දූෂණයෙන් තොර ධනවාදයක් නැත

obama2

Member
Apr 18, 2012
424
30
0
දූෂණයෙන් තොර ධනවාදයක් නැත

දූෂණයෙන් තොර ධනවාදයක් නැත

Posted: 4:23 pm, December 29, 2013
05thaan_anna_521799g-589x320.jpg




ඉන්දියානු භාරතීය ජනතා පක්ෂය වෙනුවට එරට ජනතාව විසින් සාමාන්‍ය මිනිසා ගේ පක්ෂය යන තේරුම ඇති ආම් ආද්මි පක්ෂය බලයට තෝරා පත් කර ගන්නට කැමැත්ත පළ කර තිබේ. මේ පක්ෂයේ නායකත්වය දූෂණයට විරුද්ධව ඉන්දියාව පුරා උද්ඝොෂණ උපසාව සංවිධානය කරමින් දූෂණයට එරෙහිව හඩ නැගූ අන්නා හසාරේ විසින් දරනු ලබයි. මේ අය සිතන ප්‍රධාන කාරණ වන්නේ මේ ලෝකයේ සියළු නරක ඇතිව ඇත්තේ දූෂණය නිසාවෙන් බවයි. ඒ අනුව දූෂණයට එරෙහිව ආණ්ඩුවක් පිහිටුවීමෙන් ධනවාදයේ ගැටලුව විසදේවියැයි මේ අය සිතනවා.


නමුත් සත්‍ය වශයෙන්ම දූෂණයට විරුද්ධව සටන් කර පොදු දේපල ඒකරාශී කිරීම නිසා ධනවාදය වෙනස් නොවන අතර සිදු වන්නේ ඊළගට බලයට එන උදවිය විසින් දූෂණ විරෝධීන් විසින් එකලස් කළ ධනය කොල්ල කෑම පමණි. සංවර්ධනයේ නාමයෙන් ලංකාවේ අගනුවර ආශ්‍රිත ජනතාව නෙරපා හරින විට ඉන්දියාවේ නව දිල්ලි අගනුවර මේ දූෂණ විරාධීන් විසින් දුගී ජනතාව සිපගැනීම යනු එකම කාසියේ දෙපැත්තකි.


ලංකාවේ විපක්ෂය මේ දින වල වැඩිපුරම කතා කරන්නේ ආණ්ඩුවේ දූෂන වංචා ගැනය. ඒ ඇත්තටම ඔවුන් දූෂණයට විරුද්ධ නිසා නොව ඊළගට බලයට පැමිණ තමන්ට කන්නට තිබෙන ගොඩ වැඩිකර ගැනීමට අවශ්‍ය නිසයා. යුරෝපයේ සිරිසා ව්‍යාපාරය මෙන් ඉන්දියාවේ අන්නා හසාරේ ගේ ව්‍යාපරයට ධනවාදී රාජ්‍යයන් බිය නොවන්නේ මේ මගින් ධනවාදය වඩ වඩා තහවුරු වීම මිස නිශේධනය නොවන බැවිනි.


ඒ නිසා මෝඩ වම්මුන් මෙන්න ඉන්දියාව ජාතිවාදයෙන් වෙනත් මාවතකට ගමන් කර ඇති බව කියනවා නම් එය ධනවාදයේම තවත් අවතාරයක් මිස ඇත්ත ගැටලුවට ඇත්ත පිළිතුරක් නොවන බව පැහැදිලිය.


ධනවාදය තුළ ප්‍රාග්ධන සම්ච්චනය හරහා වැඩි වැඩියෙන් ලාභ ඉපයීම මගින් ඇති නැති පරතරය දිනෙන් දින ඉහළ යාම දූෂණයට එරහෙරිවීම මගින් අහෝසි වන්නේ නැති අතර අය ඉල්ලා සිටින්නේ කාල් මාක්ස් ජීවත් වූ යුගයට පෙර යුගයකි. එනම් දහනව වන සියවසට පෙර ග්‍රෝත්‍රික යුගයකට ගමන් කිරීමට ඇති කැමැත්තකි. ධනවාදය වෙනස් කරන්නට නම් පැලැස්තර විසදුම් යොදා වැඩක් නැත. පවතින ක්‍රමයට වඩා උසස් සමාජ ක්‍රමයක් වෙනුවෙන් කැපවීම යනු දූෂණයට එරෙහි වනවාට වඩා දුෂ්කර කාර්යයකි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය