පටියේ සළකුණු කරලා, කපලා, හිල් විදලා, මැදලා, සහායකයින්ගේත් ආධාර ඇති ව "වැඩකොටස්" දෙකක් සෑදීමට අන්තිමේ දී ඔවුන්ට හැකි වී තිබුණා.

    දැන් මගේ වාරය. ලී පටියේ තව කොටසක් ඉතිරි වී තිබෙනවා. ඉතිං ඒ ඉතිරි ලී කොටස පාවිච්චි කරලා, එ තැන දී ම, ඒ මේසයක් ම යොදා ගෙන, ඒ ආවුදවලින්, ඒ අය ඉදිරියේ, ඒ වේලාවේ ම මමත් "වැඩකොටසක්" සාදා අවසන් කළා. ඒත් මම ඒ කාර්‍යය සහායකයින් කිසිවෙක් නැති ව තනි ව ම කෙරුවා. ආවුද නිසි ලෙස පරිහරණය කරන ආකාරය, වැඩක් කිරීමේ දී සැළකිලිමත් විය යුතු ආකාරය වැනි දේවල් දැක බලා ගැනීමට ඒ වේලාවේ එ තැන සිටි හැම දෙනාට ම අවස්ථාව සැළසුවා. (ඒ ඡායාරූපයකුත් මෙහි පළ කරනවා.)

    අන්තිමට ඔවුන් අතරෙන් ඉදිරිපත් වූ ශිල්පීන් දෙදෙනා විසින් සෑදූ "වැඩකොටස්" දෙක සහ මා විසින් සෑදූ "වැඩකොටස" සංසන්දනය කර බැලීමට හැම දෙනාට ම අවස්ථාව ලබා දුන්නා. අප තිදෙනා එක ම තැන, එක ම වේලාවේ, එක ම සම්පත් භාවිතා කර ඒ "වැඩකොටස්" සෑදුවත් මා සෑදූ "වැඩකොටසට" වඩා ඔවුන් සෑදූ "වැඩකොටස්" අඩුපාඩුවලින් පිරී තිබුණා. පමණට වඩා ඉක්මන් වීම නිසා එක් "වැඩකොටසක" හැඩය වෙනස් වී තිබුණා. වැරදි ක්‍රමවලට ඔප මට්ටම් කිරීමට යාමෙන් අනෙක් "වැඩකොටසේ" හැඩය වෙනස් වී තිබුණා. (ඒ "වැඩකොටස්වල" ඡායාරූපත් මම මෙහි පළ කරනවා.)

    ඇයි ඒ...? මම ඔවුන්ගෙන් ඇසුවා. ඒ අයගේ "වැඩකොටස්" උසස් තත්වයෙන් නිම කිරීමට ඔවුනට බැරි වුණේ සම්පත් මදිකම නිසා හෝ රජයේ අත දීමක් නැතිකම නිසා නම්, ඒ පහසුකම් යටතේ ම මම සෑදූ "වැඩකොටස" හරියට නිම කිරීමට මට පුළුවන් වුණේ කොහොම ද කියා මම ඔවුන්ගෙන් ඇසුවා. ඒත් ඔවුන් පිළිතුරු දෙනවා වෙනුවට යමක් හිතමින් සිටියා. හෙමින් හෙමින් යමක් තේරුම් ගනිමින් සිටින බව පෙනුනා. ටිකෙන් ටික ඔවුන්ගේ මුහුණු ප්‍රබෝධයකින් පිරෙන හැටි මට පෙනුනා. අන්තිමට එක් කෙනෙක් කථා කළා.

    "හරි සර්... දැන් අපට තේරෙනව මේ බැරිකම තියෙන්නෙ සම්පත්වල නෙමේ අපේ හිතේ කියන එක..." ඔහු කිව්වා. අපට පුළුවන් සර්... අපි කොහොම හරි සර් කියන විදියෙ උසස් නිමාවක් තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරල පෙන්නනව..." ආයෙත් ඔහු කිව්වා.

    ඉතින් මම අනික් අයගේ අදහසුත් විමසුවා. හැමෝ ම වාගේ එක ම අදහසේ හිටියා. ඒත් කිසිවක් නොකියා හිටි කෙනෙක් දෙන්නෙකුත් හිටියා. කීයක් හෝ ලැබෙයි කියා ඒ අය තුළ තිබූ බලාපොරොත්තුව බිඳ වැටීම ඒකට හේතුව වන්නට ඇති කියා මට හිතුණා.

