මාර්තු අටවැනිදාත් වෙනදා වගේම ඉර පායලා ඉර බැහැලා යාවි. වෙනසකට තියෙන්නේ සිදාදියේ නෝනලා එදාට තමන්ට තියෙන හොඳම සාරියෙන් සැරසිලා කොහේ හරි ශාලාවක තියෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකට සහභාගි වෙන්න පිටත්වෙලා යාවි. සමහර විට එදාට ඒ නෝනලගේ වැදගත් රස්සාවල් කරන මහත්තුරුන්ට, එදාට උදේටයි දවල්ටයි රෑටයි කඩෙන්ම කන්න වේවි. ආයෙම ගෙදර ඇවිත් අද ෆන්ක්ෂන් එක නම් හොඳට කෙරුණා හරි ටයඩ් අනේ, කියලා නිදාගනීවි. මේ වගේම තවත් දවසක් එනකන් ආයෙම බලාගෙන ඉඳීවි.
මේ සටහන අපේ අම්මගෙන්ම පටන් ගන්න එක හොඳයි.
අම්මා කිව්වහම ඒකේ තියෙනව නේ ප්‍රතිරූපයක්. ඔසරියක් හරි සාරියක් හරි ඇඳලා කොණ්ඩේ බැඳලා නැත්නම් ගොතලා. දැන් හතළිහේ දශකය ගෙවන අපේ වයසේ අයට නම් මතක ඇති පුංචි කාලේ අම්මාව අඳින්න කියලා පන්තියේ ගුරුතුමී කිව්වහම අපි ඇන්දේ එහෙම අම්ම කෙනෙක්. අද දරුවෙකුට අම්මාව අඳින්න කිව්වොත් අඳින්නේ කොහොමද?
අම්මායි තාත්තයි දෙන්නම අඳින්නේ එකම විදිහේ කලිසම්. අම්මගේ කලිසම ටිකක් කොටයි. තාත්තගේ කලිසම දනිස්සට වඩා ටිකක් දිගයි. තුන් කාලක් විතර. රජයේ පාසලකට යන දරුවෝ ඉන්නවා නම් ඉස්කෝලේ රැස්වීම දවසට අම්මා යන්න ඕන බියුටි සැලුන් එකකට. අම්මට සාරිය අන්දවගෙන රැස්වීමකට යන කොට රැස්වීම ඉවරවෙලා. මම දරුවන්ගේ රැස්වීම්වලට යනකොට අනන්තවත් ඇහිලා තියෙනවා සාරිය අඳින්න ගිය නිසා එන්න පරක්කු වුණා කියන කතාව. කලිසම් අඳින අම්මලාට සාරියක් අඳින එක හරිම වෙහෙසකර වගේම වදකාර වැඩක් කියලයි හිතන්නේ. ඒත් මම හැම තැනම දේශන කරන්න ගියාම පුංචි දරුවන්ගෙන් ඇහැව්වම කියන්නේ අම්මාව දකින්න කැමැති සාරියක් ඇඳලා කියලයි. ඒත් අද කාලේ අම්මලා දරුවන්ව රේස් එකට දාන එකනම් උපදින්නත් කලින් ඉඳන්ම කරනවා.
නම දාන්න හොයන්නේ රටේම නම ගිය කෙනෙක්. දිව උළුක් වෙන නමක් දැම්මේ නැත්නම් ගතියක් නැහැ. මහප්‍රාණ අකුරු වැඩිවෙන තරමට නමේ වටිනාකම වැඩියි. සමහර ළමයින්ට තමන්ගේ නම නිවැරැදිව ලියන්න පුළුවන් වෙන්නේ ඉස්කෝලේ හයේ පන්තියට විතර ගියාට පස්සේ. එතන ඉඳන්ම තරගෙට දරුවන්ව දුවවලා හති වැටෙන්නේ අම්මලා. ඒක අලුත් අම්මලාගේ මෝස්තරයක්. දුවෙක් ලොකුවෙනකොට අම්මට ඕන කරන්නේ දුවගේ ඇඟේ හැඩතල බේරෙන්න පුළුවන් උපරිම තරමින් බේරලා ඇඳුම් මහන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. පහුගිය දවසක මම මගේ තරුණ පුතාලා දෙන්නත් එක්ක උත්සවයකට ගියා. අපි අඳුරන තාත්තලා බොහොම වැදගත් රස්සාවල් කරන පවුල් දෙක තුනක තරුණ දුවලා කීපදෙනෙක් ඒ උත්සවයට ඇවිත් හිටියා. මම ඉඳගෙන හිsටියේ වෙන තැනක.