දෙක... තුන... හතර... පහ යනුවෙන් හාදු පහක්ම !
---නෙට් එකෙ පොඩි රවුමක් දද්දි රදිකා ගුනරත්න මහත්මියගෙ ලස්සන කතාවක් හම්බවුනා එලකිරි 1ස්ට් කියලා ඔන්න මන් එක දැම්මා-----
හතේ පන්තියේ සිටිනා විට ගැහැනු ළමුන් අපට පෙනුණේ පිටසක්වළ ජීවි කොට්ඨාසයක් මෙනි. එපමණක් නොව ඕනෑම පුංචි කොල්ලෙක් දන්නා පරිදි මේ කෙල්ලන් ගේ සියලඟම මෝඩ කමෙන් වැසී ගොස් තිබේ. ඒ නිසා ඉතා ම ස්වභාවික ලෙස මේ වයසේ කොල්ලෝ, කෙල්ලන්ගෙන් හැකි තරම් ඈත්ව සිටීමට උත්සාහ කරති. නමුත් සිතන්න... හතේ පන්තිය පටන් ගත් ඒ පළමු දිනයේ ම අපේ පන්තිභාර ගුරුතුමිය කොල්ලන් සහ කෙල්ලන් ව වෙන වෙනම පෙළගස්වා කුමක්දෝ පැවරුමකට එකිනෙකාගේ අත් අල්ලාගෙන ඉන්නා ලෙස කීවා ය...!
විපතක මහත...! ඒ අනුව එක් එක් පිරිමි ළමයාට තමන්ට සමාන්තරව සිටගෙන සිටිනා ගැහැනු ළමයාගේ අතකින් අල්ලාගෙන ඉන්නට සිදුවිය. ලොකු කන් සහ පිදුරු පාට කෙස් ඇති මයිකල්, තමන්ගේ පසුපෙළ සිටින කොල්ලන්ට ඇසෙන සේ මහ හඬින් නිවේදනය කර සිටියේ තමන්ගේ ‘සහකාරිය’ ගේ අත මීට වඩා විනාඩි පහක්වත් අල්ලාගෙන සිටින්නට සිදුවුවහොත් තමන් මැරී වැටෙනු නියත බව ය. කොල්ලෝ කොක්සන් දෙමින් සිනාසෙන්නට පටන් ගත්හ. කෙල්ල විළියෙන් රතු වී බිම බලා ගත්තා ය. ඈ හඬන්නට යන්නා සේ පෙනිණි.
උද්ගතව ඇති තත්ත්වයට කෙසේ හෝ මුහුණ දිය යුතු නිසා මම මා අසල සිටින කෙල්ල දෙස යන්තමින් බැලුවෙමි. ඇය කෙටි තඹවන් කොණ්ඩයක් සමඟ ලොකු නිල් ඇස් ඇති සුන්දර පුංචි එකියකි. ඇගේ නම ෆ්‍රැන්සියා විය. මම ඇය දෙස බලමින් මට ම මෙසේ කියා ගත්තෙමි.
“මගෙ තත්ත්වෙ ඒ තරම්ම නරක නෑ වගේ...”
ඉන්පසු මගේ සවනත වැකුණේ මයිකල් ගේ මීළඟ පුරෝකථනයයි.
“කෙල්ලකගෙ අත අල්ලගෙන ඉන්න එක මේ තරම් වාතයක් නම් කෙල්ලකුට හාද්දක් දෙන්න වුණොත් කොහොම තියේවිද?”
“ඌහ්...” කොල්ලෝ කෑ ගෑහ. “කියල වැඩක් නෑ...” තවකෙක් මොර ගෑය.
“මට නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි.” මම හොරැහින් ෆ‍්‍රැන්සියා දෙස බලමින් සෙල්ලමට මෙන් කීවෙමි. ඇගේ කම්මුල් බලාසිටියදී රෝස පැහැයෙන් ලේ රතු පැහැයට හැරුණේ ය. කොල්ලෝ ඝෝෂාකරන්නටත් සිවුරුහන් බාන්නටත් පටන් ගත්හ.
“එක හාද්දකට එක පීසා එක ගානෙ අරන් දෙනවා... මයිකල්ගෙ ගානෙ...”
“තමුසෙට පුළුවන්ද එච්චර දෙයක්?” මයිකල් අවිශ්වාසයෙන් කීය.
