අගමැති ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රතිමාව ගාලු මුවදොර කැපීපෙනෙන ස්ථානයක්. ගෝටා ගෝ ගම අරගල බිම ගොඩනැගුණේ බණ්ඩාරනායක පිළිමය අසල වටපිටාවෙ යි. දැවැන්තයකු සේ අහසට නැඟුණු ෂැංග්‍රිලා හෝටලය නිසා දැන් මේ පිළිමය අඟුටුමිට්ටකු බවට පත්වෙලා.
ගාලු මුවදොර විරෝධතාව ඇරඹුණු 2022 අප්‍රේල් 9 වනදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ සදාම් හුසේන් ප්‍රතිමාව බිම දමා හරියට ම වසර 19 ක් පිරෙන දවස යි. අප්‍රෙල් 30 වැනි දා බණ්ඩාරනායක ගේ පිළිරුවෙහි දෙනෙත් කළු රෙදි පටියකින් ආවරණය කර තිබුණා. ඒ ඉදිරිපිට ඇහැරෙන්න යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කිරීම සිදුවුණා. කෙසේ වුවත් එහි දෑස් රෙදි පටියකින් වැසීමේ අරුත කුමක්දැයි වැඩි දෙනකුට වැටහී තිබුණේ නැහැ. සමහරුන් පැවසුවේ එය බණ්ඩාරනායක පිළිමයට කළ නිගරුවක් ලෙස යි.
මෙම පිළිමය පිටුපස පිහිටා ඇත්තේ මෑතක දී තැනූ ෂැංග්‍රිලා හෝටලයේ දැවැන්ත ගොඩනැඟිල්ල යි. ඒ නිසා කලකට පෙර බණ්ඩාරනායක ප්‍රතිමාවේ දුටු ප්රතාපවත් බව අද යම් තරමකට අඩුවෙලා. පිළිමය පිහිටුවන කාලයේ එය පිටුපසින් තරමක් දුරින් පිහිටියේ යුද හමුදා මූලස්ථානය සහ හමුදා රෝහල යි. ඒවායේ උස් ගොඩනැඟිලි නොවුණු නිසා පිළිමය හොඳින් කැපී පෙනුණා. එය පිහිටුවා තිබෙන්නේ තරමක් උස් බිම්කඩක යි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටිය දී යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරේගොඩට ගෙන ගොස් ඉඩම ෂැංග්‍රිලා හෝටල සමාගමට විකුණා දැම්මා.
1900 මුල් භාගයේ පිළිමය පිහිටි තැනට නුදුරින් අහස උසට නැගී සිටියේ පළමු ලෝක යුද ස්මාරක කළුගල් කුලුන යි. පසුව එම කුලුන කොළඹ 7 මහජන පුස්තකාල ගොඩනැඟිල්ල අසල සවිකර තිබෙනවා.
අවුරුදු 100කට පෙර තිබූ පළමු ලෝක යුද ස්මාරකය- Prints. Online.com
කොළඹ 7 මහජන පුස්තකාල ගොඩනැඟිල්ල අසල සවිකළ පළමු ලෝක යුද ස්මාරක කළුගල් කුලුන
අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ හදිසි අභාවය 1959 සැප්තැම්බර් 26 වැනි දා සිදුවුණා. 1959 වසරේ සැප්තැම්බර් 25 වැනිදා එවකට ලංකාවේ අගමැතිවරයා වූ සොලමන් බණ්ඩාරනායකට සිය නිවසේ දී වෙඩි පහරක් එල්ල වුණා. හැකි ඉක්මනින් රෝහල්ගත කෙරුණු අගමැතිවරයා පැය 8ක ශල්‍යකර්මයකට භාජනය කෙරුනා. නමුත් එමඟින් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ. 1959 සැප්තැම්බර් 26 වැනිදා සොලමන් බණ්ඩාරනායක අගමැතිවරයා අභාවප්‍රාප්ත වුණා. ඔහු, බලයේ සිටිය දී අභාවප්‍රාප්ත වුණු දෙවන ලාංකීය අගමැතිවරයා ලෙසින් ඉතිහාසයට එක් වුණා. ඔහුට පෙර බලයේ සිටිය දී මියගියේ ලංකාවේ පළමු අගමැතිවරයා වුණු මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක යි.
