දෙණියාය~පුංචි~නුවරඑලිය
දෙණියායට කියන්නේ පුංචි නුවරඑලිය කියලා. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඒ තරමටම දෙණියාය කියන නගරය ලස්සනයි. බොහෝම සෞම්‍ය දේශගුණයක් තියෙන පලාතක්. දෙණියාය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙරවලේ. දෙණියායට යනවා නම් මාතරට ගිහිල්ලා එතනින් අකුරැස්ස පාරේ ගිහින් පිටබැද්දර, මොරවක හරහා දෙණියායට යන්න පුලුවන්. කොළඹ ඉඳලා යනවා නම් මතුගම, පැලවත්ත, නෙළුව, මොරවක හරහා දෙණියායට යන්න පුලුවන්. දෙණියායේ සෞම්‍ය දේශගුණය විඳගන්නට යන ඔයාලාට එතන ඉඳලා සිංහරාජ වනාන්තරයත්, පෞරාණික ගැටබරු පුරාන විහාරයත් වැඳපුදා ගන්න පුලුවන්. ගැටබරුව කියන්නේ ඉතාමත් ලස්සන පන්සලක්. (ඡායාරූප නොමැති වීම ගැන බලවත් කණගාටුව) මුහුදු මට්ටමින් අඩි 1500ක් පමන උසින් පිහිටා තියෙනවා. වට පිටාව ඉතාමත්ම අලංකාරයි. ගැටබරු දෙවියන් (රජ්ජුරු බන්ඩාර) වෙනුවෙන් නිම වෙච්ච පැරණි දේවාලයක් එහි තියෙනවා. සෑම වසරකම බිනර පෝයට එහි ඉතාමත් අලංකාර උත්සවයක් හා ගැටබරු පෙරහැර පවත්වනවා. ඔබ සංචාරය කරන්නට හිතාගෙන ඉන්නවා නම් ඒවාටත් සහභාගී වෙන්න පුලුවන් විදියට ඔයාලාගේ සංචාරය කළමනාකරනය කරගත්තොත් වටිනවා. ඒ වගේම දෙණියායේ නවාතැන් පහසුකම් ලබාගන්නට පුලුවන් හොඳ තත්වයේ හෝටල් කිහිපයක්ම තියෙනවා. ඒ නිසා සංචාරකයන්ට නාවාතැන් ගැන බය වීමට කාරනාවක් නෑ. හොඳ පලාතක්. නිවාඩු පාඩුවේ ගිහින් එන්න යන්න.
දෙණියායෙන් ගලා යන නිල්වලා ගඟේ අත්තක්.
තේ වගාව බොහෝම අපූරුවට සිද්ධ කෙරෙනවා.
තේ වගාව වගේම වී ගොවිතැනත්. කදූ වලල්ලකින් වට වෙච්ච කුඹුර.
දෙණියායෙන් ගලා යන නිල්වලා ගඟේ අත්තක්.
තේ වගාව බොහෝම අපූරුවට සිද්ධ කෙරෙනවා.
තේ වගාව වගේම වී ගොවිතැනත්. කදූ වලල්ලකින් වට වෙච්ච කුඹුර.
Last edited:
maath ahala thiyenawa deniyaya gena..gihilla nam naa 

කවුද යකෝ අන්කල්. මම අන්කල් නම් උඹ සීයා නේ.



. එත් මෙ පින්තුර දැක්හම එදා මිස් කිව්ව කතා ඇත්තයි කියලා හිතෙනවා , බොහොම ස්තුතියි මචන්
