දුවේ නුඹ මලක්...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මාර්තු අටවැනිදාත් වෙනදා වගේම ඉර පායලා ඉර බැහැලා යාවි. වෙනසකට තියෙන්නේ සිදාදියේ නෝනලා එදාට තමන්ට තියෙන හොඳම සාරියෙන් සැරසිලා කොහේ හරි ශාලාවක තියෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකට සහභාගි වෙන්න පිටත්වෙලා යාවි. සමහර විට එදාට ඒ නෝනලගේ වැදගත් රස්‌සාවල් කරන මහත්තුරුන්ට, එදාට උදේටයි දවල්ටයි රෑටයි කඩෙන්ම කන්න වේවි. ආයෙම ගෙදර ඇවිත් අද ෆන්ක්ෂන් එක නම් හොඳට කෙරුණා හරි ටයඩ් අනේ, කියලා නිදාගනීවි. මේ වගේම තවත් දවසක්‌ එනකන් ආයෙම බලාගෙන ඉඳීවි.

    මේ සටහන අපේ අම්මගෙන්ම පටන් ගන්න එක හොඳයි.

    අම්මා කිව්වහම ඒකේ තියෙනව නේ ප්‍රතිරූපයක්‌. ඔසරියක්‌ හරි සාරියක්‌ හරි ඇඳලා කොණ්‌ඩේ බැඳලා නැත්නම් ගොතලා. දැන් හතළිහේ දශකය ගෙවන අපේ වයසේ අයට නම් මතක ඇති පුංචි කාලේ අම්මාව අඳින්න කියලා පන්තියේ ගුරුතුමී කිව්වහම අපි ඇන්දේ එහෙම අම්ම කෙනෙක්‌. අද දරුවෙකුට අම්මාව අඳින්න කිව්වොත් අඳින්නේ කොහොමද?

    අම්මායි තාත්තයි දෙන්නම අඳින්නේ එකම විදිහේ කලිසම්. අම්මගේ කලිසම ටිකක්‌ කොටයි. තාත්තගේ කලිසම දනිස්‌සට වඩා ටිකක්‌ දිගයි. තුන් කාලක්‌ විතර. රජයේ පාසලකට යන දරුවෝ ඉන්නවා නම් ඉස්‌කෝලේ රැස්‌වීම දවසට අම්මා යන්න ඕන බියුටි සැලුන් එකකට. අම්මට සාරිය අන්දවගෙන රැස්‌වීමකට යන කොට රැස්‌වීම ඉවරවෙලා. මම දරුවන්ගේ රැස්‌වීම්වලට යනකොට අනන්තවත් ඇහිලා තියෙනවා සාරිය අඳින්න ගිය නිසා එන්න පරක්‌කු වුණා කියන කතාව. කලිසම් අඳින අම්මලාට සාරියක්‌ අඳින එක හරිම වෙහෙසකර වගේම වදකාර වැඩක්‌ කියලයි හිතන්නේ. ඒත් මම හැම තැනම දේශන කරන්න ගියාම පුංචි දරුවන්ගෙන් ඇහැව්වම කියන්නේ අම්මාව දකින්න කැමැති සාරියක්‌ ඇඳලා කියලයි. ඒත් අද කාලේ අම්මලා දරුවන්ව රේස්‌ එකට දාන එකනම් උපදින්නත් කලින් ඉඳන්ම කරනවා.

