මචං මම දවස් දෙක තුනකට කලින් අම්මා එක්ක ඩොක්ටර් චරිත් ෆොන්සෙකා (Eye Surgeon) හම්බවෙන්න ගියා අම්මාගේ ඇස් දෙක පෙන්වන්න.මගේ ලඟින් වාඩි වෙලා හිටියා කොල්ලෙක්, 29-31 විතර ඇති.මාත් එක්ක මනුස්සයා ටිකක් හිතවත් වෙලා මෙයාගේ විස්තර කියන්න ගත්තා මේ කොල්ලා අනුරාධපුරයේ.පොඩි කාලේ කොටුවක් ඇනිලා එක ඇහැක් සවුත්තු වෙලා අනික් ඇහේ Keratoconus කියන තත්වය තියනලු.එදා ඇවිල්ලා හිටියෙත් එ ඇහ Laser කරන්න.කලකට කලින් එක ඇහකට ඇහක් බද්ධ කරපු කතාවකුත් කිව්වා..එ කොල්ලා කියනවා අනුරාධපුරයෙන් මෙයා ගම්පහට ඇවිත් දැන් පළතුරු බිස්නස් එකක්ලු කරන්නෙ එ ව්‍යපාරයෙන් පොඩි ගෙදරකුත් අරගන බයික් එකකුත් ගත්තලු..මනුස්සයා ගැන දෙමව්පියොත් එච්චර සැලකිල්ලක් නැල්ලු..දෙමව්පියන්ට කිව්වලු දුප්පත් කෙල්ලෙක් හොයලා දෙන්න කියලා කසාද බඳින්න එත් එ අය උනන්දුවක් නැල්ලු..මට කියනවා විවාහයක් කරගතොත් ඇස් දෙක අන්ද උනත් ජිවත් වෙලා ඉන්න පුලුවන් නමුත් එහෙම කෙනෙක් තවම හම්බවුනේ නැ කියලා...නැත්තන් ජිවිතය නැති කරගන්නලු ඉන්නෙ පුර්ණ අන්ධතාවය ආවාම...අද මට උදේ call එකක් දුන්නා,දිලා කියනවා දුප්පත් ළමයෙක් හම්බවුනොත් කියන්නලු එයාට හැබැයි ලස්සන වෙන්න ඔනලු...එයාට මුදල් තියනවලු..එ දෙවල් වල අඩුපාඩුවක් නැල්ලු...ඉස්සරහට ත්‍රිවිල් එකක් ගන්නත් ඉන්නෙ කිව්වා...එදා Laser එක කරගන නමුත් පෙනුමේ විශේෂයක් නැ කිව්වා.ගැණු හොයන වැඩ ගැන නම් ඉතින් මට අදහසක් නැ...නමුත් ඔයාල කවුරු හරි මේ ලෙඩේ ගැන දන්නවද..මේ ළමයට කොහොමද උදව්වක් කරන්නෙ කියලා මම මේ කල්පනා කරන්නෙ ?? ලස්සන කෙල්ලෝ හොයන්නෙ මොන අහවල් මගුලකටද කියලා හිතෙනවා මේ මනුස්සයා දැන් ඇස් වලත් පෙනිම ටික ටික අඩු වෙන එකේ...මේ මනුස්සයා අන්ඳ වෙලාම ගිය දවසක ලස්සන කෙල්ල දාල යන්නත් බැරි නැ මේ මනුස්සයාව....