අභාවයෙන් පසු 1960 දී සහ යළිත් වරක් 1970 මහ මැතිවරණයෙන් අගමැතිනිය බවට පත්වූයේ අගමැති බණ්ඩාරනායකගේ බිරිය සිරිමා බණ්ඩාරනායක යි. සමාජවාදී රටක් වූ සෝවියට් දේශය හා ලංකාව අතර තානාපති සබඳතා මුලින් ම ගොඩනඟා ගන්නේ 1957 දී අගමැති බණ්ඩාරනායක යි. 1963 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය රුසියාවේ නිල සංචාරයක යෙදුණා.
දෙවන වරට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක 1970 මුල දී තම සැමියාගේ ප්‍රතිමාවක් තනා දෙන ලෙස රුසියාවෙන් ඉල්ලීමක් කළා. බණ්ඩාරනායක අගමැතිවරයාගේ සෝවියට් මිතුරුකමට කෘතවේදී බව පළ කිරීමට 1973 දී ඔහුගේ පිළිමයක් නිර්මාණය කර ලංකාවට තෑගි කිරීමට එරට තීරණය කරනවා. එම පිළිමය තැනීම බාර වන්නේ එවකට සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිටි විශිෂ්ටත ම ප්‍රතිමා ශිල්පියෙක් වුණු මහාචාර්ය ලෙව් ඉෆ්මොවිච් කර්බෙල්ට යි.
මූර්ති ශිල්පී මහාචාර්ය කර්බෙල්- vimio.com
ඔහු රුසියාවේ මොස්කව් නගරයේ ස්ටේට් ඇකඩමික් ආර්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ජර්මනියේ කාල් මාක්ස් ප්‍රතිමාව, කියුබාවේ හවානා නුවර වී.අයි. ලෙනින් ප්‍රතිමාව ඇතුළු ලෙව් කර්බෙල් නිර්මාණය කළ සුවිසල් අගනා ප්‍රතිමා රුසියාවේ සහ ලෝකයේ නගර ගණනාවක පිහිටා තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ තිබෙන කර්බෙල් අතින් නිමැවූ එකම ප්‍රතිමාව යි. එමෙන් ම ශ්‍රී ලංකාවේ පිහිටි විශාලත ම දේශපාලනඥ ප්‍රතිමාව මෙන් ම විශිෂ්ටත ම පුද්ගල ප්‍රතිමාව ලෙසත් සැලකිය හැකි යි.
පිළිමය තැනීමේ දී එය පළමුවෙන් රූපය මැටියෙන් ඇඹීම් කර පසුව එය ලෝහයෙන් වාත්තු කර තිබෙනවා. එසේ හදන මැටි මූර්තියේ බණ්ඩාරනායක මුහුණේ අංගලක්ෂණ තිබේදැයි පරීක්ෂා කිරීමට ලංකාවෙන් එදා එහි ගොස් ඇත්තේ මූර්ති ශිල්පී මාපලගම විපුලසාර හාමුදුරුවන්, සුනේත්‍රා බණ්ඩාරනායක හා කුමාර් රූපසිංහ යි. ලෝකඩවලින් තමයි පිළිමය තනා තිබෙන්නේ. එය තනා නිම කළ පසුව 1976 දී රුසියානු එයරොෆලොට් ගුවන් යානයක් මඟින් කොටස් හතරක් වශයෙන් පිළිමය ලංකාවට රැගෙන එනවා.