    නම දාන්න හොයන්නේ රටේම නම ගිය කෙනෙක්‌. දිව උළුක්‌ වෙන නමක්‌ දැම්මේ නැත්නම් ගතියක්‌ නැහැ. මහප්‍රාණ අකුරු වැඩිවෙන තරමට නමේ වටිනාකම වැඩියි. සමහර ළමයින්ට තමන්ගේ නම නිවැරැදිව ලියන්න පුළුවන් වෙන්නේ ඉස්‌කෝලේ හයේ පන්තියට විතර ගියාට පස්‌සේ. එතන ඉඳන්ම තරගෙට දරුවන්ව දුවවලා හති වැටෙන්නේ අම්මලා. ඒක අලුත් අම්මලාගේ මෝස්‌තරයක්‌. දුවෙක්‌ ලොකුවෙනකොට අම්මට ඕන කරන්නේ දුවගේ ඇඟේ හැඩතල බේරෙන්න පුළුවන් උපරිම තරමින් බේරලා ඇඳුම් මහන්න. මම පුංචි උදාහරණයක්‌ කියන්නම්. පහුගිය දවසක මම මගේ තරුණ පුතාලා දෙන්නත් එක්‌ක උත්සවයකට ගියා. අපි අඳුරන තාත්තලා බොහොම වැදගත් රස්‌සාවල් කරන පවුල් දෙක තුනක තරුණ දුවලා කීපදෙනෙක්‌ ඒ උත්සවයට ඇවිත් හිටියා. මම ඉඳගෙන හිsටියේ වෙන තැනක.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මගේ ඇස්‌ අම්මා කෙනෙකුගේ කුතුහලයෙන් සැරින් සැරේ පුතාලා දිහාට යොමුවුණා. ඒ හැම වෙලාවකම මම දැක්‌කා අර ගෑනු ළමයි ඉස්‌සරහ පුටුවල ඉඳගන්න කොටම ලොකු පුතා නැගිටලා ඒ අය යනකම් හිටගෙන ඉන්නවා. කීපසැරයක්‌ම මේක මෙහෙම වුණා. මම ගෙදර ඇවිත් පුතාගෙන් ඇහුවා මොකද එහෙම කළේ කියලා. "අම්මා දන්නේ නැහැනේ. එයාලා ඇඳගෙන හිටපු ගවුම් ඇඳගෙන මගේ ඉස්‌සරහ වාඩිවුණාහම මට ඉඳගෙන ඉන්න බැහැ. එයාලගේ ගවුම් හොඳටම කොටයි නේ. මම හරිම ලැඡ්ජාවෙන් තමයි එතන ඉඳගෙන හිටියේ කියලා" එතකොට චූටි පුතා කියනවා මම හිටගෙන හිටියේ ලැඡ්ජාවෙන් කියලා.

    මම ඇහුවා ඒ මොකද කියලා. "ඒ අක්‌කිලාගේ ගවුම්වල උඩ මොකුත් නැහැනේ. එයාලා ඉඳගෙන මම හිටගත්තම උඩිනුත් ඔක්‌කොම පේනවා" කියලා එයා කියනවා. මම තීරණයක්‌ ගත්තා මීට පස්‌සේ මෙහෙම තැන්වලට දරුවෝ අරන් යනකොට දෙසැරයක්‌ හිතන්න ඕන කියලා.

    ජාත්‍යන්තර කාන්තා දිනයේ මට කියන්න ඕන වුණේ දුවේ නුඹ මලක්‌ කියන එක. ඉතිං ඒකට අම්මාව සම්බන්ධ වෙන්නේ කොහොමද? හැම අම්මා කෙනෙක්‌ම දුවෙක්‌ නිසා. හැම දුවෙක්‌ම කවදා හරි අම්මා කෙනෙක්‌ වන නිසා. දුවෙක්‌ගේ වටිනාකම තියෙන්නේ සංවර තරමට. අම්මගේ වටිනාකම තියෙන්නේ දුවව රැක්‌ක තරමට. නිරාවරණය කරන කොයි දේත් අගය ඉක්‌මනටම අඩුවෙලා යනවා. දුවෙක්‌ව හදලා සමාජයට දෙන්න පුළුවන් හරි අම්මා කෙනෙකුට විතරයි. සුනිල් එදිරිසිංහ මහත්තයා කියනවා වගේ සෙනෙහසින් කුලගෙට පියනඟන්නේ පරපුරේ අභිමානයයි. දුවක්‌ කියන්නේ පරම්පරා ගණනක ගෞරවය. කීර්තිය.... අභිමානය.....

