දෙමව්පියන් කන දරුවො
අපේ ගෙට පහල ගෙදර චරිත් පරිගනකයක් ඉල්ලා තම මවට මාස ගනනක සිට අපමන කරදර කරමින් සිටි බව මම දැන සිටියා. මුදල් අගහිගකම්- රටේ ලෝකෙ තත්වය-ඥාති අසල්වාසීන්ට ගරුකිරීම ගැන සතයකට වත් මායිම් නොකරන චරිත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ තම මව බයගන්වා හෝ ලබා ගැනීම සිරිතක්. ඔහුගේ මව කොන්ක්‍රීට් වැඩපලක ඒ වයසේ ගැහැනියකට දරා ගත නොහැකි ඉතා දුෂ්කර රැකියාවක් කරන අතර සවස් කාලයේ අසල නිවසක බැලමෙහෙවරත් කරන්නේ තම 16 හැවිරිදි පුතාගේ ලෝකය ගොඩනගන්නයි.ඇය හැම වෙලාවෙම කියන්නේ අප්පා නැති අහිංසකයට කලහැකි උපරිමයෙන් සලකන බවයි.මේ ආදරය තුරුම්පුවට ගන්න චරිත් තම වයසේ පාප මිත්‍රයන්ගේ බස් අනුව ගෙදර හැසිරෙන්නේ මදාවියෙක් වගෙයි.
කෙසේ හෝ මවගේ කරාබු ජෝඩුවත් උකස් කර තව හත් අට තැනකට ණය වී ඊයේ පරිගනකයක් ගෙනාව.දන්නවද ගනන ? 84.000ක්.(COR2DUO E 6700-320GB HDD-19 LCD MONITOR-2GB RAM-NVIDIA GF7900-DVD WRITER-)සංගීත- ගේම් විනෝදාස්වාද උපාංග කීපයක්ද මෙයට ඇතුලත්.
සාමාන්‍ය පරිගනක දැනුමවත් නැති දරුවෙකුට මොකටද මේ තරම් ලොකු පරිගනකයක්.දුක නොදී දරුවන්ට ඔහේ හැදෙන්න දෙන එකේ වරදක්ද?තම අසරන දෙමව්පියන්ට මේ වගේ දරාගන්න බැරි බර පටවන්නේ ඇයිද කියා හිතා බැලිය යුතුයි.අවශ්‍යතාවයට වැඩි යමක් ගන්න එක තමන් හරි හම්බකරන කාලෙකවත් නොකල යුතු අපරාධයක් කියලයි මට හිතෙන්නේ. ඔබත් කවදා හෝ දෙමාපියන්ට මේ වගේ බරපටවලා තියනවද?