දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ ව
ජාතික ගීය දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ විපක්ෂයේ වාසු
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීම සුභ පෙරනිමිත්තක් සේ සළකන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එම කාරණයේදි ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් කුමන මතයක පිහිටා කටයුතු කළද තමන් මෙම කි‍්‍රයාව හදවතින් අනුමත කර බව වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා කියා සිටියි.
68 වන ජාතික නිදහස් දින උළෙල නිමා කෙරුණේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුවය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පල කළේය.
හතළිස් අටේදී බැරිවුණු දේ ...
මේ සම්බන්ධයෙන් 'බිබිසි සංදේශය' සමග පැවති සාකච්ජාවකදී සමාජ විශ්ලේෂක වික්ටර් අයිවන් මහතා කියා සිටියේ, ජාතික ගීය මීට පෙරද රාජ්‍ය උත්සව වලදී දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවයි.
‘සිරිමා බණ්ඩාරනායක කිසියම් වැදගත් රාජ්‍ය උත්සවයකට සහභාගී වීමට යාපනේට ගිය අවස්ථාවක එයාගේ අනුදැනුම ඇතිව ජාතික ගීය ගැයුවේ දෙමළ භාෂාවෙන්. වැදගත් දේ තමයි අපි අතර තියෙන එකමුතුව. මේක ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. හතළිස් අටේ අපිට ගොඩ නගා ගන්නට බැරි වුණු ජාතිය අපි දැන්වත් ගොඩ නගා ගත යුතුව තියෙනවා.’ රාවය උපදේශක කාර්තෘ වික්ටර් අයිවන් මහතා පැවසිය.
භාෂා සිය ගණනක් සහිත ඉන්දියාවට ජාතික ගීය එක් බසකින් ගායනා කළ හැකි නම් ශ්‍රී ලංකාවේ ජාතික ගීයට භාෂා දෙකක් කුමටදැ’යි කෙනෙකුට තර්ක කළ හැකි බව මෙහිදී බීබීසීය පෙන්වා දුන්ණේය.
‘භාෂා ගොඩක් තියෙන තැනක ප්‍රශ්න ඇතිවන ස්වරූපය වෙනස්. අපට තියෙන්නේ ප්‍රධාන භාෂා දෙකයි. හතළිස් අටේදී මේ ගැන හිතුව නම් අපි දෙගොල්ලන්ටම එකට ගයන්න පුළුවන් ජාතික ගීයක් හදා ගන්න තිබුන. අපි ඒ කාලේ ඒ ගැන කල්පනා කලේ නැහැ.’ ඔහු පිළිතුරු දුන්ණේය.
ජාතිය ගොඩනැගීම :
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ ලේ වැගිරීම්වලට හේතුව වර්ගය, ආගම, කුලය පසෙක ලා ජාතිය ගොඩනැගීමට පාලකයා අසමත් වීම බව වික්ටර් අයිවන් මහතා පවසයි.
ඉන්දියානු නායකයන් සිය නිදහස් අරගලය තුළ ජාතිය ගොඩනැගීම දූරදර්ශී ලෙස ඉටු කළ නමුත් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් තම වර්ගයට, කුලයට හෝ ආගමට මුල් තැන දෙමින් කටයුතු කිරීම සියලු ප්‍රශ්නවලට මුල බව ඔහු අවධාරණය කළේය.
‘ඉන්දියානු නායකයින්ට හොඳ ඉදිරි දැක්මක් තිබුණ. ඔවුන් දැක්ක මේ ජාතික රාජ්‍යය ඉදිරියට ගෙන යාමට නම් සම ජාතියක් ගොඩ නැගිය යුතුයි කියල.’ ඔහු පැවසිය.
‘සම ජාතියක් ගොඩ නැගීමට නම් කුල වාදය නැති කළ යුතු බවත් ආගම් අතර සංහිඳියාව ඇති කළ යුතු බවත් ඉන්දීය නායකයන් තේරුම් ගත්ත.’
‘අවාසනාවකට අපේ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් බොහොම සරල විදියට කල්පනා කළේ. එනිසා නිදහසින් වසර තිහකට පස්සේ ලේ වැගිරෙන්න පටන් ගත්තා. ඒ සඳහා බලපෑවේ ආගම, වර්ගය සහ කුලය. තවමත් අපි ඒක තේරුම් අරගෙන නැහැ.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා වැඩිදුරටත් පැවසීය.
හෙළ උරුමය
ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයේදී ජාතික ගීය ජාතික ගීය දෙමළෙන් ගයන්න එපා යයි ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබිණ.
- http://www.sinhala.srilankamirror.com/news/item/11311-singing-national-anthem-in-tamil-good-omen
ජාතික ගීය දෙමළෙන් ගැයීමේ වරදක් නෑ: බෙල්ලන්විල නාහිමි
ශ්‍රී ලංකා ජාතික ගීය නිසි තනුවට අනුකූලව දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිදු වරදක් නොදකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පවසති.
නායක හිමියන් ඒ බව කියා සිටියේ, නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාලව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලද පහළොස් වැදෑරුම් ඉල්ලීම් මාලාව පිළිබඳව බීබීසී සංදේශය වෙත අදහස් දක්වමින්.
"ජාතික ගීය කියන්නේ එකයිනේ? ඒක වෙනස් කරන්නේ නෑ. නමුත් ඒ තනුවම දෙමළ ජාතිකයන්ට තමන්ගේ භාෂාවෙන් කියන්න අවසර දුන්නයි කියල බරපතල ලෙස විරුද්ධ වෙන්න දෙයක් නෑ," එහිමියෝ සඳහන් කළහ.
- http://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160111_sp_buddhism_bellanwila_thero

Last edited: