දෙණියාය~පුංචි~නුවරඑලිය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙණියාය~පුංචි~නුවරඑලිය

    දෙණියායට කියන්නේ පුංචි නුවරඑලිය කියලා. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඒ තරමටම දෙණියාය කියන නගරය ලස්සනයි. බොහෝම සෞම්‍ය දේශගුණයක් තියෙන පලාතක්. දෙණියාය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙරවලේ. දෙණියායට යනවා නම් මාතරට ගිහිල්ලා එතනින් අකුරැස්ස පාරේ ගිහින් පිටබැද්දර, මොරවක හරහා දෙණියායට යන්න පුලුවන්. කොළඹ ඉඳලා යනවා නම් මතුගම, පැලවත්ත, නෙළුව, මොරවක හරහා දෙණියායට යන්න පුලුවන්. දෙණියායේ සෞම්‍ය දේශගුණය විඳගන්නට යන ඔයාලාට එතන ඉඳලා සිංහරාජ වනාන්තරයත්, පෞරාණික ගැටබරු පුරාන විහාරයත් වැඳපුදා ගන්න පුලුවන්. ගැටබරුව කියන්නේ ඉතාමත් ලස්සන පන්සලක්. (ඡායාරූප නොමැති වීම ගැන බලවත් කණගාටුව) මුහුදු මට්ටමින් අඩි 1500ක් පමන උසින් පිහිටා තියෙනවා. වට පිටාව ඉතාමත්ම අලංකාරයි. ගැටබරු දෙවියන් (රජ්ජුරු බන්ඩාර) වෙනුවෙන් නිම වෙච්ච පැරණි දේවාලයක් එහි තියෙනවා. සෑම වසරකම බිනර පෝයට එහි ඉතාමත් අලංකාර උත්සවයක් හා ගැටබරු පෙරහැර පවත්වනවා. ඔබ සංචාරය කරන්නට හිතාගෙන ඉන්නවා නම් ඒවාටත් සහභාගී වෙන්න පුලුවන් විදියට ඔයාලාගේ සංචාරය කළමනාකරනය කරගත්තොත් වටිනවා. ඒ වගේම දෙණියායේ නවාතැන් පහසුකම් ලබාගන්නට පුලුවන් හොඳ තත්වයේ හෝටල් කිහිපයක්ම තියෙනවා. ඒ නිසා සංචාරකයන්ට නාවාතැන් ගැන බය වීමට කාරනාවක් නෑ. හොඳ පලාතක්. නිවාඩු පාඩුවේ ගිහින් එන්න යන්න.

    දෙණියායෙන් ගලා යන නිල්වලා ගඟේ අත්තක්.

    60387_150436518328287_143349459036993_264744_4602304_n.jpg


    60387_150436521661620_143349459036993_264745_7379732_n.jpg


    60387_150436524994953_143349459036993_264746_7192108_n.jpg



    2rqk7de.jpg


    තේ වගාව බොහෝම අපූරුවට සිද්ධ කෙරෙනවා.

    60387_150436514994954_143349459036993_264743_1652192_n.jpg


    60387_150436511661621_143349459036993_264742_3820916_n.jpg


    60387_150436508328288_143349459036993_264741_3625100_n.jpg



    තේ වගාව වගේම වී ගොවිතැනත්. කදූ වලල්ලකින් වට වෙච්ච කුඹුර.

    33843_150436278328311_143349459036993_264740_2480341_n.jpg





    60818_146822018689737_143349459036993_245605_1402838_n.jpg



     
    Last edited:
    • Like
    Reactions: darshaka85

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yep... another quality thread from perera uncle !! :D maath ahala thiyenawa deniyaya gena..gihilla nam naa :(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැ‍ටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?:eek:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    mama gehilla teyanawa yalu.... hoda palathak balanna godak jathi teyanawa ... sinharaga kali athuli inna puluwan.. ethakota sethala wathura teyana diya ali godak jathi teyanawa ,,,,, aththtatama yanna watina thanak
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං තරහ ගන්න එපා..මං ගිය ක්ලාස් එකකට ආව මචං දෙනියායෙ කොල්ලෙක්..තව කෙල්ලෙක් හිටියා මාතර ඉපදුන..මුන් දෙන්න වලි..මොකක් හරි එකක් උනොත් කෙල්ල කියන්නේ...දෙනියායේ අය තමා අර හදට ගල් ගහල හද වැ‍ටුනද කියල හොයන්නේ කියල බයිට් පාරක් දෙනවා..ඒ කතාව ඇත්තද?:eek:

    ඒ සිද්දියට සම්බන්ධ දෙණියාය නෙවෙයි. ඒ සිද්ධියට සම්බන්ධ මොරවක. කතාවක කියන්නේ මොරවක් කොරලේ ඉන්නේ හඳට ගල් ගහපු එවුන් කියලා.
    :lol::lol::lol::lol:

    උඹටත් ඇහෙන දේවල් කඩියෝ.
     
