දුවක් ඉන්න හැම අම්මෙක්..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,196
    8,191
    113
    M-Town
    දුවක් ඉන්න හැම අම්මෙක්..

    දුවක් ඉන්න හැම අම්මෙක් - මේක හොඳින් හිතට ගන්න..
    ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න..
    අඬන දොඩන හැම මොහොතෙම- හිස අතගා සනසවන්න..
    කවුරු කොහොම ඇද කීවත් - හිතල මතල වැඩකරන්න...
    ඇයට ඕනි හැම මොහොතෙම- එපා ඇයව තනිකරන්න
    හැකි පමණට දූ පැත්තට- හොඳ කියන්න පුරුදුවෙන්න..
    අළුත් අළුත් පැශන් වලින්- ඇඳුම් ටිකක් අරන් දෙන්න..
    ටිකක් කොටට..ටිකක් හිරට- කැමති ඇඳුම් අරන් දෙන්න...
    මාල වළළු මුදු කරාබු - බෑ නොකියා අරන් දෙන්න
    රත්තරනින් නොවුන නමුත් - පබළු වුණත් ගෙනත්දෙන්න..
    දූට ඕන කෑමජාති - හොඳම කඩෙන් අරන් දෙන්න
    හෙමින් සැරේ ගෙදර ඉද්දි - හදා ගන්න කියා දෙන්න..
    පාඩම් වැඩ තිබුණදාට - පාන්දරින් ඇහරවන්න..
    ඒත් දිනක් දෙක්ක වුණත් - නිදා ගන්න ඉඩ හරින්න..
    ගෙදර දොරේ වැඩපල ටික - හෙමින් සැරේ කියල දෙන්න..
    මරව මරව කවදාවත් - එපා ඇගෙන් පිදුම් ගන්න...
    අම්මා තාත්තා සීයා - ආච්චි ගැන කියා දෙන්න..
    මව් පදවිය ලබන දාට - දිරිවඩන්න හයියදෙන්න...
    මල් තියලා බුදුන් වැදලා - උගන්වන්න පින් කරන්න..
    ජීවිතයම තනි හයියෙන් - අදින්නවෙයි කියා දෙන්න..
    ගුණ ගරු කම් මනුස්ස කම් - හැකිපමණට උගන්වන්න..
    මවු තුරුලෙන් සොබාධමට - ගරු කරන්න කියා දෙන්න..
    තව නිවසක පහන වෙලා - යන කුලගෙය සරසවන්න...
    දුවෙක් වෙලා නැන්දම්මට - සලකවන්න උගන්වන්න...
    තාත්තවගෙ ස්වාමියෙක් - හොයාදෙන්න හිතාගන්න..
    ඈ ගත්තොත් ඒ තීරණ - හොයල බලල කැමතිවෙන්න..
    අම්මා නුඹ පමණක්මයි - වෙන නෑ ඒ බව සිතන්න..
    අම්මේ නුඹ ළඟ පමණයි - ඇගෙ නිදහස ලබා දෙන්න...
    කුළගෙය මළගෙයක්නොවී - සැප ලබන්න කියාදෙන්න..
    අඩු ලුහුඬින් පිරුණ වුණත් -
    ඉවසගන්න පුරුදු දෙන්න..
    දුක් කඳුළැලි දරා ගන්න - එය ඉදිරියෙ හිනාවෙන්න...
    මතක ඇතිව කියා දෙන්න- තවත් දුවක් බිහිකරන්න... Copied
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    කැමරා නැතුව ගන්න සැපක් ගන්නා හැටි කියාදෙන්න.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ?????????

    ටිකක් කොටට..ටිකක් හිරට- කැමති ඇඳුම් අරන් දෙන්න...

    ?????????