දුවට අතවර කළ පුද්ගලයාව ළිඳක ගිල්වා මරා දැමූ මව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යාපනය කෝපායි ප්‍රදේශයේ දීනව හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක පනස් දෙහැවිරිදි පුද්ගලයකු නිරුවත්කර පොලුවලින් පහර දී ළිඳක ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව සොහොයුරිය ඇතුළු හය දෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කෝපායි අරසඩි ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි මව, විසි අට හැවිරිදි සොහොයුරිය, මවගේ සහෝදරියන් දෙදෙනා ඇතුළු හය දෙනකු බව පොලිසිය පවසයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කනපතිපිල්ලේ මහේන්ද්‍රන් (25) නමැති විවාහකයකු බව ද පොලිසිය කියයි.


    සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා දැරියගේ මවගේ මිතුරකු බවත් මව අසනීපයෙන් සිටි බැවින් ඉකුත් 10 වැනිදා දැරිය පාසලෙන් රැගෙන එන ලෙසට දැරියගේ මව සැකකරුට දුරකතනයෙන් දැනුම් දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු පාසලට ගොස් දැරිය පාපැදියේ නංවාගෙන එන අතරේ ඔහුගේ සිත්තන්කර්නි නිවසට රැගෙන ගොස් දැරිය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. දැරිය පසුදින (11) පාසලට පැමිණි අවස්ථාවේ ක්ලාන්තවී ඇද වැටී ඇති අතර එහිදී දැරිය කලින් දින සිදුවූ අතවරය ගැන පාසලේ ගුරුවරුන්ට දැනුම් දී ඇත. පාසලෙන් ඒ බව දැරියගේ මවට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.


    සිද්ධියෙන් කුපිත වූ දැයගේ මව හා වැඩිමහලු සහෝදරිය සැකකරුට දුරකතන ඇමතුමක් දෙමින් සිය නිවසට ගෙන්වාගෙන මව හා දියණිය එක්ව සැකකරුට පොලුවලින් පහර දී ඇති අතර පසුව දැරියගේ මව සිය වැඩිමහලු සහෝදරයාට ද දැනුම් දී ඔහු ද නිවසට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි. එම දැනුම්දීම අනුව දැරියගේ මවගේ සොහොයුරා තවත් කිහිප දෙනකු සමග පැමිණ මරණකරුට පහර දී යතුරුපැදියක නංවාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් පහර දී ලණුවකින් කකුල් දෙකෙන් ගැට ගසා පහර දෙමින් ළිඳේ ගිල්වා ගෙන සිට ඇතැයි පොලිසිය කියයි. පසුව ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් සිරුර මරණකරුගේ නිවසට දමා ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පොලිසිය ගොස් ඔහු රෝහල්ගත කර ඇති අතර ඔහු මියගොස් ඇති බවට එහිදී වෛද්‍යවරුන් පවසා ඇති බව පොලිසිය කියයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    මව සහ සොහොයුරියන් වරදක් සිදුකර නොමැති නිසා නිදස් කොට නිදහස් කරන ලෙස මෙයින් දන්වමි. මීට නඩුකාර උන්නාන්සේ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ලිංගික අතවර කිරීමේ සිද්ධියක පනස් දෙහැවිරිදි පුද්ගලයකු නිරුවත්කර

    සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කනපතිපිල්ලේ මහේන්ද්‍රන් (25) නමැති විවාහකයකු බව ද පොලිසිය කියයි.
    මීට පස්සෙ දකින හැම මාගලක්ම මේකේ ගෙනත් අතාරින්ඩ කලින් සිහියෙන් කියවලා හිටපන්. ඉතින් උබල්ත් විස්වාස කරනවනේ මෙවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,709
    113
    ප*යාගල
    sorry.com
    Hoda wade

    vernon-dursley.gif
     
    • Haha
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක අතකින් සාධාරණයි. ඒත් අරූ ඇත්තටම කරාද නැද්ද කියන්නත් බැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මීට පස්සෙ දකින හැම මාගලක්ම මේකේ ගෙනත් අතාරින්ඩ කලින් සිහියෙන් කියවලා හිටපන්. ඉතින් උබල්ත් විස්වාස කරනවනේ මෙවා
    seen eka boruda ehenam???

    පොන්න දෙමලු
    kaha reddak porawan threesome dan ewunta monada kiyanne???
    ------ Post added on Aug 15, 2023 at 11:02 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලිංගික අතවර කිරීමේ සිද්ධියක පනස් දෙහැවිරිදි පුද්ගලයකු
    කනපතිපිල්ලේ මහේන්ද්‍රන් (25)
    25 or 52
    සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා දැරියගේ මවගේ මිතුරකු