දෙමව්පියන් රැකබලා ගමු
එක අවස්ථාවකදී ඔයාගේ හැමදේම පිළිවෙලට කරන අම්මට, ගෙදරට ආපු ලියුම් කියුම් තිබ්බ තැන මතක නැති වෙනකොට, ගෙදර හැම වැඩේම හොයලා බලලා කරන තාත්තට කාර් එකේ දාගෙන ආපු බඩු මලු ටික ගෙදෙරට ගෙන්න උස්ස ගන්න බැරි වෙනකොට, ඔයා ගේ හිතේ තිගැස්මක් එන්න ඕනේ මේ තමන් කවදාවත් වයසට යන්නේ නැහැ කියලා හිතපු අම්මලා තාත්තලා නේද මේ වයසට යාම නිසා දුර්වල වෙලා ඉන්නේ කියලා.
එතන ගැටළුවක් නැහැ. අපි දන්නවා ඔයා ඔයාගේ දෙමාපියන්ට හොඳට සලකන කෙනෙක් කියලා. ඒ වුනත් අපි කොයි තරම් හොඳින් එයාලට සලකන්නට හැදුවත් එයාලා පිළිගන්නට කැමති නැහැ සමහර වෙලාවට, එයාලා දුර්වලයි කියලා. ඉතින් මෙහෙම වුනාම අපි කොයි තරම් පරිත්‍යාගශීලි මනසකින් උදව් කරන්නට හැදුවත් ඒ අය, සලකන්නේ ඒක එයාලට කරපු නිග්‍රහයක් විදිහට වෙන්න පුළුවන්.
මොනම වෙලාවකවත් අමතක කරන්න එපා, ඒ ඔයාලගේ දෙමාපියන්, සහ ඒ දෙදෙනාම දැන් පසුකරමින් සිටින්නේ මැදිවිය, තමන්ට එදිනෙදා වැඩ කරන්නට නොහැකි වීම නිසා ගැටළු සහගත වෙන තැන් හේතුවෙන් එයාලගේ හිතට තරහා එන එක ස්වාභාවිකයි.
1. කොතරම් වයස ගියත් ඔයා එයාලගේ පොඩි දරුවා
අපි දන්නවා අපිට දැන් දශක කිහිපයක් වයස බව, ඒ වුනාට එහෙම වුනා කියලා අපියි අපේ දෙමාපියනුයි අතර වෙන වයස පරතරය අඩු වෙන්නේ නැහැනේ. ඔවුන් ඒ නිසා සමහර වෙලාවට ඔයාට සලකන්නේ තවමත් පොඩි දරුවෙකුට වගේ වෙන්න පුළුවන්.
එහෙම සලකන එක ඔයාලට හරි කරදරයක් වුනත් කරන්න දෙයක් නැහැ. දෙමාපියන්ගේ පැත්තෙන් බැලුවම ඔවුන් මතුකරන තර්කය හරියට ම හරි. ඒ තමා ඔවුන්ගේ ආදරයේ තරම. මෙහෙම කිව්වා කියලා අපි එක්ක තරහා වෙන්න එපා. එහෙම වුනාම කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසන එකයි.
2. එයාලගේ නිතිය තමා නිතිය
සමහර වෙලාවට ඔයාට පොඩි දරුවෙකුට වගේ වාහනේ ඩ්‍රයිව් කරනකොට එලවන විදිය ගැන කියලා බාධා කරන්නට ඉඩ තියෙනවා. එහෙම වුනාම පොඩ්ඩක් ඉවසගෙන ගිහින් වාහනේ අදාළ ගමනාන්තයෙන් නැවත්තුවට පස්සේ තමන් වාහනේ එලවනකොට පොඩ්ඩක් එක හිතකින් වාහනේ එලවන එකේ වටිනාකම ගැන කියල දෙන්න බලන්න.
සමහර වෙලාවට ඔවුන් ඔයා කියන දේ පිලි නොගන්න පුළුවන්, එහෙම අවස්තාවක ඔයාට වැඩිමල් හෝ බාල සහෝදරයෙක්/ සහෝදරියක් ඉන්නවා නම් එයාලගේ සහය පතන්නත් පුළුවන්. දෙමාපියන් ස්වභාවයෙන්ම කැමතියි, දරුවන් තමන් කියන දේ අහනවට. ඒ හැටි. අනික දැන් ඔවුන් වයසයි, ඔයාලා පොඩි කාලේ ඔවුන් ලබාදුන්නු ඒ තෙරක් නැති ආදරේ ඔවුන් දුර්වල වුනු පසුව වචනයෙන් නොකිව්වත් ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා.
3. අපිත් කවදා හරි වයසට යනවා
දෙමාපියන් සමඟ මොනවා හෝ හේතුවකට තරහ යනවා නම් පොඩ්ඩක් මතක් කරගන්න තමනුත් කවදා හරි ඒ තත්වයට, ඒ වයසට පත් වෙන වග, තමන්ව උපමා කරගෙන ඒ ප්රශ්නය ඔවුන්ගේ ඇසින් බලන්නට පුළුවන් නම් අපි සාමාන්‍යයෙන් දකින දේ ට වඩා වැඩි දෙයක් ඔයා දකීවි.