“බොරුකියන්න එපා”
“නෑ බොරු නෙවෙයි.” මයිකල්ගේ ඔට්ටුව දිනාගත හැකිය යන විශ්වාසයක් මසිත තුළ විය.
“හරි ඔට්ටුව බාර ගන්නවා. මගෙ ගානෙ එක හාද්දට එක පීසා එක ගානෙ...” අත්පොළසන් හඬ සහ හා හෝ ගෑම් නැඟී ආවේ ය.
“හොඳයි, මම දැන් කාටද හාද්ද දෙන්න ඕනෙ?” සිතේ චකිතය සඟවා ගනිමින් මා ඇසුවේ කාලය සමඟ සෙල්ලම් කරමිනි. විද්‍යාගාරයට ගිය ගුරුතුමිය එන්නට දැන් ඉතා ආසන්න අතර එවිට මට නොපැරදුණු ඔට්ටුව සමඟ ආත්ම ගෞරවය බේරාගැනීමේ වරම හිමි වේ.
අපේ පන්තියේ සිටියේ ද අපට ම සරිලන කෙල්ලන් කාණ්ඩයකි. ඔවුහු මෙය මහා ලොකු දෙයක් ලෙස සලකා මා හාද්ද දිය යුතු කෙල්ල තෝරාගැනීම සඳහා වාද විවාද කරන්නට පටන් ගත්හ. විනාඩි පහක පමණ කන් කරච්චලයකින් සහ කිචි බිචි සිනාවලින් පසු මා ඉදිරියේ නැවතත් සිටියේ ෆ‍්‍රැන්සියා ය! දෙසවන් බිහිරි වන තරමට අත්පොළසන් හඬ නැඟී ආවේ ය.
මට දැන් ගැලවෙන්නට මඟක් නැත. කෙසේ හෝ හාද්ද දෙන්නේ නම් මා ඔට්ටුව ජය ගත්තා වේ. එහෙත් ඒ හා සමගාමී ව කෙල්ලගෙන් මට කම්මුල් පහරක් වැනි අපහාසයක් විඳින්නට සිදුවුවහොත්...? මගේ අවාසනාව කෙතෙක්ද යත් ගුරුතුමියගේ ඡායාවක්වත් තවම නැත.
කරන්නට කිසිවක්ම නැතිව අන්ත අසරණ ව සිටි මම, සිතට දිරිය ගෙන ඇයගෙන් මෙසේ ඇසුවෙමි.
“කමක් නැත්ද?”
කොල්ලෝ හූ කීමට පටන් ගත්හ.
“මෝඩයා... මෝඩයා...” මම ෆ්‍රැන්සියා දෙස බැලුවෙමි. ඇය කිසිවක් නොකියා මා දෙස බලාසිටින්නීය. එනිසා ඊළඟ නිමේෂයේ ඉදිරියට පිනූ මම, ඇගේ නළලත හාද්ද තැවරුවෙමි. කොල්ලෝ අත්පොළසන් දීමට පටන් ගත්හ. ඇගේ නිල් ඇස්වලට චකිතයෙන් එබී බැලූවිට මට දැනුණේ ඇගෙන් එයට විරෝධයක් නැති බවයි.
එනිසා දෙක... තුන... හතර... පහ යනුවෙන් හාදු පහක්ම මම ඇයට දුන්නෙමි.
ඉන්පසු වීරයෙක් සේ මයිකල් දෙස බැලුවෙමි. කොල්ලන් මා කර තබාගෙන එවේලේම ආපන ශාලාව වෙත යන්නට සිතුවත් ගුරුතුමිය පැමිණි හෙයින් අපට එය දහවල් විවේකය එන තෙක්ම කල් දැමීමට සිදුවිය.
ඉන්පසු සිදුවූ දෑ කෙටියෙන් කියන්නේ නම්, ඔට්ටුව දිනුව ද මට කන්නට ලැබුණේ පීසා දෙකක් පමණි. ෆ‍්‍රැන්සියාගේ ඇස් මා සමඟ සිනාසෙන්නට පටන් ගෙන ඇති බවත්, දෙදිනකට පසු මා ඉතා බරපතළ ලීලාවෙන් ඇගේ අතකින් අල්ලාගෙන සිටිනා බවත් දුටු මයිකල් ප්‍රමුඛ අපේ කොලු නඩය තුන්වැනි දිනයේදී පීසා දීමනාව කප්පාදු කළෝ ය.