දෙමලුන්ගේ ලිංගික අසහනය
කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බවත්, ඔහු එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝ ගත කර ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් කෙනෙකු ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි තිබූ බිය නිසාම පොලිස්ථානයට පැමිණ සිට ඇත. නමුත් මොහුගේ නිවස ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාර එල්ලකර ගිනි තබා විනාශ කර තිබේ. මෙම සැකකරුවන් අටදෙනාම සිසුවිය කෙලෙසා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති මෙම පාසල් සිසුවිය ඉකුත් 13 දා පාසල් යන අතරතුර පෙරවරු 7.10 ට පමණ සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
පසුව එම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ අමානුෂික ලෙස අත් පා ගැට ගසා ඇය ඝාතනය කර සිටියදී පොලිසිය විසින් 14 දින මළ සිරුර සොයා ගත්හ.
ඇයගේ මුඛයට රෙදි කඩක් ඔබා හුස්ම සිරකර ඝාතනය කර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මේ ඝාතනය අභිරහසක්ව තිබියදී කයිට්ස් පොලිසියේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මුලින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ඊයේ (18) අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක් වූ සිසුවියගේ ඥාතීන් වන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුද සැකකරුවන් අතර සිටි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18) කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීමට උත්සාහ කර තිඛෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල සිදුව ඇත. පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් ආරම්භ කැර තිබේ.
පිරිස අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
