දූෂිත යුවතිය - Holman katha

Mar 23, 2012
35
9
0
දූෂිත යුවතිය - Holman katha

මේ සිදුවීමට සම්බන්ධ එක අයෙක් සුජිත් ලෙසත් අනෙත් පුද්ගලයා අසංක ලෙසත් හදුන්නන්නෙමු ..(මේ නම් මනකල්පිත නම්ය. ) 2008 මැයි මාසයේ එක්තරා දවසක මොවුන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට නිෂ්පාදන ප්‍රවර්දන කටයුත්තක් සඳහා බණ්ඩාරවෙල යාමට සුදානම් වුයේ සවස 5.00 ට පමණය .
තම තමන්ට අයත් ප්‍රවර්ධන රථ වෙත මොවුන් ගොඩ වුයේ හැකි ඉක්මනින් තම නවතන් පොළ වෙත යාමේ අටියෙනි.
එක රථයක් අලුත් පන්නයේලොරි රථයකි . අනෙක 43- —- නම් අංකයක් දරණ පැරණි ලොරි රථයකි.මොවුන් දෙපිරිසම සිනාමුසු මුහුණින් විහිලු තහළු කරමින් ඉදිරියට ගමන් කලෝය .රැ කෑමට රථ දෙකම නතර කරේ බලන්ගොඩ NIGHT කඩයක් ළඟය. ඉන් අනතුරුව මොවුන් නෙවතත් ගමන ආරම්භ කලෝය . මොවුන් බණ්ඩාරවෙලට ලඟාවනවිට මධ්‍යම රාත්‍රී 12 හා පසුවී සුළු මොහොතක් ගතවුනා පමණි. බදුල්ල බණ්ඩාරවෙල පාරේ යම් කිසි අවහිරයක් නිසා මොවුන් වැලිමඩට පැමිණ බණ්ඩාරවෙලට ගමන් කලෝය . වැලිමඩ බණ්ඩාරවෙල පාරේ සුළු දුරක් ගමන් කරනවිට එකවරම ඉදිරියෙන් ගමන් කල රථය නතර විය.ලොරි රථ දෙකම වේගයෙන්ගමන් කල නිසා පිටුපස ලොරියේ රියදුරු පරුස වචන කියා බැන වැදුනේය. නමුත් එම රථයත් දෙපසට වැනෙන්නට වුයෙන් සියලෝම බියෙන් ත්‍රස්ත විය. ලොරි රථ දෙකෙහිම විදුලි පහන් රියදුරුගේ පාලනයෙන් තොරව නිවෙන්න දැල්වෙන්න පටන් ගත්තේය . ඉදිරියෙන් තිබුණු ලොරිය පහතින් තිබුණු ප්‍රපාතයට යමෙක් අදින ස්වරුපයක් පෙනුන නිසා සියල්ලෝම බැස එය ආරක්ෂා කර ගැනීමට වෙර දැරුහ.කරකිය ගැනීමට කිසිවක් නොහැකි තැන සුජිත් අසල නිවසක් තිබෙදි බැලීමට අසංක සමග මාර්ගයේ ඉදිරියට ගමන් කළේය. ඇතින් තිබුණු ඉපැරණි නිවසක ඉදිරිපිට යමෙක් සිටිනු දැක ඔවුන් එම ස්ථානයට යන්නට සුදානම් වුවත් ඒ පුද්ගලයා අතුරු දහන් වූ නිසා මොවූන් දෙදෙනා තව තවත් බියට පත්විය. ඔවුන් හඬ නඟා කෑ ගසන්නට විය.. අසල නිවසක පුද්ගලයෙක් මේ හඬ ඇසි දුවගෙන විත් ඔවූන්ගෙන් කරුණු විමසුවිට
“හා යමු එහෙනම් එතනට “
කියා ඔහු මේ දෙදෙනා සමග ලොරි රථ තිබෙන තැනට ගියෝය.
ඔහු මන්ත්‍ර වැනි යමක් මුමුණ
“උඹ මුන්ට මොකට කරදර කරනවද.. උන්ට යන්ට දීපන් ” යනුවෙන් කිවේය.
එවිට පුද්ගලයාට සියල්ලෝම ස්තුති කළේය.
“මහත්තයල මස් වර්ග මොනවහරි කැවද?
ආයේ එනකොට මස්කාල එන්න එපා . ඔතන ඉන්නවා අර ඉස්සරහ පාලු ගෙදර හිටපු තරුණ ගැණු ළමයෙක් මීට කාලෙට ඉස්සර බීසන කාලේ අතවර කරලා මෙතනදී මරල දාලා. අදත් ඒ ළමයාගේ අවතාරේ ඔතන ඉන්නවා. ගමේ උදවියට කරදරයක් නැ එත් මස් කාල එන අයට කරදර කරනවා. මහතයලට තුනුරුවන්ගේ සරණයි මම යන්නම් “.
එසේ කියූ ඔහු යන්න ගියේය. සියලු දෙන බණ්ඩාරවෙල තමන්ගේ නවාතැන( HOTEL ) පිටත් විය. පසුව මේ පිළිබඳව හෝටලයේ කළමණාකරුගෙන් විමසු විට ඔහුත් බියපත් වී කියූ දෙය අදහ ගැනීමට නොහැකි විය.
“ඒ ආවේත් මනුස්සයෙක් නෙවෙයි සර් ඒ මේ පළාතේ කාලෙකට ඉස්සර හිටපු මුලදැනි කෙනෙක් මියගිහින් එයා තාමත් ගම රකිනවලු.”
“සර්ල බේරුනා තරමක් … “