දෙමළ නිජබිම් මිත්‍යාව
පරාජය කළ යුත්තේ ග්ලෝබල් ටැමිල් පෝරමය නොව
දෙමළ නිජබිම් මිත්‍යාවයි
"ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානයේ නායකයන් සහ සාමාජිකයන් එංගලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ රැස්වීමක් පැවැත්වීමත්, එයට එරට විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගි වීමත්, එමෙන්ම එම සංවිධානයේ නායකයන් සහ සාමාජිකයන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා වන ගෝඩ්න් බ්‍රවුන් හමුවීමත් තවදුරටත් නැවුම් ප්‍රවෘත්තියක් නොවූවත් එA පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇත. මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු පළමු කාරණය වන්නේ "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානය අවධාරණය කරන සහ ඔවුන් එංගලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීම කුමක් විය හැකිද යන්නයි. මෙම කාරණය නිරවුල් කරගෙන එම කාරණය පරාජයට පත් කිරීමට කටයුතු නොකරන තුරු දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට කටයුතු කිරීම එතරම් ප්‍රතිඵල දායක වන්නේ නැත. වේලුපිල්ලේ ප්රභාකරන් සහ කොටි සංවිධානය විනාශ කළහොත් දෙමළ බෙදුම්වාදය පරාජයට පත්වන බව සමහර පුද්ගලයන් සිතා සිටිය ද එය එA ආකාරයෙන්ම ඉෂ්ඨ නොවූයේ කොටි සංවිධානය බිහිවීමට බලපෑ ප්‍රධාන කාරණය විනාශ නොකර කොටි සංවිධානය පමණක් විනාශ කිරීමට කටයුතු කළ බැවිනි.
සැබවින්ම "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" නම් සංවිධානය විසින් අවධාරණය කරන සහ ඔවුන් එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීම කුමක් විය හැකිද? "ග්ලෝබල් ටැමිල් ෆොaරම්" යනු ලෝකයේ විවිධ රටවල් පුරා විසිරී සිටින මෙරට බෙදා වෙන් කිරීමට කටයුතු කරන සංවිධානවල එකමුතුවකින් කැඳවන ලද සමුළුවකි. මෙම සමුළුවට සහභාගි වූ සියලු දෙමළ බෙදුම්වාදී පාර්ශ්වයන්ගේ එකම අවධාරණය වන්නේ ඔවුන් විසින්ම අවධාරණය කරන ඊනියා ඓතිහාසික දෙමළ නිජ භූමියකට නිදහස ලබාගැනීමයි. මෙම සමුළුවට සහභාගි වූ සියලුම දෙමළ බෙදුම්වාදී සංවිධාන අවධාරණය කර සිටින්නේ ඈත අතීතයේදී මෙරට දෙමළ රජවරුන් විසින් පාලනය කොට ඇති බවත්, ඉන් අනතුරුව දෙමළ සහ සිංහල රජවරුන් මෙරට වරින්වර පාලනය කළ බවත් පසු කාලීනව දෙමළ රජවරුන්ගේ පාලනය උතුර සහ නැගෙනහිර පළාත්වලට සීමා වූ බවත්ය. ඉන් අනතුරුව ඊනියා ඓතිහාසික දෙමළ නිජභූමිය පිළිබඳව සඳහන් කරන මෙම බෙදුම්වාදීන් අවධාරණය කරන්නේ අනාදිමත් කාලයක සිට දෙමළ රජවරුන් විසින් පාලනය කළ තම ඓතිහාසික දෙමළ ඊළම පළමුව පෘතුගීසීන්ටත් දෙවනුව ලන්දේසීන්ටත් තුන්වනුව ඉංගී්රසීන්ටත් යටත්වූ බවයි. ඉන් අනතුරුව පසුගිය 23 දා එංගලන්ත පාර්ලිමේන්තු සංකීර්ණයට රැස්වූ දෙමළ බෙදුම්වාදීන් අවධාරණය කරන කරුණ වී තිබෙන්නේ 1948 දී ඉංගී්රසි අධිරාජ්‍යවාදීන් මෙම දූපත හැර යැමේදී තම ඓතිහාසික දෙමළ නිජභූමිය, සිංහල අධිරාජ්‍යයට යටත් කොට ගිය බවයි.
පරාජය කළ යුත්තේ ග්ලෝබල් ටැමිල් පෝරමය නොව
දෙමළ නිජබිම් මිත්‍යාවයි
