දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

AnuradhaRa

Well-known member
  • දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    14. කොසොහිතවත්ථගුය්හතා

    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.

    එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.

    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.


    ඇත්තටම මේ මොකක් ගැනද කියන්නෙ :confused:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දෙතිස් මහා පුරුෂ ලකෂණ ගැන අහල තිබුනට ලොකු දෙයක් ඒ ගැන දන්නේ නැත..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මචන්... උඹට ඕක විතරයිනේද තේරුනේ නැත්තෙ, අනිත් 31 අවුලක් නැහැ නේද...?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන්... උඹට ඕක විතරයිනේද තේරුනේ නැත්තෙ, අනිත් 31 අවුලක් නැහැ නේද...?

    :rofl::rofl: මාත් ඕක කියන්න ගිහින් ආයෙ මොකටද කියලා නිකන් හිටියේ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    no point in giving reps with super large images poor bitches..all you have to do is shrink your rep panel and it'll never bother you :P sorry to disappoint you
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.

    මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.


    meka kiyewwama ubata therenna ona
     

    AnuradhaRa

    Well-known member
  • කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.

    මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.


    meka kiyewwama ubata therenna ona

    මාත් ඒකෙන් තමා තේරුම් ගන්ඩ බැලුවෙ.. ඒකත් මාරයි නේ...
    ඒ කියන්නෙ මුලු ලිංගයම වෙනම හමකින් ආවරණය වෙලා තියෙන්නෙ..

    ඕක කෙනෙක් වැරදියට තේරුම් ගන්ඩ පුලුවන් ලිංගය වෘෂණ කෝෂෙ ඇතුලෙ තියෙනව කියල
     

    AnuradhaRa

    Well-known member
  • *අමතර කරුණක්

    සාමාන්‍යයෙන් පිරිම ළමයෙක් ඉපදුණාම එයාලගෙ වෘෂණ දෙක තියෙන්නෙ ඇඟ ඇතුලෙලු..
    පස්සෙ තමාලු පහලට බැහැල වෘෂණ කෝෂෙට යන්නෙ.. :P
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    බවාරී

    බවාරී ඉතිහාසයට එක් වන්නේ සුගත තථාගත සිරිත සමග බැදී ඇති අපූරු චරිතයක් ලෙසය. පුරුෂයකුගේ මහා පුරුෂ ලකුණු පිළිබද පෙරදිග විද්‍යාව හදාරමින් සිටි බවාරී සිටුවර පුත‍්‍රයකු ද වේ. ඔහු තෙමේ තරුණ වියට එළඹ තමන් ලද ශාස්ත‍්‍ර දැනුම ප‍්‍රයෝගිකව සෙවීමේ නිරතවිය. ඒ අනුව පෙරදිග විද්‍යාව විසින් තහවුරු පුරුෂයකු සතු විය යුතු සිරුරු ලක්‍ෂණ එකිනෙක සොයා විමසීම ඔහුගේ වෑයම විය. ඒ අනුව මෙලස මහා පුරුෂයකු විමේ පුරුෂ ලක්‍ෂණ ප‍්‍රමාණයක් දක්වයි. මේ පිළිබද කදිම විස්තරයක් මහා පුරුෂ ලක්‍ඛණ සුත‍්‍රයහි විස්තර වේ. එමෙන්ම පුරුෂයකු තුළ කුමන ආකාරයේ හෝ මහා පුරුෂ ලක්‍ෂණයක් දිස් වන අතර ඒ මගින් ඔහු පුරුෂත්වයට උරුමත්වය ලබති. මෙලස මහා පුරුෂ ලක්‍ෂණ ප‍්‍රමාණය වැඩිවීම මත යම් පුරුෂයෙකු මහා පුරුෂත්වයට සමීප වීමට හේතු වේ. ඒ අනුව ඇස, නාසය, දෑත-දෙපා වල සිට පුරුෂ සිරුරක සියළු අගපසගින් පූර්ණ පුරුෂත්වයහි අසිරිමත් පුරුෂයා ලෙස ගෞතමයාණන් වහන්සේ පහලව සිටියේය.