    මට මගේ අම්මා ගැන දුක හිතෙන මතක කතාවක්‌ තියෙනවා. රජයේ සේවකයෙක්‌ වෙච්ච අප්පච්චිට අම්මට හිතූ පැතූ සම්පත් දෙන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ. අපි පුංචි දරුවෝ හතරදෙනෙක්‌නේ. සිංහල අවුරුද්දට අම්මා අපි හතර දෙනාවත් අරගෙන කෝච්චියේ නුවර යනවා. හැත්තෑවේ දශකයේ මුල් කාලයේ රෙදි ගන්න හරි අමාරුයි නේ. දවස්‌ ගණන් පෝළිංවල ඉඳලා ගත්ත රෙදිවලින් අපි තුන්දෙනාට අම්මා එකම විදියේ ගවුම් මහනවා. මල්ලිට නම් සාප්පුවෙන් ඇඳුම් ගත්තා. එකම කොල්ල නිසා එයාට අම්මගේ විශේෂත්වයක්‌ තිබුණා. අපරාදේ කියන්න බැහැ අදටත් අම්මගේ සුසුමක වෙනසක්‌ වුණත් දැනෙන තරම් සංවේදීව මල්ලිව හදන්න අම්මට පුළුවන් වුණා.

    මට මතක්‌ වෙන්නේ අලුත් ඇඳුම ඇඳලා කොණ්‌ඩේ බෙල්ලට බැන්දම අම්මා ඔළුව හරවන විදිහ. බෙල්ල වැඩ කරන්නේ අංශක විසිපහක්‌ විතර. අපි ඉවසිල්ලක්‌ නැතුව ඉන්නේ අම්ම හදාගෙන යන සීනි සම්බල් එක්‌ක කෝච්චියේදී පාන් කන්න. ඊට පස්‌සේ අපි ටික ටික ලොකු වෙනකොට අපේ ඉගෙනීමත් එක්‌ක අම්මගේ ඇඳුම් ආයිත්තම් අඩු වෙන්න පටන් ගත්තා. සමහර වාරෙක අපිව නවත්තගෙන ඉස්‌කොලේ යවන නෑයෝ ඊළඟ වාරේ කියනවා මොකක්‌ හරි හේතුවක්‌ නිසා අපිව තියාගන්න බැහැ කියලා. ගොඩක්‌ වෙලාවට අපිට නෑයන්ට ගෙදර වැඩපළවලට උදව් කරන්න වෙලාවක්‌ තිබුණේ නැහැ. ඉතිං නිකංම ළමිස්‌සියක්‌ ගෙදර තියාගෙන කන්න දෙන්නත් අමාරු ඇති නේ. දැන් තමයි අපිට ඒක තේරෙන්නේ.

    එහෙම එක වාරෙක අම්මා මගෙයි මල්ලිගෙයි ඇඳුම් සූට්‌කේස්‌ දෙකක්‌ අරගෙන බස්‌ එකේ අපිව එක්‌ක ගිය හැටි මට තාම මතකයි. බස්‌ එකේ ඉඳගන්න තැනක්‌ ලැබුණු ගමන් මම වාඩිවුණා. මට සෙනඟ අස්‌සෙන් නහර බේරුණ අතක්‌ පෙනුණා. දැක්‌ක ගමන්ම හිතට අපුලක්‌ දැනෙන අතක්‌. මම මගේ මසින් පිරිච්ච අතත් එක්‌ක ඒ මැදිවියේ අත සන්සන්දනය කළා. සෙනඟ ටිකක්‌ එහාට මෙහාට වෙනකොට අතක්‌ එක්‌ක මට අතේ බාහුවේ පැටළුන ඔසරි පොටක්‌ පෙනුණා. ඒ මගේ අම්මගේ අත. මට මා ගැනම ලැඡ්ජා හිතුණා. අදටත් අම්මව දකින හැම පාරකම මට ඒක මතක්‌ වෙනවා. අද අම්මට මඟුල් ගෙදරක යන්න ඕන නම් මම අම්මට ඕන කරන හැම දේම අරන් දෙනවා. ඒ තාමත් මට අර සිද්ධිය අමතක කරන්න බැරි නිසා.

    උදේ ඉඳන්ම අපේ බෑග් උස්‌සගෙන අම්මා ඇවිදලා අපිව නවත්තන්න තැනක්‌ හොයද්දී මම බස්‌ එකේ සුවපහසුව ඉඳගෙන ගිය එක ගැන පසුතැවිල්ල අදටත් මගේ හිතෙන් අයින් කරන්න බැරි වෙච්ච නිසා. අද නම් අපි යානවාහන තියාගෙන සුවපහසු දිවියක්‌ ගතකළත් ඒකේ අඩිතාලම දැම්මේ අම්මා බව අමතක කරන්න බැරි නිසා.

    මට කාන්තා දිනේ කියන්න ඕන වුණේ මේකයි. අපිට අම්මලව මඟඇරෙන කාලයක්‌ එනවා තමයි. ඒත් ඒ වැරැද්ද හදාගන්න පුළුවන්. අම්මගේ ආදරේ ආත්මාර්ථකාමී නැහැ. අම්මා ආදරේ කරන්නේ අපේ තනතුරට. නම්බුවට ලස්‌සනට නෙමෙයි. ඒ මොනවා තිබුණත් නැතත් අම්මගේ ආදරේ අපිට ලැබෙනවා. වැඩිම වුණොත් මගෙ දුව පුතා දැන් අහවල් තැන රස්‌සාව කරනවා කියලා කියයි. ඒක නැති වුණත් අම්මගේ ආදරේ වෙනස්‌ වෙන එකක්‌ නැහැ. දන්නවද? දරුවෙක්‌ අඬද්දි අම්මා හිනා වෙන්නේ එකම එක දවසක විතරයි. ඒ තමයි දරුවා උපදින දවස. අනිත් හැම දවසකම දරුවගේ දුක අම්මාගේ ඇහැටත් කඳුළු ගේනවා.

    ආදරණීය දුවේ... මලක්‌ වගේ ඔයාව රැකබලා ගන්න අම්මා ගොඩක්‌ වෙහෙස වෙනවා. දරුවෝ හොඳට හැදුනොත් කීර්තිය අම්මටයි. තාත්තටයි දෙන්නටම අයිති වුණාට දරුවෝ වල් වැදුනහම වැරැද්ද අම්මට විතරයි. කතාවක්‌ තියෙනවනේ ජයග්‍රහණයට තාත්තලා ගොඩක්‌ හිටියත් පරාජය අවජාතකයි කියලා. දුවලගෙන් මට ඉල්ලන්න තියෙන්නේ අම්මා දිහා අද ඉඳන් අලුත් ඇහැකින් බලන්න. අම්මගේ ලස්‌සන, දුවලට දන් දීලා තියෙන්නේ. අම්මා කියන්නේ අම්මා. එකම එක්‌කෙනයි. දුව මලක්‌ වගේ වෙන්නේ එතකොට. දුව අම්මා කෙනෙක්‌ වෙච්ච දවසට අම්මගේ වටිනාකම වැඩිපුරම දැනෙන්න පටන් ගනීවි.

    මලක්‌ වගේ දුවෙක්‌ හදන්න උත්සාහ කරන අම්මලටයි, මලක්‌ වගේ හැදෙන දුවලටයි මේ ලිපිය උපහාරයක්‌ කරලා නවතින්නම්.

    වජිරා අනෝමා කුමාරි දිසානායක

    ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
    කළුතර.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    so true...
    මම කෙල්ලෙක් නොවුනට මාර විදියට හිතට වෑදුන ඒ වචන ටික....
    1.gif
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    nice post bro...thanks 4 shrin
    rep add...
    වජිරා අනෝමා කුමාරි දිසානායක
    ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
    කළුතර.
    stuthi nubata...ada kaleta watina katawak...

    katawa nam aththa........ඒ අක්‌කිලාගේ ගවුම්වල උඩ මොකුත් නැහැනේ. එයාලා ඉඳගෙන මම හිටගත්තම උඩිනුත් ඔක්‌කොම පේනවා...
    akkila witharak neme samahara antilageth ehema thama...apitath samahara welawata bus eke idagena inna ganu aya laga hitagena inna ba...samahara aya lagata awith hita gaththath e wagema thama....

    e nisa me lipiya kaleena hoda lipiyak...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ වගේ ලමයි හැදෙනවනම් ඇත්තටම මල් වගේ ‍නේද.....