    • Like
    Reactions: raichu

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    දෙණියාය කිව්වාම මතක් වෙන්නෙ අපෙ ඉස්කොලෙ 10 වසර අපිට උගන්නපු සිංහල මිස්ව , එයාගෙ ගමත් දෙණියාය , එයා ඉස්සර අපිට කිව්වා දෙණියායෙ සුන්දරත්වය ,අපිනම් මිස්ගෙ කතා අහන් හිටියෙ එයාගෙ ගමෙ සුන්දරත්වය කොයිවගෙද කියලා දැනගන්න නෙමෙයි වෙනදයක් හිතෙ තියාගෙන;). එත් මෙ පින්තුර දැක්හම එදා මිස් කිව්ව කතා ඇත්තයි කියලා හිතෙනවා , බොහොම ස්තුතියි මචන්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒ සිද්දියට සම්බන්ධ දෙණියාය නෙවෙයි. ඒ සිද්ධියට සම්බන්ධ මොරවක. කතාවක කියන්නේ මොරවක් කොරලේ ඉන්නේ හඳට ගල් ගහපු එවුන් කියලා.
    :lol::lol::lol::lol:

    උඹටත් ඇහෙන දේවල් කඩියෝ.

    සීන් එක මෙහෙමයි..ඒ කෙල්ල මචං ඉපදිලා තියෙන්න ඩුබායි වල..ඇෆ්‍රිකන් ලුක් එකක් තියෙන්නේ...අම්මගේ හරි තාත්තගෙ හරි ගම ඔය මාතර හරි මොරවක් හරි..මට මතක නෑ..අරූට බනින්නේ ඔය විදිහට තමා හදට ගල් ගහපු අය කියල...ඉතිං ඌ එතකොට කියන්නේ..අපි නම් ගල් ගැහුවා, .මෙයාලගේ පැත්තේ අය තමා ඒක ඇඹුල් රහයි කිවුවෙ කියලා

    :lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සීන් එක මෙහෙමයි..ඒ කෙල්ල මචං ඉපදිලා තියෙන්න ඩුබායි වල..ඇෆ්‍රිකන් ලුක් එකක් තියෙන්නේ...අම්මගේ හරි තාත්තගෙ හරි ගම ඔය මාතර හරි මොරවක් හරි..මට මතක නෑ..අරූට බනින්නේ ඔය විදිහට තමා හදට ගල් ගහපු අය කියල...ඉතිං ඌ එතකොට කියන්නේ..අපි නම් ගල් ගැහුවා, .මෙයාලගේ පැත්තේ අය තමා ඒක ඇඹුල් රහයි කිවුවෙ කියලා

    :lol::lol::lol:

    dubai wala ipadunata wadak ne, no citizenship will be granted. LOL. mother hari father hari eyage african wenna ati. LOL.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපි එක පාරක් කුඩවෙන් අතුලු වෙලා දෙනියායෙන් එලියට එන්න සෙට් කරන් හිටියා සින්හරාජේ හරහා....... ඒත් අලි වගයක් ඈවිල්ල පාලමක් කඩල කියල අපිට යන්න අවසර දෙන්න බෑ කිව්ව...... අපරාදේ.....:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි එක පාරක් කුඩවෙන් අතුලු වෙලා දෙනියායෙන් එලියට එන්න සෙට් කරන් හිටියා සින්හරාජේ හරහා....... ඒත් අලි වගයක් ඈවිල්ල පාලමක් කඩල කියල අපිට යන්න අවසර දෙන්න බෑ කිව්ව...... අපරාදේ.....:(:(

    ali nisa nemei alinta umbala karadara karai kiyala wenna ethi ! :lol::lol: mama dekka umbalage sinharaje photo's :cool::)