    ඒ සමයහි බවාරී පුරුෂ ලක්‍ෂණ විද්‍යාව හදාරා ලද දැනුමෙන් එවන් පුරුෂයෙකු සොයමින් සිටියේය. එමෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් පරිපූර්ණ බුදු සිරුර දැක ගන්න පෙර බවාරී අපූරු නිරීක්‍ෂණයක නිරතව සිටියෙකි. එනම් ඒ ඒ මහාපුරුෂ ලක්‍ෂණ සහිත පුරුෂයන් විමසා බැලීමය. ඒ අනුව මහා පුරුෂ නෙතට අදාල පුරුෂයකු සොයා ගත් ඔහු එලසම දෙතිස් ලක්‍ෂණ වලින්ම ඒ ඒ අංග ලක්‍ෂණයට අදාල සිරුරු සොයා බලා විමසා දැන ගත්තේය. මෙම විමසීමේදි පුරුෂයෙකුගේ මහා පුරුෂ අංග අතරින් මහා පුරුෂ වන පුරුෂ රහසග සොයා බැලීම අසීරූම කරුණය. එත් බවාරී ජය ගන්නේ ඔහු සතු වූ මහා පුරුෂ ලකුණ එයම වූ බැවිණි. මේ අනුව මහා පුරුෂ ලකුණු තිස් දෙකකින් තිස් එකක්ම අන් පුරුෂයන් තුළින් වෙන වෙනම සොයා ගත් බවාරී මහා පුරුෂ ලිංඝය පිළිබද පෙරදිග කාය විද්‍යා මිණුම තමන් තුලින්ම සනාථ කර ගත්තේය.

    මෙලස මහා පුරුෂත්වයහි ලක්‍ෂණ ප‍්‍රයෝගිකව අවබෝධ කරගත් බවාරී එහිදී භාරත සමාජයහි ජනකාන්ත වනුයේ එම නිසාමය. එමෙන්ම බවාරී බබලන විද්‍යා දැනුමෙන් ද මනස්කාන්ත සොදුරු දර්ශනවාද වලින් ද, පෝසත් තාර්කික යෞවනයෙකු ද විය. ඒ අනුව සමාජයහි මතුව තිබු බුද්ධත්වය නම් සංකල්පය තහවුරු කර ගන්නා පුරුෂයා මහා පුරුෂ වන බවට වු මතවාදය බවාරීගේ ඊලග සොයා බැලීම වුයේය. සක්විති රජ පදවිය දරන්නා හෝ බුද්ධත්වය දරන්නා තුල මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසක් පිහිටන බවට මතයක් විය. ඒ අනුව මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසම වෙන වෙනම පිහිටි පූරුෂ සිරුරු අධ්‍යයනය කර බවාරී ඒ සියල්ල එකට කැටිවූ සිරුර වූ කලී විශ්මයක් විය හැකි බව වටහා ගත්තේය. ඒ අනුව ඒ වැන්නෙක් ලොව ජිවමානව සිටින්නේද යන්න සොයා බැලීම බවාරිගේ ඒකනායන ජීවන පැතුම වන්නේය. මේ අනුව බවාරී මුළු මහත් භාරතයද අසල දේශ වලින්ද මේ ගැන තතු විමසා බලන්නේය.

    දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයෙකු සොයා ජීවිත පර්යේෂණයට එළඹි බවාරි සම්මත තරුණයන්ගෙන් වෙනස් වුයේය. බවාරිගේ මේ අපූරු සොයා යෑම වන විට සුගත තථාගතයාණන් වහන්සේ සම්බුද්ධ පදවි ලැබ අරුමැසි සිරිතක් සේ පැතිර යමින් පැවතිණි. ඒ අනුව බවාරී ගෞතමයාණන් වහන්සේ පිළිබද තොරතුරු දැන ගනු ලබන්නේය. ඒ සමග ඔහු මහත් පිපාසිතාව ගෞතමයන් වහන්සේ සොයා යෑමේ ගමන අරඹන්නේය. ඔහු ඒ ගමනට පියමනින එකළ තවත් විවාදයක් පැන නැගී තිබුණේය. එනම් මහා පුරුෂ ලකුණු සියල්ල එකම මිනිසෙක් තුළ පිහිටා තිබිය නොහැකි බවය. එමෙන්ම මහා පුරුෂත්වයට අදාල මහා පුරුෂ ලිංඝය පිහිටා ඇත්තා ලෙස බවාරී ලැබු මහත් ජනප‍්‍රියත්වය නිසාම ඔහු යන එන මග තොට පූරා උන්මාදයකින් ජනතාව පෙළ ගැසෙන්නට විය. අන් අතකින් මහත් තාර්කාන්විත විවාදයකු වු බවාරී ගෞතම බුදුන් වහන්සේ හමුවීමට පැමිණෙන ගමන් මගදී මග දිගට දෙසුම් පවත්වමින් පැමිණේන්නට විය. ඔහු ගම් දනව් නගර සහ විවිද විද්වත් මණ්ඩප වල ආරාධනා ලද්දේය.

