දෙමව්පියන් නිසා මානසිකව අපහරණය (abuse) උන ළමයි

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    දෙමව්පියන් නිසා මානසිකව අපහරණය (abuse) උන ළමයි ගැන අදහස් බෙදාගන්න හිතුනා..

    ගෙදර අම්මා හෝ තාත්තා මානසික අවුලක් නිසා හෝ එසේ නොමැතිව ගෙදර රණ්ඩු කරනව නම්.. ළමයට පොඩිකාලේ ඉඳන්ම සමාජයට යන්න ලැජ්ජයි..
    අඩු තරමින් ගෙදරින් එලියට යන්න ලැජ්ජයි (රන්ඩු වටේ ගෙවල්වලට ඇහෙන නිසා).

    එලියට යද්දී මම බිම බලාගෙන යන්නෙ, වයස කොච්චර ගියත් අදටත් මට ඒ පුරුද්ද තියෙනවා.. (පෞර්ෂත්වය පිරිහිලා..)

    අපේ දෙමව්පියෝ අසීමිතව පන්සල් අස්සේ රිංගපු අය (බොරු සිල්වත් බව).
    දැන් වයස 75-80 වෙලා TV එකේ යන බාල බොළඳ ඒවා සද්දෙ අඩුකරගෙන හොරෙන් බලනවා (ඇරියස් කවර කරනවා).

    අන්තිමේ ළමයාගෙ ඔලුවත් විනාසයි.. දෙමව්පියොත් ඇරියස් පිටින් ජීවත් වෙනවා..

    අනික් එක තමයි ළමයා කසාද බැන්දත් අසීමිතව ඇඟිලි ගහල, හොයල බලල ජීවිතේ සතුට නැති කරනවා, ඒකෙනුත් ඒ අය සතුටක් ලබන බව පේනවා.
    හරියට නිකන් තමන්ට විඳින්න බැරිවුණ ජීවිතේ ළමයටත් නැතිකරන පහත් ආශාවන් ඒ අයට ඇතිවෙනවා.

    මේ වගේ මානසික හිංසන ගැන උඹලට මොකද හිතෙන්නෙ?
    (මෙහෙම නැති ගෙවල්වල අයට මේක තේරෙන එකක් නැහැ)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,392
    113
    මැදමහනුවර
    එකිනෙකාට පෙන්නන්න බැරි සත්තු දෙන්නෙක් එකට හදනවා වගේ කියනවනෙ බැඳලා එක ගෙදර ජිවත්වෙන එක. Compromising නැතිවුනාම පීඩනයට ලක්වෙන්නෙ ළමයි. ඉතින් උන් ලොකුවුනාම සෑහෙන Intimidated වෙනවා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    පහුගිය දේ දැන් හදන්න බෑ
    ලමය ගැන හිතල වෙන තැනකට යන්න
    එතන ඉදන් දෙමව්පියො ගැන හොයල බලන්න
    වෙන තැනකට යන්ඩ උඹ සල්ලි දෙනවද? කන්ඩ බොන්ඩ දීපු දෙන්නට මොනව වුනත් එහෙම කරන්ඩ බැ ළමයෙක්ට. දෙමාපියන්ට හදිසියක් උනොත් මොනා කරන්ඩද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    matath ohoma thamai. anthimata social anxiety walata beheth ganna una. ekath magadi nawathuna. dannam awulk nh. dan hithinma hithalama ehema baya dewal hadagannawa. demawpiyanta kiwwanata therenne nh. ekata mokak hari ekak kiyanna thamai danne. ewa hadanna bh. api hademu. ape lamainta ehema nowenna wagabalagamu.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ජෙනරේෂන් ගැප් එක තදින්ම බලපානවා. ගොඩක් පෞර්ෂය අඩු හීනමානය තියෙන කෙනෙක්ගෙන් අහලා බලන්න, අනිවා පොඩි කාලේ නිතරම අම්මා තාත්තා රණ්ඩු වෙනවා දැකපු අය.
    මම දන්න එකෙක් උගේ මහ ගෙදරින් ගියා සීයා ආච්චි රණ්ඩු වෙන එක ළමයින්ට තදින්ම බලපානවා කියලා.
    රණ්ඩු වෙන කුණුහර්ප කියාගන්න පැතිවල ළමයි පොඩි කාලේ ඉදන්ම අන්කූර්ල වෙනවා.
    ළමා මනසට දේවල් තදින්ම බලපානවා සහ ඒවා කියන්න ඒ අයට කවුරුත් නැති උනාම සෑහෙන්න අසරණ වෙනවා.
    දෙමව්පියන්ට අනිවා බලන්න ඕනේ ඒත් තමුන්ගේ පවුල ගෙනියගන්න බැරි නම් ළඟ පාතින් කුළියට හරි ගෙයක් අරන් යන්න වෙනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Randu wena ekama neme bro
    samahra ammala thaththala innwa lamayiwa onewata wada podi kale idan control karana,

    lamayinuth ithin ewata udin yanne nathuwa hitiyoth e lamayawa badina manussayata aba saranayi

    ,age loku nangita wela thiyenneth ehema deyak,
    manussaya hama dema karanne ammalagen ahala balala.
    thaniyen hithala theerana ganna baha, gaththoth ammala tharaha wela uwa kon karnwa e bayata uth wadagena innwa,

    bandama ehema thamange lamaya wunath onwata wada control karanna e denage life ekata intrude wenna yanna hoda naha,
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa ADHD කීවට මූටත් ඕක.
    අපිත් පොඩි කාලෙ සෑහෙන්න දුක් විදල තියෙනව
    ඒ කාලෙ කොහොම පහු කරං ආවද කියල හිතෙනව දැං

    අපේ අම්ම එයාගෙ තාත්ත නිසාත් දුක් විදල තියෙනව, ඊට පස්සෙ අපේ තාත්ත නිසා දුක් වින්ද
    අපි ලොකු වුණාට පස්සෙ තමා තත්වෙ වෙනස් වුණේ, ඒක අම්මටත් ලොකු සැනසීමක් වුණා..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපිත් පොඩි කාලෙ සෑහෙන්න දුක් විදල තියෙනව
    ඒ කාලෙ කොහොම පහු කරං ආවද කියල හිතෙනව දැං

    අපේ අම්ම එයාගෙ තාත්ත නිසාත් දුක් විදල තියෙනව, ඊට පස්සෙ අපේ තාත්ත නිසා දුක් වින්ද
    අපි ලොකු වුණාට පස්සෙ තමා තත්වෙ වෙනස් වුණේ, ඒක අම්මටත් ලොකු සැනසීමක් වුණා..
    උබ හම්බෙන්න ඉද්දි අම්මට ඩිප්රෙෂන් තියෙන්න ඇති මං හිතන්නෙ. ඒකයි උබට ඕම වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: AnuradhaRa