දුෂනේ..... බිශනේ..... රාජපක්ෂ පොශනේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    දුෂනේ..... බිශනේ..... රාජපක්ෂ පොශනේ

    stock-photo-sri-lanka-money-rupee-banknote-lkr-396939025.jpg


    ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ඇමතිවරු මැතිවරණ වලට කොටි ගනම් සල්ලි වියදම් කරනවා. ඒවටත් එක්ක ගසාකනවා හොරකම් කරනවා කියල. ඇත්තටම ඇමතිවරු තමුගේ පසුම්බියෙන් කොටි ගනම් වියදම් කරාවිද?

    මැතිවරණයකදී කොටි ගානක් වියදම් කරන්න අපේක්ෂකයන්ට සිදුවෙනවා. එක තමයි යථාර්තය. මැතිවරණයක් ලන්වෙනකොට බොහෝ වියපරිකයන් ලක්ෂගානක් තමුන්ගේ අපේක්ෂකයාට හෝ පක්ෂයට ලබාදෙනවා. බොහෝ දෙනක් ප්‍රදාන පක්ෂ දෙකටම ලක්ෂ ගනනක් වියදම් කරනවා. සමහරු මැතිවයනෙන් පස්සේ තමුන්ගේ වියපරයට විශේෂ සලකිරි වරප්‍රසාද (ටෙන්ඩර්) වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. සමහරු කවුරු දිනුවත් තමුන්ගේ වියපරයට දේශපාලනිකව සිදුවන බලපෑම් අඩු කිරීමට අදාර කරනවා. මේවිදියට මන්ත්‍රී කෙනකුට ලක්ෂ 1000 හෝ ඊට වඩා එකතු කරගන්න එක මහා ලොකු වැඩක් නෙවි.

    මැතිවරනෙන් පස්සේ ඒ ඒ වියාපරවලට සලකන්න මන්ත්‍රී තුමා කිසිසේත්ම පසු බට වෙන්නේ නැහැ. මේ වට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. හමයි මේවා කරන්න ගිහිල්ල මන්ති තුමා ඇනගන්න වෙලාවල් තියෙනවා. උදාහරනයක් ලෙස සොයා බැලීමෙන් තොරව කුඩු කන්ටේනරයක් නිදහස් කරන්න කියල ලියුමක් දුන්නේ.

    මේවා අපි දන්න කලේ ඉදන් දේශපාලන පක්ෂ වල වෙන දේවල්. මොන පක්ෂය බලයට ආවත් ගහන එකා ගහනවා. 94 එක්සත් ජාතික පක්ෂය බලයෙන් එලියට දම්මන්න එක හේතුවක් උනේ ගසාකෑම්. ඒ කලේ ඒවාට විරුද්දව දැවැන්ත විරොදයක් තිබ්බ. චන්ද්‍රික කිව්වේ unp ගසකාපු එවුන් ගෝල් පෙස් එකට ගෙනිහින් දඩුවම් කරනවා කියල. අපිත් කට ඇරන් බලන් හිටිය දඩුවම් දෙනකම්. ඒ මැතිවරණයේදී ජනතව ගොනාට අන්දන්න කියපු දෙයක් කියල අපිට තේරුනේ කාලයක් ගියාට පස්සේ.

    එක පාරක් ප්‍රේමදාස කිව්වා මහවෙලි ගග ගලන්නේ ලලිත් ඇතුලත්මුදලිගේ ගෙදරට කියල. ඒ කාලේ තිබ්බ (94 කලින්) විශේෂ දෙයක් තමයි පුද්ගලීකරණය. මේකට මුවා වෙලා රජයේ කොටි ගනම් වටිනා දේපල, ආයතන අමු අමුවේ තුට්ටු දෙකට තමුන්ගේ හිත්වතුන්ට අදරකරුවන්ට විකුණලා දැම්ම. දහස් ගණනක් කම්කරුවන් එලියට ඇදල දැම්ම.

    දුෂණය නැතිකරන්න ආපු චන්ද්‍රිකාගේ කාලේ sb දිස්සනයක unp එකට ගිහාම එයාගේ හගුරන්කෙත මාලිගාව tv එකේ පෙන්නුවා. sb කිව්වේ මට මේවා අදරකරුවන්ගෙන් හම්බ වෙච්ච දේවල් කියල (donations). එච්චරයි. මේ උත්තරේම තමයි දුන්නේ කොටි ගනම් වටිනා කාර් පැදපු මෙර්වින් සිල්වාගේ පුතා (අල්ලස් දුෂණ කොමිසමෙන් ප්‍රස්න කරාම). යහපාලනය යටතේ මෙර්වින් සිල්වා ඉතාම හොද සිල්වත් පුද්ගලයෙක්. එදා මිනිස්සු කොච්චර කෑගැසුවත් ඔහුට විරුද්දාව නීති ක්‍රියාමාර්ග නැහැ.

