දුෂ්ට ප්‍රාප්තියේ කිරිබත

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුෂ්ට ප්‍රාප්තියේ කිරිබත

    මුලින් කියන්ඩ ඕනේ. මේක copy paste එකක්. මොනවා උනත් එළකිරි වෙන්ඩ ලියලා තියනවා. කියවලා බලලා මගේ රේප් කැපුවට කමක් නෑ. :P:P:P

    අතිගරු මහරජතුමා වෙත,
    මැද මූකලාන රජ මැදුර
    රාජපක්ෂපුර (ඉදිරියේදී එසේ නම් කරනු ඇත)


    සැර දේ මහරජ!

    මහරජතුමනි, ඔබ වහන්සේගේ දෙවැනි දුෂ්ට ප‍්‍රාප්තිය නිසා අපි පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගොස් සිටිමු. අපි ගිරුවාපත්තුවේ ඈත පිටිසර ජීවත් වන්නන් වමු. ඔබ වහන්සේගේ නිදහස් කිරිබත කෑමට ඒමට අපට ඉවරයක් නැත. ඒ නිසා ඔබ වහන්සේ ටොරින්ටන් චතුරශ‍්‍රයේ උයන කිරි බත කෑමට නොහැකිවීමෙන් සංවේගයටද පත්ව සිටිමු.

    එහෙත් මහරජතුමනි, සමා වුව මැනවි. අපට ඒමට නොහැකි වුවත් අපි ඔබ වහන්සේ වෙනුවෙන් දායකත්වය දක්වා ඇත්තෙමු.

    ඒ මෙසේ ය.

    ඔබ වහන්සේගේ දුෂ්ටප‍්‍රාප්තිය සමරා පිසින කිරි බතට සහල් අපේ ය. ඒවා ඔබවහන්සේගේ ආණ්ඩුව අපෙන් තුට්ටු දෙකට කොල්ල කා ගත් ඒවාය. ඒ නිසා අපි සහල් සපයා ඇත්තෙමු. අපට මිලදී ගැනීමට නොහැකි තරම් පොල් ගණන් නිසා අපි පොල් කිරි නැතිව ඇල් වතුරෙන් උයාගෙන හොදි කන්නෙමු. අපි එලෙස ඔබවහන්සේගේ කිරිබතට පොල් ඉතිරි කර ඇත්තෙමු. අනෙක් වියදම් සඳහාද අපි අපේ සම්මාදම දී ඇති බව ඔබ වහන්සේ දන්නේය. ඔබ වහන්සේගේ ආණ්ඩුව අපෙන් අසාධාරණ ලෙස අය කරන බදුවලින්, ඔබ වහන්සේගේ සංදර්ශන සඳහා ඕනෑ තරම් මුදල් වෙන් කර ගත හැකිය. ඒ නිසා ඉනුත් අපි සම්මාදම් වී ඇත්තෙමු. අනෙක්වාද එසේමය. ඉතිං අවසර මහරජතුමනි, අපි කිරිබත සඳහා දායක වී ඇත්තෙමු. ඒ නිසා නොපැමිණීම ගැන කමා වුව මැනවි.

    අති ගරු මහරජතුමනි,

    ඔබ වහන්සේගේ දෙවැනි දුෂ්ට ප‍්‍රාප්ති කිරිබතින් කෑල්ලක් කන්නට එන්න බැරිවූවාට අපිද කිරිබතක් පිසීමට සූදානම් වී සිටිමු. ඒ කිරිබත ඔබ වහන්සේගේ ටොරින්ටන් චතුරශ‍්‍රයේ ‘නිදහස්’ බතට වඩා ලොකු එකක් වනු ඇතැයිද අපි විශ්වාස කරමු.

    අපට ගෑස් ලිප් ඕනෑ නැත. වේදනා විඳින කෝටි දෙකක් ජනතාවගේ හදවත්වලින් බුර බුරා නැගෙන කෝපාග්නිය අපට ඇත. අපට පොල් කිරි වුවමනා නැත. කුස ගින්නේ හඬන දරුවන් වෙනුවෙන් මව්වරුනගේ තන අගට එක් වන කිරි බිඳු අපට ඇත. අපට ටැප් වතුර ඕනෑ නැත. මව්වරුන්ගේ නෙතික් කඩා හැලෙන කඳුළු අපට ඇත. ඔබවහන්සේ අපට උරුම කර දී ඇති ඒ මහඟු දායාද එක් කළ විට අපට ද කිරිබතක් පිසිය හැකිය. හැමදාම අඩක් බඩසයින් පෙලෙන අපට කිරිබතක් වෙනුවෙන් සහල් මිටක් වෙන් කරන්නට වූවාට කම් නැත. ඒ නිසා අපිද කිරි බත් උයමු. මහරජතුමනි, ඉනුත් කෑල්ලක් අනුභව කිරීමට එනු මැනවි.

    මීට
    යටහත් පහත්
    මනුසත්


    ප.ලි.

    ඔබ වහන්සේට කීමට තවත් දෙයක් ඇත. ඉතා ඉක්මනින් අපි අපේ සහල්වල අයිතිය දිනා ගනිමු. අපේ පොල් වල අයිතිය දිනා ගනිමු. අපේ ශ‍්‍රමයේ අයිතිය දිනා ගනිමු. එදිනට අපි සැබවින්ම කිරි බත් උයමු. මුළු රටම ඒ කිරිබතට එක් වනු ඇත. ඒ කිරිබත උයන්නේ ඔබ වහන්සේ දැන් සිදු කරමින් සිටින කොල්ලකෑම හමාර කිරීමේ ප‍්‍රීතිය නිමිත්තෙනි. යුක්තිය හා සාධාරණත්වය පදවි ප‍්‍රාප්ත කිරීමේ ප‍්‍රීතිය නිමිත්තෙනි. එතෙක් ආයුබෝවේවා මහරජාණෙනි!:D:D:D:D
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    mokada ban kiri bath kanna liyuma liyagena duk windinne,, kiri bath perethyone,,