මූර්ති ශිල්පී මාපලගම විපුලසාර හිමි
එය ගෝල්ෆේස් පිටියේ සවි කරන්නේත් 1976 දී ම යි. පිළිරුව සවිකිරීම අධීක්ෂණය කිරීමට එහි නිර්මාණ ශිල්පියා වන මහාචාර්ය ලෙව් කර්බෙල් ලංකාවට පැමිණෙනවා. පිළිමයේ කොටස් ගාලු මුවදොර පිටියට වාහනවලින් ප්‍රවාහනය කර එහි යට ම කොටස වෙල්ඩින් කර පාදමට කොන්ක්‍රීට් යොදා පොළොවට සවි කිරීම සිදුවුණා. පිළිමයේ අනෙක් කොටස් සවි කිරීමට යකඩ බටවලින් වටේට පලංචි තනා ආධාරක සකස් කළා. ඉන්පසුව ඉතිරි කොටස් වෙල්ඩින් කරමින් ඉහළට ඉදිකිරීම සිදුවුණා. ඒ සඳහා මහාචාර්යවරයාට සහාය දක්වා ඇත්තේ ලංකාවේ දක්ෂ ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ සුරේන් වික්‍රමසිංහ යි.
ගෘහනිර්මාණ ශිල්පිය සුරේන් වික්‍රමසිංහ
විශාල හිස් අවකාශයක් සහිත ගාලු මුවදොර මුහුද දෙස බලාගෙන සිටින අයුරින් බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිකෙරුණේ ඒ අන්දමින්. බණ්ඩාරනායක ශරීරයෙන් කුඩා වුවත් ඔහුගේ සේවය ඉස්මතු වන පරිදි මහා පෞරුෂයකින් යුක්ත ව පිළිමය ගොඩ නගා තිබෙනවා.
ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා
බණ්ඩාරනායක යුගය එසේත් නැතිනම් 1956- 59 කාලය ‘පොදුජනයා’ පිළිබඳ කතිකාව බහුල ව සමාජයේ පැතිරුණු කාලයක්. බණ්ඩාරනායක බලයට පැමිණීයේ ද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ සහයෝගයෙන්. සේවක අර්ථ සාධක අරමුදල, දේශීය නිෂ්පාදන කර්මාන්ත, බස් ජනසතු කිරීම හා වරාය ජනසතු කිරීම, අඳ ගොවි අයිතිය තහවුරු කිරීම සඳහා කුඹුරු පනත සකස් කිරීම, බ්‍රිතාන්‍යයන් සතු ව පැවති ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ලංකාවට නැවත පවරා ගැනීම ආදී පොදුජන කටයුතු රාශියක් කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව කටයුතු කළා.
පිළිමය පිහිටුවා අවුරුදු 18කට පසුව මහාචාර්ය කර්බෙල් ශ්‍රී ලංකාවට 1994 දී නැවතත් පැමිණියා. ඔහු බණ්ඩාරනායක ප්‍රතිමාව පරීක්ෂා කිරීමටත් ඒ අවස්ථාවේ ගියා. එකල මෙරට ජනාධිපති වුණේ ඩී. බී. විජේතුංග යි. මහාචාර්ය කර්බෙල් එය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළා. මහාචාර්ය කර්බෙල්ගේ ඉල්ලීම අනුව 1994 දී ආණ්ඩුව ප්‍රතිමාව සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. එහි සංරක්ෂණ කටයුතු කළේ මූර්ති ශිල්පී මහාචාර්ය සරත් චන්ද්රජිව යි. එහි වියදම දැරුවේ ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන්. පසුගිය 2021 අවුරුද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ඉල්ලීම පරිදි මෙය නැවත වතාවක් මහාචාර්ය සරත් චන්ද්‍රජීව ඇතුළු කණ්ඩායම අතින් සංරක්ෂණය කෙරුණා.
මූලාශ්‍ර :
Mawbima.lk
Silumina.lk
Dinamina.lk
Roarmedia
Blogger- Kusumsiri Wijewardhana
Pictures from Internet

Last edited: