දුෂණ දර්ෂකයේ 86 ලංකාවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුෂණ දර්ෂකයේ 86 ලංකාවට

    දුෂණ දර්ෂකයේ 86 ලංකාවට

    ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම ‘දුෂණ දර්ශකය’ එළිදැක්වූ අතර ඒ අනුව ලෝකයේ දුෂණ වංචාවලින් පිරුණු රට සෝමාලියාවය. දුෂණ අඩුම රට ලෙස එම වාර්තාවේ දැක්වෙන්නේ නවසීලන්තයයි. ශ්‍රී ලංකාව 86 වැනි ස්ථානයේ ද පසුවෙයි. ඉන්දියාවට හිමිවන්නේ 95 වැනි ස්ථානයයි.

    ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එම ‘දුෂණ දර්ශකය’ සකස් කර තිබෙන්නේ රටරටවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සිදුවන්නා වූ දුෂණ වංචා පිළිබඳ දත්ත එක්රැස් කර ගැනීමෙනි.

    එම දත්ත රැස්කර ගැනීමේදී විවිධ රටවල අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල, ව්‍යාපාරික සමාගම් සහ පරිපාලන ආයතනවල සහාය ලබා ගෙන තිබේ. ඔවුන් එම දර්ශකය ඉදිරිපත් කර ඇත්තේ අවරෝහණ පිළිවෙළටය. එනම් දුෂණ වැඩිම රටට බිංදුව ද අඩුම රටට 10 ද වශයෙන් ලකුණු දීමේ ක‍්‍රමයක් අනුව මෙම දර්ශකය සැකසෙයි.

    ඒ අනුව නවසීලන්තයට පසු අටවැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ‍්‍රලියාවය. 14 වැනි ස්ථානයේ ජපානයත්, 10 වැනි ස්ථානයේ කැනඩාවත්, 16 වැනි ස්ථානයේ බි‍්‍රතාන්‍යයත් සිටියි.

    ඇමෙරිකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ප‍්‍රංශය පවතින්නේ 25 වැනි ස්ථානයේය.

    මීට අමතරව චීනය 75 වැනි ස්ථානයේ ද පාකිස්තානය සහ මාලදිවයින 134 වැනි ස්ථානයේ ද පසුවන අතර 143 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රුසියාවයි.

    සෝමාලියාවට පසු දුෂණ වංචා වැඩිම දෙරට උතුරු කොරියාව සහ මියන්මාරයයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු අපි නේද අපේ කලාපෙ කප් එක ගහල තියෙන්නෙ :lol: