දුවෙකුගේ දුක

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ගොඩක් ස්තුතිය මචන්, මටත් නොට් ලියලා දුන්න නංගි කෙනෙක් ඉදියා.දැන් සෑහෙන කාලෙකින් දැක්කෙ නැ.දන්න විදිහට ජීවිතය වරද්දගෙන.දැන් බැදලා.ඉස්සර තිබ්බ ලස්සන නැ මැකිලා යමින් තියෙනවා අන්තිමට දකිද්දි.පව්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචං උඹ මේවා මේ විදියට පරිසම් කරගෙන ඉන්න එක නම් සුපිරිම වැඩක්.. මාරම මතක මේවා නම්. උඹ ඒ කෙල්ල කොහේ ඉන්නවද මොනව කරනවද කියල නිකමට වගේ හොයල බලන්න හිතෙන්නේ නැද්ද??
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මිට අවුරුදු 13 විතර කලින් අපි ඉස්කොලේ යන කාලේ අපේ තිබුනා පොඩි සංගීත හවුලක්,එකට විවිධ අය සහභාගි වෙලා සතියකට එක පාරක් සිංදු කියනවා,ඔකේ මමත් සිංදු කිව්වා,මම එ දවස් වල ගොඩක්ම ආස කරපු ගීතයක් මේ නීතිඥ රන් බණ්ඩා සේනවිරත්නයන් ලිව්ව උල ලේනෝ ගීතය..මේ ගිතය ගායනා කරන්න හිටපු දවසේ මම කොහොම හරි මේක ලියාගන ගියේ නැ,මේක කියන්න පැයකට විතර කලින් මම මේ ගීතය කැසට් පටයකින් අහගන ඉන්නකොට ලඟට ආපු නංගී කෙනෙකුට මම එක ලියලා දෙන්න කිව්වා,එ වෙනකොට එ නංගීගේ අම්මා නැති වෙලා මාස දෙකක් විතර ඇති,ඉතින් ඇය මේ ගීතය ලියනකොට මුහුනේ තිබුන ඉරියව් මට හොඳට දැනුනා..ඔය එක තැනක ලියලා තියනවා ඉවතට කියලා මම කිව්වා නංගියේ ඉවතට නෙමෙයි නිවනට කියලා,කොහොම හරි ඇය එ ගීතය ලියනකොට මුහුනේ තිබුන සංවේදි කම මට එදා එ ගීතය ගායනා කරනකොට උත්ප්‍රේකයක් උනා..ඇය උසස් පෙල පංතියේ ඉන්න අවුරුද්දෙ ඇයගේ අප්පච්චිත් අන්ත්‍ර උනා,ඇයට දෙමව්පියෝ දෙන්නාම නැති වෙච්චි එකට බොහෝ අය කම්පා උනා...මමත් එ මල ගෙවල් දෙකටම සහභාගි උනා..ඇය කොතරම් ලාබාල තරුණියක් උනත් මම එ අවස්ථා දෙකෙම ඇය හඬා වැලපෙනවා නම් දැක්කෙ නැ..ඇයට සිටියෙත් තව කුඩා සහෝදරියක් පමණයි,නමුත් ඇගේ දුක සියුම්ව මුහුනේ බොහෝ අවස්ථා වල ලියවිලා තියනවා මම දැක්කා.

    ඇය පසුව ඇයගේ නැ කෙනෙක් ගේ ගෙදරට පදිංචියට ගියා.මේ පොස්ට් එකේ දාල තියෙන්නෙ එදා මට ඇය ලියලා දුන්නු එ සිංදු කොලය.

    ජිවිතයේ යතාර්ථය කියල දෙන ගීතයක්,ඔබත් අහලා බලන්න.

    Hk6pIF8.jpg





    මේක අමතර කතාවක් .....

    මට තේරෙන්නේ නැති දෙයක් තමයි ... ඇයි අපි, සමහරවිට ආසියාතිකයෝ බොහෝවිට දුක තුල, දුප්පත්කම තුල හෝ කර්කශ බවතුල තමයි ජිවිතයේ අර්ථය, යථාර්තය නැතිනම නියම ආදරය තියෙන්නේ කියලා හිතන්නේ ....? අපි බොහෝවිට මහා සාහිත්‍යක් කියලා අදුරගන්නේ එම කළා කෘතියේ ඔය දුක්ක පාර්ශවයයි (හැමවිටම නෙමේ ) නමුත් බටහිර එහෙම නෙමේ .... සරලව කිවොත් බොහෝවිට බටහිර සංස්කෘතියේ කලාව බිහිවෙන්නේම ඉහල මද්යාම පන්තිය තුල ධනවාදයෙන් පෝෂණය ලබමින් සමහර විට මිලක් නියම වෙමින් ..... නමුත් ඒවා අතරත් ලෝක ප්‍රසිද්ද ඉහල නිර්මාණ තියනවා .

    අපි කොච්චර, කොහොම විචාර දුන්නත් මහගමසේකරත් කරේ දුක හා මරනයම තලුමරන එකමයි !