සුන්දර ළඳක් නැත තවමත් ලැබීලා
සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා
මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා
බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා
සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා
මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා
බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා
වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක්සුන්දර ළඳක් නැත තවමත් ලැබීලා
සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා
මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා
බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා


වලහෙක් හැඬුවාට නොමැත එන්නේ කුමාරියක්
සපුරා ගත යුතුය හැකියාවන් ගොඩාරියක්![]()



කියෝන ලෙසට මා සම කලු වළසෙක්ට
ෆියෝන කුමරිය ලැබුනෙත් හැඩිදැඩි shrekට![]()
එය හරි මචො මන් එකට එකගයි නේ..
හිත පිරිසිදු කෙනාටයි ආදරේ හිමිවෙන්නේ....

හිත පිරිසිදු එකා හට ආදරෙ හිමිවේ නම්
ඇයි මස්සිනේ මාහට එය නැතිවූයේ..?![]()





හිත පිරිසිදු උනන් ඔබේ වැඩනම් කැතම කැතයි
එකයි සමා ඔබ හට එය අහිමි උනේ.....![]()



අනේ යකෝ ඕවා ඔහොම කියනවද..?
කට්ටිය ඉන්නවා උබ එය නුදුටුවද..??![]()



කට්ටිය ඉන්නවා කිව්වට කට්ටිය නෑනේ..
ඉන්නා කෙනෙක් ඇත්තම් ඇයි කවි නොලියන්නේ......![]()

ඒ බව නම් මටත් මචන් දැන් වැටහෙන්නේ
මාරුවෙමුද අපි දෙන්නත් නොකරම සද්දේ..?![]()




මාරු වෙමුකෝ මට නම් දැන් බඩත්ගිනී....
කාලා ඇවිත් හවස් වරුවේ සෙට් වෙමුකෝ........![]()


ටික කලකින් මේ පැත්තේ ආවෙ නැහැ
එනකොට මෙහි ඉන්නා අය (ව) දන්නේ නැහැ

දන්නේ නැත්නම් ආස්‍රය කර අඳුර ගනින්
කාලෙකින් ආපු හින්දා දවසම කවි කියපන්
![]()


හිත පිරිසිදු එකා හට ආදරෙ හිමිවේ නම්
ඇයි මස්සිනේ මාහට එය නැතිවූයේ..?![]()

යන්න හදන කොටමයි තෝ රින්ගූවේ
කොහෙ යන්නද දැන් මම මෙතනම ඉන්නේ![]()

මොකද උඹට වූයේ මේ දවස් ටිකේ
උඹ නැති දුකෙන් ශම්මිත් හිටියෙ දුකේ
![]()






හිත පිරිසිදු විතරක් මදි ආදරෙ ට
ඉන්දලා හිටල වත් නාපන් හොඳට
![]()



අනේ යකෝ හිටපන් උබ කට වහන
නානව මං මාසයකට තුන් පාර![]()

සුන්දර ළඳක් නැත තවමත් ලැබීලා
සොයනෙමි දිවා රෑ මුලු ලොව සිසාරා
මෙහි මෙනෙවියක් සිටිනවනම් සිතාලා
බහ දෙනු මැනවි මගෙ දුක් ගිනි නිවාලා
