දෙමලගෙ සද්දේ .............
සම්බන්ධන් සමග ටීඑන්ඒ පිරිස්
කිලිනොච්චි හමුදා කඳවුරකට පැනලා
හමුදා ආඥාපති පොලිසියට පැමිණිලි කරයි
චමින්ද සිල්වා, හේමන්ත රන්දුනු
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළත් පිරිසක්ද සමග කිළිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්, එම පක්ෂයේ මන්ත්‍රී ශ්‍රීධරන්, සුමන්දිරන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සිවිල් වැසියන් පිරිසක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ නිවසේ පසුගිය 16 වැනිදා රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව යාපනයට යන මුවාවෙන් ගොස් කිළිනොච්චිය පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ මාර්ග බාධක ඉවත්කර අතිශය බලහත්කාර ලෙස එයට ඇතුළු වී ඇත.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය භාර ආඥපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති µ්‍රeන්ක්ලින් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිලි කර ඇත.
ශ්‍රීධරන් මහතාගේ නිවසේ රැස්වීම පවත්වා වාහන හත අටකින් පමණ ගිය පිරිස සවස 3.00 ට පමණ රෙජිමේන්තු මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කරද්දී එය වැළැක්වීමට හමුදා නිලධාරීන් උත්සාහ කළද එම බාධක ඉවත්කර කඳවුරට ඇතුළුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.
බලහත්කාරයෙන් ඇතුළු වූ මේ පිරිස දෙමළ ජනතාවට අයත් භූමිය තුළ බලඇණි පවත්වාගෙන යන බවත් එය නිරීක්ෂණය කිරීමට පැමිණි බවත් පවසා ඇත. ඔවුන් පැය කිහිපයක් භූමිය නිරීක්ෂණය කරමින් එහි රැඳී සිටින විට අනවසරයෙන් කඳවුරට ඇතුළු වී ඇති බවත් ඉන් ඉවත්වන ලෙසත් හමුදාව විසින් කරන ලද ඉල්ලීමෙන් පසු එම පිරිස ඉවත්ව ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
ගජබා රෙජිමේන්තු මූලස්ථාන භූමිය එල්. ටී. ටී. ඊ. සමයේ ඔවුන්ගේ බැංකු මූලස්ථානය ඇතුළු වැදගත් ස්ථානයක්ව පැවැත ඇතැයි අනාවරණය කරගෙන ඇත.
http://www.divaina.com/2016/04/25/news01.html