    තම සිරුර මහා පුරුෂ සිරුරකට නෑකම් දක්වන්නේදැයි දැන ගැනීමට සෑම පුරුෂයකුටම පීපාසාවක් විය. එමෙන්ම බොහෝ රජ කුමරුන්ට තම පුරුෂ රහසග මැන බලා ගැනීමට බවාරීගේ සිද්ධාන්ත උවමනා විය. ඒ අතර මහත් කාමරාගී කතුන් පුරුෂයන් බවාරී ප‍්‍රාර්ථනයේ ඔත්පල වීම නිසා බවාරීට සංස්කෘත විලංගු ද වැටුනේය. ඒ ඔහුගේ අපූරු මහා පුරුෂ ලක්‍ෂණය නිසාය. මෙවන් විප්ලවීය මගකින් අවුත් එක් දිනෙක බවාරි සම්බුදු පාමුල නතර විය. පුරුෂ ලක්‍ෂණ විද්‍යාව ජිවිතය සේද දාර්ශනිකව ද තාර්කවද, ප‍්‍රයෝගිකවද, හැදෑරූ බවාරී බුදුන් වහන්සේ දුටු විටම ඒ සිරුර තෙදිස් මහා පුරුෂ ලක්‍ෂණ තුළින් සෝබමාන බව වටහා ගත්තේය. එත් සිරුරහි ලක්‍ෂණ තිස් දෙකින් තිස් එකක් නිරාවරණව පෙනෙන නමුත් පුරුෂ රහසගය නිරාවරණය වී නැත. එබැවින් ඒ පිළිබද නිශ්චිතව දැන ගත යුතු බව බවාරී සිතුවේය.

    බවාරි තමා පිළිබද මහත් අභිමානයෙන් පසුවිය. ඒ පුරාණ පුරුෂ විද්‍යාව නිවැරැදිව හැදෑරූ එකමයා වීම නිසාය. දෙවනුව පුරාණ නිමිති සාස්තර අනුව මහා පුරුෂ ලිංඝයහි හිමිකාර පුරුෂයා ලෙසද ඔහු පසු වුයේ මහත් අභිමාන පෙරටු හැගීම් වලින්ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ තිස් දෙකම පියවි ඇසින් දකින තුරු උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයා ලෙස පිළිගැනීමට බවාරී මැළි වන්නේය. ඒ අනුව මේ මහා පුරුෂයා දෙස බවාරී තනිවී බලා හිදියේය. බුදුන් සමීපයට ගිය බවාරී මෙසේ තෙපලන්නේය.


    භාග්‍යවත් ගෞතමයනි ඔබ මා විෂයහි
    විශිෂ්ඨ වන්නේ දෙතිස් මහා පුරුෂ විසිතුර විෂයහිය.
    එය සැබෑ වේද මා ඔබ වන්දනාද කරන්නෙමි........

    එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරාන්නට වන්නේය.

    පින්වත් බවාරි සම්මතය බැහැර කර ඇත්තාහු
    මා විෂයෙහි රහසක් නොමැත්තේය............

    එසේ වේනම් ගෞතමයනි ඔබ රහසග සිවුරට
    මුවා කොටගෙන ඇත්තේ මන්ද?................

    පින්වත් බවාරී සම්මතයෙන් මිදී නිදහස් වුවද
    බාහිර ලෝකය සම්මුති රාමු රටා අතරය.......

    ගෞතමයනි මා සම්මතය බැහැර කර ඇත්තෙමි...........

    එසේ වෙනම් පින්වත් නුඹ මා සැක කරනුයේ මන්ද?......