    ඉස්සර තවක්කාල් ගනුදෙනුව, channel 9 ගනුදෙනුව මතකද?

    මහින්දගේ කලේ, අද රනිල්/MY3 ගේ කලේ වෙනසක් නැහැ. ගහන එකා ගහනවා. මහින්දගේ කලේ තිබ්බ ප්‍රබලම චෝදනාවක් තමයි මහාපරිමාණ සංවර්දන වියාපෘති වලින් (highway) බිලියන ගනම් ගැහුවා කියන එක. බැසිල් රාජපක්ෂට ප්‍රබල විවේචන තිබුන. ආණ්ඩුව පෙරලෙන්න ප්‍රදාන හේතුවක් තමයි මේ චෝදනා. එත් කවුරු මොනවා කිව්වත් අව්රුද්දකටත් වැඩිය ගතවෙලත් මේවට පිළිගත හැකි මුලාශ සාක්ෂි නැහැ. එහෙම සාක්කි තිබ්බනම් අද මේගොල්ලෝ දේශපලනයනේ කරලා ඉවරයි.

    මහින්දගේ දුශනේ නැති කරන්න කියල ආපු රනිල් රවී මහේන්ද්‍රන් එකතුවෙලා මහා බැංකුවට, රටේ ජනතවගේ මුදල් වලට කලදේ අපුරුයි නේද?. සුජීව තබ කන්ටේනර් බේරගන්න වාරයට දුවන්නෙත්, රවී සමහර සමාගම්වලට සහන දෙන්නත් තමුන්ගේ සහ අදරකරුවන්ගේ වියාපාර නිසා නොවේද? අයි මේ ඉන්දියාවට රටටත් කෙලවල මෙච්චර සැලකිලි?

    jvp එක උනත් මේවයින් ගැලවීමක් නැහැ. ලක්ෂ 25 ගත්ත හැටි මතකද? කොටි ගානක් වටින වාහන මතුවන් හැටි මතකද? ඒගොල්ලොත් කියන්නේ මේවා අදර කරුවන්ගෙන් එකතු වුන සල්ලි කියලනේ. එත් ගිනි අව්වේ කැට හොල්ලන jvp අහිංසක අදරකරුවන් හිතන්නේ දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් තමයි පක්ෂය දුවන්නේ කියල .පක්ෂයේ ක්‍රියාව සහ කතාව අතර වෙනස තමයි. ඒ ගොල්ලෝ අනිත් දේශපාලන පක්ෂ වගේ දුෂණය market කරලා බලය ලබාගන්න තමයි උත්සහ කරන්නේ.

    මම නම් කියන්නේ මොන ආණ්ඩුව ආවත් ගහන එකා ගහනවා. හැම දේශපාලන පක්ෂයක්ම දේශපාලන ආධාර මුවාවෙන් වියපරිකයන්ගෙන් අදාරකරුවගෙන් එම්බසි වලින් සුදු කළු සල්ලි එකතු කරනවා. මේක එක පාරට නැති කරන්න බැහැ. යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. එත් එක ප්‍රයෝගික වෙන්න ඕන.

    එක විසදුමක් තමයි හැම දේශපාලන පක්ෂයකම වියදම්, අදායම් සහ ඒවා ලැබෙන ආකාරය ජනතාවට ප්‍රසිද්ද කිරීම.
    වියපරිකයන්ගෙන් මුදල් ලබාගැනීම සිමා කිරීම. සාමාජිකයන්ගෙන් යම් කිසි මුදලක් ලබාගැනීම (සාමාජික ගාස්තු වශයෙන්)
    බොහෝ වියපරිකයන් කරන්න දෙයක් නැතිකමට මුදල් දෙනවා.

     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මනාප ක්‍රමය නැති කරන එක ඔය ප්‍රශ්නෙට එක විසඳුමක්
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ගෙදරක ලයිට් බිල අඩු කරන එක ඒ ගෙදර එක සාමාජිකයෙකුට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ගෙදර ඉන්න සියලුම දෙනා ඒකට සහය දෙන්න ඕන. එහෙම කරලා ලයිට් බිල අඩු කරගත්තු ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා.

    අන්න ඒ වගේම තමයි මේක. මේකත් අපි එක් කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. බහුතරයක් සෙට් වෙන්න ඕන. බහුතරය එක මතයකට අරන් දේශපාලකයන් කියන උන්ව ගනන් නොගන්න මට්ටමට ගේන්න ඕන. එතකොට උන් බය වෙලා කරන දේ හරියට කරයි.