    ඉන් පසු නිරීක්ෂණ, අධීක්ෂණ, මඟ පෙන්වීම් ආදිය සමඟ මාස දෙකකට පමණ ආසන්න කාලයක් තිස්සේ ඒ ව්‍යාපෘතිය ගලාගෙන ගියා. මෙහි නිෂ්පාදන සංවර්ධන කාර්‍යයේ එක් අදියරක් සඳහා වෙනත් ආයතනයක මහතෙකුගේ ද සහාය ලබා ගත්තා. හැම දෙනා ම උනන්දුවෙන් වැඩ කළා. ඔවුන්ගේ හිත්වල බැරිකම් බිඳ වැටී තිබුණා. ඒ නිසා නැති බැරිකම් නොකියා, කිසිවෙකුට දොස් නොනඟා, ඔවුන් පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටියා. ව්‍යාපෘතිය අවසන් අදියරට එළැඹෙන විට පෙර නොවූ විරූ තරම් උසස් නිමාවෙන් යුතු වාද්‍ය භාණ්ඩයන් ඔවුන් අතින් සෑදෙමින් තිබුණා. (ඒ ඡායාරූපත් මෙහි පළ කරනවා.)

    ව්‍යාපෘතිය ආරම්භයේ දී (2013) රුපියල් 4 000/=, 6 000/= වැනි මිල ගණන්වලට විකිණෙමින් තිබුණු ඔවුන්ගේ නිෂ්පාදනයන්ට රුපියල් 20 000/= කට වැඩි වටිනාකම් පවා ව්‍යාපෘතිය අවසානයේ දී ලැබී තිබුණා. ඒ ප්‍රගතිය ගැන ඔවුන් ආඩම්බරයෙන් කථා කරමින් සිටියා.

    හිතේ බැරිකම් බිඳ දැමීමෙන් ඔවුන් එ දා ලද පන්නරයේ ප්‍රතිඵල ලැබෙන හැටි පෙනෙන විට මටත් සැබෑ සතුටක් දැනුනා.


    © Richard 2021.07.13

    aKqfHsh.png

    PaOEeMV.png

    G0DyS8Z.png

    DEIGbfo.png

    UnzVu7B.png

    KGDAwnI.png

    Tx8cNqO.png


    AE88mnS.png


    cgwMfXt.png


    OPOpVLA.png


    DTlxpKu.png


    9rO8y1B.png


    Original Post -


    FYI - @PHBhagya @shenat @AnuradhaRa
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    සළුසල
    ජාතික මෝස්තර මධ්‍යස්ථානය (NDC)
    ජාතික ශිල්ප සභාව (NCC)
    ලක්සල

    කියන ආයතන හතර යූඑන්පී ආණ්ඩු කාලේ පිහිටුවේ පහත අරමුණු සදහා.

    සළුසල - අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය විකිණීම
    ජාතික මෝස්තර මධ්‍යස්ථානය - ඩිසයින් සෑදීම
    ජාතික ශිල්ප සභාව - ඩිසයින් වලින් නිෂ්පාදන සිදු කිරීම / අමුද්‍රව්‍ය ලබා දීම
    ලක්සල- අලෙවිය

    මේ ආයතන හතරෙන් කරන්නේ ව්‍යවසායකයින් බිහි කිරීම තමයි. පහුගිය කාලේ මැටි ඇමති කිව්ව ප්‍රසන්න රණවීර ඇමති ලග මේකෙන් ජාතික ශිල්ප සභාව තිබ්බා. මිනිහා එකෙන් සැහෙන්න ජනප්‍රිය උනානේ.

    අනික් ආයතන තුන වෙන වෙන අය ලග තිබ්බේ.

    පස්සේ රනිල් ආපු ගමන් මේ ආයතන ටික ආයෙත් එකම ඇමති කෙනෙක්ගේ යටතට දුන්නා. ප්‍රසන්න රණවීරටම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කැමති ඇති කියල හිතුව මෙහෙම කරන්න පුලුවන් දේවල් ගැනත් දැනගන්න.

    එළ 😎😍
    මගේ නං ලොකු කැමැත්තක් නෑ බන් ඕව හදන්න. හදපුව බලන්න, හදපු හැටි බලන්න නං ආසයි. 😍
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Continuous improvement is the key; even if the improvement is slight or insignificant, the final product will have a higher quality and grade than its predecessor. This is the method that Japanese productions used to improve their public image, especially Toyota.

    Thanks for the post brother,
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කතාව ඇත්ත. ඔච්චර ලේසියෙන් උන්ට තේරුම් ගිය එක වටිනවා. ගොඩක් උන් මෙලෝ රහක් නැති අටමගුල් අටවගෙන අපිට රාජ්‍ය අනුග්‍රහය නැතෝ කියල මැරෙන්න හදනවා, ඒකටම ගැලපෙන මීඩියා සෙට් එකකුත් ඉන්නව නේ.

    ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය දෙන්න අවශ්‍ය ඒත් නොදෙන අවස්තාත් තියෙනවා. විශේෂයෙන්ම වෙන රටවල් එක්ක තරග කරද්දී
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැයක් හමාරක් ගත වුණා. ලී පටියේ සළකුණු කරලා, කපලා, හිල් විදලා, මැදලා, සහායකයින්ගේත් ආධාර ඇති ව "වැඩකොටස්" දෙකක් සෑදීමට අන්තිමේ දී ඔවුන්ට හැකි වී තිබුණා.

    දැන් මගේ වාරය. ලී පටියේ තව කොටසක් ඉතිරි වී තිබෙනවා. ඉතිං ඒ ඉතිරි ලී කොටස පාවිච්චි කරලා, එ තැන දී ම, ඒ මේසයක් ම යොදා ගෙන, ඒ ආවුදවලින්, ඒ අය ඉදිරියේ, ඒ වේලාවේ ම මමත් "වැඩකොටසක්" සාදා අවසන් කළා.
    පාරම්පරිකව ඔහොම දේවල් කරන අයට තාක්ෂණික දැනුම අඩුයි. ආතල මුත්තල කරපු විදිහට කරන්න යනවා. ඔයවගේ ලී කෑල්ලක් කපල හදන්න ඔයතරම් නටන්න දෙයක් නෑ. මටත් මේකක් විනාඩි 5කින් හදන්න පුළුවන්

    රාජ්‍ය අනුග්‍රහය කියල මුන් ඉල්ලන්නෙ මොකක්ද කියල උන්ට කියාගන්න තේරුනේ නැති වුනාට උන්ට ඇත්තටම ඕන දැනුමයි, යටිතල පහසුකම් ටිකකුයි.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    පාරම්පරිකව ඔහොම දේවල් කරන අයට තාක්ෂණික දැනුම අඩුයි. ආතල මුත්තල කරපු විදිහට කරන්න යනවා. ඔයවගේ ලී කෑල්ලක් කපල හදන්න ඔයතරම් නටන්න දෙයක් නෑ. මටත් මේකක් විනාඩි 5කින් හදන්න පුළුවන්

    රාජ්‍ය අනුග්‍රහය කියල මුන් ඉල්ලන්නෙ මොකක්ද කියල උන්ට කියාගන්න තේරුනේ නැති වුනාට උන්ට ඇත්තටම ඕන දැනුමයි, යටිතල පහසුකම් ටිකකුයි.


    Original post eke comment balapanko. Tharjanayath karala ohoma bera hadana epa ekiyala
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Original post eke comment balapanko. Tharjanayath karala ohoma bera hadana epa ekiyala
    මට FB acct එකක් නැති නිසාද මන්ද එහෙම තර්ජනය කරපු කමෙන්ට් නම් පේන්න තිබුනෙ නෑ.

    ඔය රිචඩ් කියනකෙනාටත් අලුත් දැනුම මදි වගේ. මේ වගේ දේවල් tools and equipments ගෙන්නන අයවත් එකතු කරගෙන කරා නම් මීට වඩා සාර්ථක වෙයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    මට එකක් නැති නිසාද මන්ද එහෙම තර්ජනය කරපු කමෙන්ට් නම් පේන්න තිබුනෙ නෑ.

    ඔය රිචඩ් කියනකෙනාටත් අලුත් දැනුම මදි වගේ. මේ වගේ දේවල් tools and equipments ගෙන්නන අයවත් එකතු කරගෙන කරා නම් මීට වඩා සාර්ථක වෙයි.
    Godak aya kiyala thiyenawa traditional ewa change karana epa kiyala.

    Eya ehema wedath karanawa me workshop ekata nan ehema Aya ne smahara wita organised karapu Aya genapu tika wena athi. Godak product line Yana company wala quality maintenance karana weda eya karanawa.
    Math meyawa adura gathe API karapu product ekak finalize karagana gihin.
     
    • Like
    Reactions: NRTG and topkollek