දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි කියන්න දැන් නම් මට බැරි පාටයි
    ඇස් දෙක ලග නිදිමත කැරකෙන ගානයි
    ඔබලා දෙපලටම මේ රැය සුබ වේවායි
    පතලා නිදියන්න මං මේ දැන් යනවයි
    පතනෙමි ඔබට වේවා මල් මල් සිහින
    ආයෙත් එන්න නංගියෙ හෙට උදෑසන


    දත් විතරක් නෙවේ කොන්ඩෙත් සුදුය
    මහ රෑ ඇවිත් උඹ බය කරනට හිතය

    කට්ටඩියෙක් සොයා හොඳ නූලක් මතුර ගනින්
    මල්ලක් නෙවේ හොඳ බිල්ලක් ලෑස්ති කර ගනින්

    :D

    ඒවට ඉතිං බයවෙන බබ්බුත් ඇතිය
    මේ වගෙ කතා කියනා යක්කුත් ගතිය

    :yes::D:D:P

    ________________________________________

    ඒවා රෙඩියි ආවම තොට බදින්නම්
    බයවී වගේ කියනවනම් ඉදින්නම්
    :yes::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ථාකුරයා නිශා ඇතුලු එල කිරි හැමටම
    සුභ රාත්‍රියක් මම යනවා ඇඳ වෙතටම

    යකුනේ බොටත් පතනෙමි සුභ වෙන්න රැය
    සිහිනෙන් දැකල මගෙ රුව නොම වෙන්න බය

    :yes::D:D:D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වළං බිඳින පාටයි මෙහි පාලු ගේක
    වාඩුව ගනිම් පස්සේ යළි ආව දාක
    :D

    වලං බින්දෙ අක්කද මේ රෑ ජාමේ
    සද්දෙ නැතුව රකිමුද රැකගත් සාමේ

    :yes::D:D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුද බොලවු මේ ඒරියල් එකෙ අයියා
    ගහනවා උස්සලා පොළොවේ කිරි ටොයියා
    :rolleyes:

    උස්සල පොළොවෙ ගහනට හදනා මේ කබ්බා
    කට වහගෙන ඉඳින් උඩ ඉගිළෙන ගල් ඉබ්බා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවුද බොලවු මේ ඒරියල් එකෙ අයියා
    ගහනවා උස්සලා පොළොවේ කිරි ටොයියා
    :rolleyes:

    ටොයියා නෙමෙයි උඹමයි ගල් හම්බෑවා
    ඔයිට වඩා අයියල මෙහි දනගෑවා

    :yes::D:D:P:P
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop

    ටීනා ඊයෙ වැස්සට තෙමුනා නේද
    ඒකට ඉතින් දැන් විදවනවා නේද

    :):P


    වැස්සට තෙමි විදවන්නට
    නැත කිසි අහිතක්....


    mata lassanata liyanna baa :dull:
    sorry..:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    වැස්සට තෙමි විදවන්නට
    නැත කිසි අහිතක්....


    mata lassanata liyanna baa :dull:
    sorry..:D

    ලස්සන තියෙන්නේ පද වැල් වලම නොවේ
    සැබෑ ලස්සන හිත් වලයි ඇත්තේ ලොවේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    වැස්සට තෙමි විදවන්නට
    නැත කිසි අහිතක්....


    mata lassanata liyanna baa :dull:
    sorry..:D

    වැස්සට තෙමී අසනීපව සිටියාට
    ඉක්මන් සුවය පතනෙමි අපෙ ටීනාට

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අය්යල හොයගෙන මෙහි ආ හැකරැල්ලා
    කොහෙ මක බෑ වුනාදෝ මේ ගැඩවිල්ලා

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    වැස්සට තෙමී අසනීපව සිටියාට
    ඉක්මන් සුවය පතනෙමි අපෙ ටීනාට

    :yes::D:D

    ටීනගෙ ලෙඩ හොයන්නේ උඹ දොස්තරද
    මගෙ බඩෙ අමාරුවෙ විස්තරෙත් කියන්නද

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අය්යල හොයගෙන මෙහි ආ හැකරැල්ලා
    කොහෙ මක බෑ වුනාදෝ මේ ගැඩවිල්ලා

    :D

    ඒක තමයි යකා මල්ලි මම බැලුවේ
    උඹට බයවුනා දැයි කියලයි හිතුවේ

    :yes::D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටීනගෙ ලෙඩ හොයන්නේ උඹ දොස්තරද
    මගෙ බඩෙ අමාරුවෙ විස්තරෙත් කියන්නද

    :D

    ටීනගේ ලෙඩේ ඇයමයි පැවසුවෙ මෙතන
    තොපගේ බඩට ගල් කාලක් ඇති එතන

    :D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉඳලා ඉඳලා චන්ඩියො මෙහි නැති හින්දා
    එලියට ගියා මට කම්මැලි වැඩි හින්දා

    කෝ දැන් වරෙව් එලියට මහ ලොකු චන්ඩි
    වෙල් එලියේ දඟලන පොඩි පොඩි දණ්ඩි


    කිතුල් ගහේ නැග්ගම වල් ගැලෙව්වලු
    ‍චන්ඩි ලෝකෙ මුල්ගල් මූ හෙලෙව්වලූ

    :D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉඳලා ඉඳලා චන්ඩියො මෙහි නැති හින්දා
    එලියට ගියා මට කම්මැලි වැඩි හින්දා

    කෝ දැන් වරෙව් එලියට මහ ලොකු චන්ඩි
    වෙල් එලියේ දඟලන පොඩි පොඩි දණ්ඩි


    ඔන්න ආව මම උඹගේ ඉදිරියට
    කඹේ කඩා ගත් උඹව දක්කන්ට

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    කිතුල් ගහේ කවදද වල් ගස් තිබුණේ
    ක්‍රිකට් ගහන්නනේ මම ඒ ගස් නැග්ගේ:D

    දෙන්නෙක් නෙවෙයි හැට දෙන්නෙක් මෙහි ආවත්
    කවීර් නෙවෙයි පස්සට ගියෙ කවදාවත්


    පස්සට නෙවෙයි යායුත්තේ ඉදිරියට
    පස්ස නොබල දුවපන් ආදරෙ නම් පනට

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කී දෙනයිද මෙහි කවි ගැටගහන්නේ
    අපි විතරද අද මෙහි උඩ පනින්නේ:baffled:

    කමක් නැහැ මචන් කට්ටිය නැති උනට
    අපි කවි කියමු අපගේ ආතල් එකට

    :D