    ගෞතමයනි මා විෂයෙහි කූටාප්ප‍්‍රාප්තිය විමසනු රිසිය.
    නෙතින් දුට පසක් කරගත යුතුමය.......

    මෙලස ගෞතම බුදුන් වහන්සේගේ ලොව කිසිවෙකු නොකළ ඉල්ලීමක් බවාරී ඉල්ලා සිටියේය. ඒ මහත් දාර්ශණික පිපාසවකිනි. ඒ අනුව බුදු සිරුරහි අසිරිමත් මහා පුරුෂ ලිංඝය තමා වෙත පෙන්වන ලෙස බවාරි ඉල්ලා සිටියේය. එකල්හි ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ යළිත් බවාරී අමතන්නේය.

    පින්වත් බවාරි තථාගතයාණන් සකල රහස් දුරු
    කර ඇත්තේය. රහස් ශූන්‍ය වූ තැන බුද්ධත්වයය....

    එලස වදාරමින් ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ තම මුළු මහත් බුදු සිරුරම බවාරීට නිරාවරණය කර දිස් වන්නට සැලැස්වීය. බවාරී තෙමේ තම සැකය දුරු කර ගෙන ගෞතම පාද මුලයේ වැද වැටි ගෝතම ශ‍්‍රාවකයෙක් වුයේය.

    බවාරිගේ මෙම අමුතු ඉල්ලීම නොවන්නට තෙදිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබද විස්තරය සහමුලින්ම යටපත් වන්නට තිබුණි. කෙසේ නමුත් ඉන්පසු බුදු දහමේ මහත් විවාදය වන්නේ මෙම බවාරී ගැටුමය. බවාරී බුදු සිරිතහි පුරුෂ රහසග දුටුවද ඉන්පසු කිසිවෙක් මේ දසුන ජිවමානව දුටුවේ නැත. ඒ අනුව ආන්නද මහ රහතන් වහන්සේ විසින් මේ පුවත ප‍්‍රථම සංගායනා මොහතේ වාර්තා කරන්නේ උන්වහන්සේ විෂයෙහි පැන නැගුණ චෝදනා නිසාය.

    ඉන්පසු බුදු දහම මහායාන සහ ථෙරවාද ලෙස මතවාද දෙකකට බෙදී යන්නේය. ඒ සදහා ප‍්‍රකට නොවුන සත්‍ය හේතුවක් වන්නේද බවාරීය. මහා පුරුෂ ලක්‍ෂණ තිස් දෙක වෙන වෙනම විවරණය කර පහදා ගැනීමට පසු කාලිනව උවමනා වන්නේය. ඒ අනුව ගෝතම ශාසන පුත‍්‍රයාණන් වහන්සේලා මුහුණ පෑ ගැටළුවක් වුයේය. එනම් අසිරිමත් බුදු සිරුරහි මහා පුරුෂ ලක්‍ෂණ වලින් සුසැදී බව හා ඒ ලක්‍ෂණ කවරේදැයි විස්තර කිරීමටය. අන් සියළු මහා පුරුෂ ලක්‍ෂණ විස්තර කළ හැකි වුවද මහා පුරුෂ ලිංඝය පිලිබද විස්තර කිරීමට ශිෂ්‍ය පුත‍්‍රයාණන් වහන්සේලා අපෝසත් වන්නේය. ප‍්‍රථම ධර්ම සංගයානාව වන විට බුදු සිරුරහි මෙම ලකුණ සජීව දැක තිබු බවාරී නික්ම ගොස් තිබුණි. ඊලග විමසා බැලීමට ඉඩ තිබූ මව වූ මහා ප‍්‍රජාපති තෙරණියද බුදුන් වහන්සේ ගිහි කළ බිරිද වූ යසෝදරා තෙරණිය ද නික්ම ගොස් තිබුණි. එබැවින් ගෝතම ශ‍්‍රාවක මහා සගුන් වහන්සේලාට ශේෂ වුයේ මහත් ප‍්‍රශ්ණයකි.