අනෙක් කාරණාව තමයි, වයසට යද්දි දෙමවුපියනුත් ගෙවන්නෙ පහසු කාල පරිච්ඡේදයක් නොවන වග තේරුම් ගන්න ඕනේ. ඒ අයගෙ පෙනීම, ශක්තිය, මතක ශක්තිය වැනි දේ දුර්වල වීගෙන යාම ඒ අයටත් හිරිහැරයක්. එහෙම වෙන්නේ ඒ අයගේ උවමනාවට නෙවෙයි නේ. එත් වයසට යනකොට එහෙම වෙන එක වලකාලන්නට බැහැ. ඉතින් මේ දුර්වලතා නිසා ඒ අයගෙන වෙන අතපසුවීම් වලට බැන වදින්න තරහ ගන්න කලින් මේ තත්ත්වය මතකයට නගා ගැනීමෙන් අනවශ්‍ය සිත් තැවුල් අඩුවෙන බව නම් අනිවා කියන්නම ඕනේ.
මේවා අපි මෙහෙම ලියන්න කලින් අවුරුදු 2500 ගණනකට කලින් බුදුරජානන් වහන්සේ දේශනා කළා. එය හඳුන්වන්නේ අත්තුපනායික ධර්ම පර්යාය නමින්.
එලෙසින් මතක් කරගැනීම, අපිට අපි සිටින තැනත් ඔවුන් සිටින තැනත් ගැන හරි අදහසක් ගන්නට හැකියාවක් ලැබේවි.
4. ගරු කරන්න
කොතරම් මොන දේවල් කිව්වත් ඔයා නිතරම අමතක නොකර මතක තබා ගත යුතු දෙයක් නම් ඔයා හැමදාමත් ඔවුන්ගේ දරුවා වගයි. එය කවදාවත් අමතක නොකළ යුතු කාරණාවක්. අද ඔයා සිටින්නේ යම් තැනකද ඒ තැනට ඔයාව ගෙන එන්නට ඔවුන් තමන්ගේ දහදිය මහන්සිය ඔයාලා වෙනුවෙන් කැප කල බව මතක තබා ගන්නට උවමනා වෙනවා.
ඔයා ඔයාගේ ලෝකේ ඇතුලේ පළමු වෙනියා හෝ ප්‍රධානියා වෙන්නට පුළුවන්. එහෙත් ඔවුන්ගේ ලෝකේ ඇතුලේ ඔයා සිටින්නේ හැමදාමත් පොඩි දරුවෙක් විදිහටමයි.
දැන් මේ ආටිකල් එක කියවන වෙලාවට සමහර විට ඔයාගේ අම්මා තාත්තා ඔයා අසලට ඇවිදින් කුමක් හෝ කියනවා වෙන්නට පුළුවන්, එහෙම නැති නම් ඔයාගෙන් මොනවා හෝ විමසනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා තරහා නොගෙන ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න, මේ ආටිකල් එක අපි තව ටික වෙලාවකින් මකා දමන්නේ නැහැ, ඕනේ වෙලාවක පුළුවන් මේක කියවන්න. ඔවුන්ට ලැබෙන්නට උවමනා ගෞරවය නොවලහා ලබා දෙන්න. එයයි දෙමාපියන්ගේ එකම සතුට.
කොහොම වුනත් තමන්ගේ දරුවා තමන්ට ආදරේ කරන බව දැනෙන එක තරම් සුන්දර හැඟීමක් දෙමාපියන්ට වෙන කොයින්ද?
5. කවදාහරි
මේ හේතු නිසා එයාල කොයිම වෙලාවක හරි ඔබට බැන වැදුනත් කරන්නට තියෙන්නේ ඉවසගෙන ඉඳලා ඔබේ යාලුවෙක් හිතවතෙක් එහෙම නැතිනම් පෙම්වතිය බිරිඳ එක්ක මේ ගැන කියලා හිත සැහැල්ලු කරගන්න එකයි. එහෙම කියන්නේ එක හේතුවක් නිසයි.
ඒ තමා කවදා හරි ඔබේ ෆෝන් එකේ අම්මා, තාත්තා නමින් එන කෝල් එක සදහටම නවතීවි. මතක් කරන්නටත් දුක්බර වුනත් ඒක තමා යතාර්ථය. වැඩ වැඩි හින්දා එයාලත් එක්ක කරන්න බැරි වෙච්ච සමහර සංවාද කවදාවත් ඉවර කරගන්න බැරිවේවි. ඒ නිසා දෙමවුපියන් ජීවත්ව ඉන්න මොහොතේ ඒ අයත් එක්ක ගෙවන මේ මොහොත පවා මතක හිටින එකක් කරගන්න එක අපේ වැඩක්. මොකද අපි වර්තමානය සහ අනාගතයේ කරන හැමදෙයක්ම, ගන්න හැම තීරණයක් ම අපේ දෙමාපියන් නිසා ඔවුන් අපිව හරි විදියට හැදුව වැඩුව නිසා කරනා තීරණ සහ තීන්දු කියලා කියන්නට පුළුවන්.