    මෙම ප‍්‍රශ්ණය පසුව විවාදයක් වූ අතර විවාදය විභේදනයක් වන්නේය. ඒ අනුව මෙම බෙදීම බුදු දහම මහායාන - ථෙරවාද ලෙස බෙදී යාමට ද තුඩු දෙන්නේය. ඒ ගෝතම බුදු සිරුරහි මහා පුරුෂ ලිංඝය යන්නට ථෙරවාදීන් එක් විස්තරයක් ද මහායානිකයන් තවත් විස්තරයක්ද සැපයිමෙනි. එත් දැන් අප හමුවේ ඇත්තේ ථෙර-මහායාන අන් සංකල්පද මෙලස අර්ථ වලින් දෙයාකාර බවය. ඒ අනුව නිවන, බුදුබව රහත් බවද, සාක්ෂාත් කර නොගෙන විවාදිත මතයන් සනාථ කර ගත නොහැක. ඒත් බුදු සිරුරහි මහා පුරුෂ නිමිත්ත පිළිබද මෙ දෙපිරිසිගේම මතය සාක්ෂාත් කර ගත නොහැකිය. මන්ද නිවන සාක්‍ෂාත් කළ හැකි වුවද බුදු සිරුරක මහා පුරුෂ නිමිත්ත ජිවමාන දැක බලා ගත හැක්කේ එක් භද්‍ර කල්පයකදී එක් පුරුෂයකුට පමණක් වීමය.

    මේ භද්‍ර කල්පයේ ඒ වරම හිමි වුයේ බවාරීටය. ඒ බවාරී ශාස්ත‍්‍ර ශික්‍ෂිත පුදුම යෞවන විද්වතෙකි. මන්ද තමන් දුටු දෙයින්ම ඔහු නිවී සැනහි ගියා මිසක දුටු තතු ලියා තබා කියා නොමැති බැවිණි. බවාරී මෙවන් ශීක්‍ෂණ තරුණ ප‍්‍රඥාවන්තයෙකු බව දුටු බැවින් ගෞතමයාණන් වහන්සේ තම විතරාගී පුරුෂ නිමිත්ත ඔහුට පෙන්වන්නට ඇත. මෙයින් පසක් වන්නේ අසම සම ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේගේ ඉමක් කොනක් නැති මහා අරහං ගුණයය. එත් බවාරි කථා පවත සගවා තබාගෙන ඇත්තේ මන්ද යන්න විමතියකි. මේ පවත ථෙරවාද පිටකයේ ද මහායාන පිටකයේ ද ලියා තැබු බුදු සිරිතහි මකා නොදැමු අපූරු කථාවතය.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    *අමතර කරුණක්

    සාමාන්‍යයෙන් පිරිම ළමයෙක් ඉපදුණාම එයාලගෙ වෘෂණ දෙක තියෙන්නෙ ඇඟ ඇතුලෙලු..
    පස්සෙ තමාලු පහලට බැහැල වෘෂණ කෝෂෙට යන්නෙ.. :P

    එහෙම යද්දි යටිබඩ හරියේ ඒ සම්බන්ධක පටක දුර්වලයි නම් දිගටම එහෙම යනවලු. එතකොටලු හර්නියා තත්වයන් ඇති වන්නේ. බර ඉසිලීම් වගේ ඒවගෙදී ඒකයි විශේෂයෙන් යටි බඩ ප්‍රදේශ‍යට අතිරේක තෙරපුමක් ලබා දෙන ලෙස පටියක් වගේ දෙයක් පලඳින්නේ ලු. :oo::rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බවාරී

    බවාරී ඉතිහාසයට එක් වන්නේ සුගත තථාගත සිරිත සමග බැදී ඇති අපූරු චරිතයක් ලෙසය. පුරුෂයකුගේ ...........

    .......ය. එත් බවාරි කථා පවත සගවා තබාගෙන ඇත්තේ මන්ද යන්න විමතියකි. මේ පවත ථෙරවාද පිටකයේ ද මහායාන පිටකයේ ද ලියා තැබු බුදු සිරිතහි මකා නොදැමු අපූරු කථාවතය.

    Adai me wisthare denagatte. Rep denna ba lu. :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මචන්... උඹට ඕක විතරයිනේද තේරුනේ නැත්තෙ, අනිත් 31 අවුලක් නැහැ නේද...?

    :lol::lol:
    බබා පාට් එක දාගෙන බැටළු හමෙන් පොරව ගත්තු වෘකයො තව හොඳයි
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර
    me kiyanne meka budu sirure naha kiyala. mokakda thiyena prashne ?